Wednesday, August 26, 2026







මෝඩයා උඹ මෝඩයා...!!!




ආදරය කරන බව ඔබට මා

පුරා විසිවසක් නොදත් ඔබ,

මුළු ලොවක් දන්නා 

ඔබ නොදන්නා 

මෙතෙක් කල්

කෙලෙස මා ළඟ ගැවසී,

කුමට මා ළඟ ගැවසී...?



කියන්න එපෑ ඒ බවක්,

ඇයි කිව්වේ නැත්තේ මට

කලින්ම...?



“ඔබ මට ආදරෙයි”

කියන්නට

මම කෙනෙක් හොයාගන්නා කල්

හිටියේ ඇයි ඔබ?



කිවේ ඔබ

විසිවසක් ඉක්මවා

මගේ ලෝකයේ

සියලු හද සේසතම

සොරා ගෙන 

පොදි කරන්,

සිරකරන්,

අරන් ගොස්,

සිදීත් ඉවර වූ පසුත්

ආයේ වෙන කෙනෙකුට දෙන්න 

ඉතිරි කර ගත්තේ නෑ 



ඔබ ආදරය

වෙන අයෙකුට පුදා ඇති බව

දැනගත් මොහොතේම

“යන්න... ඔබ යන්න...”

මෙහි නොසිට තත්ත්පරයක් 

මවෙතින් නික්මී...



ගරු කරමි

ඔබේ ප්‍රේමයට.


ඔබට ඕනේ දේ

දනිමි මම.


දුර ඉඳන්

හැකි සෑම දෙයක්ම

ඔබට කරන්නම්,

ඔබට අවැසි විලස...

මෙතෙක් කල් කළ විලසම 

ඔබටම අවැසි ලෙස 


“යන්න... ඔබ යන්න...

ඉන්න එපා

මා අසලකවත්.”


හිත හදාගන්න මට,

නොමියෙන්න මට,

කියද්දීත්

ඇයි නොගොස්

මෙහි රැඳුණේ?

තවතවත් 

මොනවටද මෙහි රැදුනේ 



“මටත් යන්න බෑ එහෙම...”

ඔබ කියන විලස

මේ හනික

යැයි කියා

මට කිව්වේ...


යනවා නම්

ඔබ යන්නේ

එක කකුලක් මෙහි තබා,

අනෙක් කකුල එහි තබා,

අඩමානව සිටින

මේ මොහොත

ඉක්මණින් පසුකරන්,

සදහටම

කකුල් දෙකම එහි තබාගත්

පසුව බව...


දැන දැනත්

මම සිටියේ...


කුමකටදැයි

නොදත් ඔබ,

තව තවත් ළඟ ඉඳන්,

ගිහිල්ලත් සිටින්නේ...

මොනවටද?



මගේ ගත් හද ණය

ගෙවන්නට නම් නොවේ,

තව තවත් ණය වෙන්න බව

දැන දැනත්

මම සිටියේ...


කුමට බව

ඔබ නොදත්,

බව දැනත්

තව තවත්

මම සිටිමි...


වෙන තැනකට

පියාසර කරන්නට තරම්

තවත් හද පණ කොදක්වත්

ඉතිරිම ඉතිරි නැතිව...


එකපාර,

හිටිහැටියේ,

ඉගිළ යන ආදරය

කරන්නට

ඔබට හැකි වූ විලස

නොහැකි මට...



ලෝකයා හිනාවෙයි


“මෝඩයා...

උඹ මෝඩයා...”


උඹව අන්දන් හොඳටෝම,

ගලවනවා උඹේ

හද සේසතම...


දැන්වත්

උඹට ආදරය කරන එකෙකුට

කරාපන් ඔය උඹේ

ගොබ්බම ගොබ්බ

ආදරය...


“මෝඩයා...

උඹ මෝඩයා...”




Saturday, August 8, 2026




හිටිහැටියේ "සිරගෙවල්" (සහ "වංශවත් සොරුන්") "කුලප්පුවීම" 


හදිසියේ, එකපාර, සිරගෙවල් හිටිහැටියේ මේ කුලප්පුවීම සහ අධිකරණයෙන් චෝදනා ලත් එතෙක් මෙතෙක් සිටි ඉතාමත් ඉහළ නිළධාරීන් සිරගෙවල් වලට ගාල් කිරීම අතර කිනම් සහසම්බන්ධතාවක් ඇතිදැයි සෙවීමට මා නිතැතින් ම බලකරයි.

නිකමට වගේ දකින්න අහන්න නම් ලැබෙන්නේ සිර මැදිරි ප්‍රමාණවත් නොවීම, එකට දස ගුණයක පිරිසක් සිරගෙවල වල තැබීමෙන් ලද පීඩනය, සිරගෙවලට කුඩු ආදී මත්ද්‍රව්‍යය නොලැබීම ... යනාදිය නිසා සිරගෙවල් කුලප්පු ව ඇති බවයි. 

නමුත්, පාස්කු ප්‍රහාරයේ ඇතැම් චුදිතයින්ට අධිකරණයෙන් දඩුවම් ලද විගසින් පසුදා සිට හිටිහැටියේ සිරගෙවල් මේ හදිසියේ කුලප්පු වෙන්නේ අදෝමැයි මට මේ ඇති තතු සෙවීමේ කුහුලක් ඇතිව තිබේ.

කෙසේ නමුත් මේ උක්ත සාධක අතර කිනම් හෝ සහේතුක ප්‍රත්‍යානුප්‍රත්‍ය දැඩි සබදතාවක් නම් මනාව දිස් වේ. එනම් අධිකරණයෙන් දඩුවම් ලබා  ක්‍රමයෙන් සිරමැදිරි වලට ගාල් වන එතෙක් මෙතෙක් සිටි මහේශාක්‍ය අධිපති වංශවත් පිරිස් හෝ ඒ අය විසින් සෘජුව මෙහෙයවන ලද අන්තේවාසිකයින් සහ දැනට සිරමැදිරි වල සිටින පිරිස් අතර වඩා විශ්වාසදායි අකම්පිත ආලයක් සහ අනුජාත සදාතනික ලීලයක් පවතින බව නම් සැක නැත. 

වංශවතුන්ගේ ඇතැමුන් පසුගිය කාලයේ මහජන ධනය රාජ්‍යය දේපල ඉතාමත් නිර්ලජ්ජිතව සොරාකෑම නිසා ම අප අද ඉතාමත් ඉහළ රාජ්‍යය බද්දක් දෛනික වැටුපේ සිට රජයට ගෙවමින් සිටිමු. රටක් ලෙස මේ මොහොතේ බහුතරයක් මේ රටේ මිනිසුන් ජීවත්වෙන්නේ එකට හතරගුණය ඉක්ම වූ ජිවන වියදමක් අනවශ්‍ය ලෙස ගෙවමිනි. අනෙක් අතින්, ඉතාමත් අතලොස්සක් පමණක් ඉතාමත් කෙටිකලකින් සීඝ්‍ර ව ආර්ථික දියුණුවක් ලැබීම සහ බහුතරය විසින් ඉහළ බද්දක් ගෙවමින් රාජ්‍යය පවත්වාගෙන කැපී පෙනේ. එමෙන්ම, අනෙක් අතින් මත්ද්‍රව්‍යය උවදුර සමාජීය වසංගත, ආදී නන්විධ ආකාරයෙන් මේ අයුරින් රටේ ආර්ථික පමණක් නොව සමාජීය -සංස්කෘතික අධ්‍යාපනික අධ්‍යාත්මික ආදී සදාචාර ආචාර සමාචාර පක්ෂය සුණුවිසුණු වීම ඔස්සේ පොදු මහජන සෞඛ්‍යය සහ ජීවිතය අත්‍යන්තයෙන් ම අගාධයකට වැටීම අප නිදහසින් පසු අත්විද ඇති ඉතාමත් අභාග්‍යය වන්නේය. මේ සියලු ආර්ථික සහ සමාජීය දුප්පත්කමේ පත්ලේ සැගව ඇත්තේ රටේ මහජන ශ්‍රමය සහ ධනය බරපතල ආකාරයෙන් සොරාකෑම, එය නීතිය හෝ අධිකරණය මගින් නිසි සේ හසුනොකර රටේ චෞර සිවිල් මහජන බලයක් අධිපති බලැති ජන මතය සහ කැමැත්ත බවට පත්කරගෙන එය පවුල පාසල ආගම ඔස්සේ මෙතෙක් ආරක්ෂා කිරීමය. 

එක්කෝ වී ඇත්තේ රටේ ඉතාමත් අහිංසක දුර්වල දුප්පත් මිනිසුන් පමණක් සිරගෙවලට යවා ඔවුන් එතෙක් මෙතෙක් හසුරවන ලද වුන් අප ඉදිරියේ වංශවතුන් ලෙස සමාජයේ සංස්කෘතියේ ආර්ථිකයේ අධිපතින් ලෙස ව්‍යාජ ව පෙනී සිටීමයි. හෝ එසේ නැතිනම්, එසේම  එතෙක් මෙතෙක් සොරුන් මන්පහරන්නන් ලෙස අපරාධකරුවන් බවට පත් කල දැන් දැන් මේ සිරගෙවල් වලට යන ඉහළ වංශවත් අධිපති ඉහළ නිලතල දරණ මිනිසුන් දැන් අප ඉදිරියේ සැබෑ අපරාධකරුවන් බවට පත්ව එකිනෙකා අධිකරණය විසින් අපරාධකරුවන් බවට පත් කිරීමයි.  මේ හිටිහැටියේ සිරගෙවල් කුලප්පුවන්නේ උනුන් කවදාවත් නොසිතු ආකාරයෙන්, අප එතෙක් මෙතෙක් සමාජයේ නොදැක්ක ආකාරයෙන් වංශවතුන් සහ උනුන්ගේ අන්තේවාසිකයින් යන දෙපිරිසම සිරගෙවල්  වල එකට සහවාසයකට පත්වීම නිසාද ?   

අපරාධය ඇතිවෙන්නේ අධිපති සංස්කෘතියේ මෙහෙයවීම මත බවත්, බලවත් ආධිපත්‍යයික සමාජීය සංස්කෘතික වටිනාකම් සහ ධර්මතා අනුව මෙහෙයවීම සමාජයේ ඇති නැති පරතරය වැඩිකිරීමට හේතුවන බවත් අන්තෝනියෝ ග්රම්ස්කි දක්වයි. ඒ ඔහුගේ සංස්කෘතික ආධිපත්‍යය නමැති නිබන්ධය ඔස්සේය.  ආර්ථික පරිහානියේ රහස සංස්කෘතියේ දුප්පත්කම හෙවත් අධිපති වංශවත් නමින් දුෂිත ව්‍යාජ මිත්‍යා වටිනාකමක් රෝපණය කිරීමෙන් සුළුතරයක් සමාජයේ ඉහළ පැලැන්තිය බවට පත්වීමෙනි. ,ඒ ආධිපත්‍යයික බලය ඔස්සේ සංස්කෘතියත්, සංස්කෘතික වටිනාකම් ඉස්සරහට දමා මහජන කැමැත්ත සහ විශ්වාසය දිනා ගැනීමත්, මේ සංස්කෘතික සුත්‍රය ඔස්සේ සමාජීය ආධිපත්‍යය ( Power → Culture → Consent → Hegemony) පවත්වාගන්නා ආකාරය මෙහිදී පැහැදිළි  කෙරේ. මේ ආකාරයෙන් සෛද්ධාන්තික ව උක්ත සිරගෙවල් හදිසියේ කුලප්පුවීමත්  සහ මහා ධන බලති වංශවත් අධිපතින් අධිකරණයෙන් අපරාධකරුවන් බවට පත් කර සිරගෙවලට යාමත් අතර ඇති සහසම්බන්ධතාව පැහැදිලි කර ගත හැක. 

මාධ්‍යය ඉදිරියේ චිත්තවේගී ප්‍රේක්ෂාවක් නිර්මාණය කිරීම පිණිස මේ සංසිද්ධිය ප්‍රපංචයක් වන ආකාරය ස්ටුවර්ට් හෝල් විචාරාත්මක සංස්කෘතික සන්නිවේදන අධ්‍යයනයේදී පැහැදිළි  කරයි.

ජෝක් යුන් නමැති විචාරාත්මක අපරාධවිද්‍යාධරයා දක්වන්නේ මේ අයුරින් අධිපති සංස්කෘතික බලය දේශපාලන බලයක් බවට පත්කරගැනීම නිසා සමාජයේ අපරාධමය කාලගුණයක් සකසමින් සමාජ අපගාමිත්වය සහ සමාජ අසමානතාව නිර්මාණය කිරීම දේශපාලන බලය පවත්වාගෙන යාමේ උපකරණයක් ලෙස දක්වයි. 


නිගමනය


ග්‍රැම්ෂියානු (Gramscian) දෘෂ්ටිකෝණයෙන් සලකා බැලූ විට, ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික වශයෙන් අවදානමට ලක්ව ඇති කණ්ඩායම් වැඩි වශයෙන් සමාජීය අන්තීකරණයට (marginalisation) ලක්වීම “සංස්කෘතික ආධිපත්‍යය” (Cultural Hegemony) යන ඇන්ටෝනියෝ ග්‍රැම්ෂිගේ සංකල්පය ඔස්සේ විශ්ලේෂණය කළ හැකිය. ග්‍රැම්ෂි (1971) පෙන්වා දෙන්නේ ආධිපත්‍යය දරන දේශපාලන හා සමාජ-ආර්ථික බල කණ්ඩායම් තම බලය පවත්වාගෙන යන්නේ බලහත්කාරී ආයතනික ක්‍රියාමාර්ග මත පමණක් නොව, පවත්නා සමාජ සම්බන්ධතා සහ බල ව්‍යුහයන් සාධාරණ, ස්වාභාවික හා පිළිගත හැකි යැයි සමාජයට පෙනෙන ආකාරයේ අදහස්, සම්මතයන් සහ “සාමාන්‍ය බුද්ධිය” (common sense) නිර්මාණය කිරීම හා ප්‍රචාරණය කිරීම මගිනි. එබැවින්, දේශපාලන, නීතිමය, මාධ්‍ය හා පරිපාලන ආයතන බාහිරව මධ්‍යස්ථ හා ස්වාධීන ආයතන ලෙස පෙනී සිටියද, ඒවා ක්‍රියාත්මක වන පුළුල් සමාජ බල ව්‍යාප්තිය හා බල සම්බන්ධතා සමඟ සම්බන්ධ කර විවේචනාත්මකව පරීක්ෂා කළ යුතුය.

ස්ටුවර්ට් හෝල් (Stuart Hall) සහ ඔහුගේ සමකාලීන පර්යේෂකයන් මෙම ග්‍රැම්ෂියානු අදහස් අපරාධය, නීතිය හා සාමය, මාධ්‍ය නිරූපණය සහ රාජ්‍ය බලය යන ක්ෂේත්‍ර වෙත පුළුල් කළහ. හෝල් යන අය . (1978) පෙන්වා දෙන්නේ ඇතැම් සමාජ කණ්ඩායම් මාධ්‍ය නිරූපණ, තෝරාගත් ප්‍රවෘත්ති නිෂ්පාදනය සහ “සදාචාරාත්මක භීතිය” (moral panic) වැනි ක්‍රියාවලීන් ඇසුරෙන් සමාජයට තර්ජනයක්, අපරාධකාරී කණ්ඩායමක් හෝ “විකෘති” කණ්ඩායමක් ලෙස නිර්මාණය කළ හැකි බවයි. එවැනි නිරූපණ සහ දේශපාලන කතිකාවන් මගින් ඇතැම් කණ්ඩායම් පිළිබඳ සමාජ අවබෝධය හැඩගස්වා, ඒවාට එරෙහිව නීතිය හා සාමය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිචාර දැඩි කිරීමට දායක විය හැකිය. ඒ අනුව, අපරාධය යනු පුද්ගලයකුගේ පෞද්ගලික හැසිරීමක් පමණක් නොව, මාධ්‍යය, දේශපාලනය, නීතිය, රාජ්‍ය බලය සහ සමාජ බල සම්බන්ධතා මගින් අර්ථකථනය කරනු ලබන සමාජීය නිර්මාණයක් ලෙස ද විශ්ලේෂණය කළ හැකිය.

මෙම න්‍යායික රාමුව සමකාලීන ශ්‍රී ලංකාවට ප්‍රවේශමෙන් යොදාගත් විට, එය ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය සෘජුවම දේශපාලන ප්‍රභූන්ගේ පාලනය යටතේ පවතින බව තහවුරු කරන ප්‍රකාශයක් නොවේ. ඒ වෙනුවට, ඉතිහාසගතව බලවත් දේශපාලන ජාල, ආයතනික අසමානතා, මාධ්‍ය කතිකාවන්, නීතියට හා යුක්තියට ප්‍රවේශ වීමේ අසමානතා සහ සමාජ බල සම්බන්ධතා මගින් බලයෙන් අඩු කණ්ඩායම් අසමාන ලෙස අපරාධකරණයට (criminalisation) හෝ සමාජීය අන්තීකරණයට ලක්විය හැකි ආකාරය විමර්ශනය කිරීමට මෙම න්‍යාය විවේචනාත්මක උපකරණයක් සපයයි. ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාපටිපාටියේ සාධාරණත්වය, විශේෂ ආරක්ෂක නීති භාවිතය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ පවතින විවේචනාත්මක අවධානය සැලකිල්ලට ගත් විට මෙම විශ්ලේෂණය විශේෂයෙන් වැදගත් වේ. එමෙන්ම, දේශපාලන අර්බුද සහ ආතතිකාරී අවස්ථාවන්හිදී අධිකරණය විසින් ඇතැම් අවස්ථාවලදී තම ආයතනික ස්වාධීනත්වය තහවුරු කර ඇති බව ද පිළිගත යුතුය (Freedom House, 2024).

එබැවින්, ශාස්ත්‍රීය වශයෙන් දැඩි විශ්ලේෂණයක් සිදු කිරීමේදී “අධිකරණ ස්වාධීනත්වය” ව්‍යවස්ථාපිත මූලධර්මයක් ලෙස පවතින තත්ත්වය, නිශ්චිත නඩු සම්බන්ධයෙන් සිදුවන සැබෑ අධිකරණ ක්‍රියාකාරිත්වය, ආයතන කෙරෙහි දේශපාලන බලපෑම් ඇතිවීමේ හැකියාව සහ සමාජයේ ඇතැම් කණ්ඩායම් “විකෘති”, “අපරාධකාරී” හෝ “තර්ජනයක්” ලෙස හඳුන්වා දෙන පුළුල් ආධිපත්‍යවාදී කතිකාව යන කරුණු එකිනෙකින් වෙන්කර විමර්ශනය කළ යුතුය. එබැවින්, සෑම අහිතකර අධිකරණ තීන්දුවක්ම දේශපාලන බලපෑමක් හෝ ආයතනික අල්ලාගැනීමක් (political capture) ලෙස අර්ථකථනය කිරීම මෙම න්‍යායික ප්‍රවේශයේ අරමුණ නොවේ. ඒ වෙනුවට, දේශපාලන බලය, මාධ්‍ය කතිකාව, අපරාධය පිළිබඳ සමාජීය නිර්මාණය, නීතිය, ආයතනික බලය සහ සමාජීය අන්තීකරණය අතර පවතින සම්බන්ධතාවය ක්‍රමානුකූල ආනුභවික පර්යේෂණයක් ඔස්සේ විමර්ශනය කළ යුතු බව මෙම විවේචනාත්මක න්‍යායික ප්‍රවේශය යෝජනා කරයි.


ආශ්‍රේය විමසුම් 

Cardoso, F. H., & Faletto, E. (1979). Dependency and development in Latin America (M. M. Urquidi, Trans.). University of California Press. (Original work published 1969)

Frank, A. G. (1967). Capitalism and underdevelopment in Latin America: Historical studies of Chile and Brazil. Monthly Review Press.

Freedom House. (2024). Freedom in the world 2024: Sri Lanka. Freedom House — Sri Lanka 2024

Freire, P. (1970). Pedagogy of the oppressed. Herder and Herder.

Gramsci, A. (1971). Selections from the prison notebooks (Q. Hoare & G. N. Smith, Eds. & Trans.). International Publishers. (Original work published 1929–1935)

Hall, S., Critcher, C., Jefferson, T., Clarke, J., & Roberts, B. (1978). Policing the crisis: Mugging, the state, and law and order. Macmillan.

Rogers, E. M. (1962). Diffusion of innovations. Free Press of Glencoe.

Schiller, H. I. (1976). Communication and cultural domination. International Arts and Sciences Press.

Servaes, J. (2008). Communication for development and social change. SAGE Publications.


ඡායාරූ ; https://medium.com/@SugyanNanda/cultural-hegemony-2a286b38b1dd


Wednesday, July 29, 2026





 දෙවිනුවර තරුණ ජැන්ඩිපහේ පිරිමි කාවඩි පාතාලය


"පාතාලය" විසින් තරුණ පිරිමින් යොදාගෙන දෙවිනුවර කාවඩි නැටුම් නැටවීම 

"නටන" කොට මිනිස්සු ලස්සන ඇයි ?

"නටන මිනිස්සු ලස්සනයි. අවලස්සන වෙන්නේ නටන්නේ නැති මිනිස්සු."

නටන්නේ රිද්මයකට පෙම් බැදී අය. රිද්මයට ප්‍රේම කරන්නේ ජන්මයෙන් ලද මිනිස් සුවදකින්. ඒ තමයි තමන්ගේ ජීවිතය පිළිබද තමන්ට තියෙන රුචිය, තෘප්තිය සහ ස්වයං වින්දන ආත්ම රාගය. ඒ ආත්ම සරාගී තෘප්තිය මිනිස් සුවදක්,  ප්‍රාණයක් තමන්ට තමන් ජීවත් කරවන්න. මිනිසුන්ට එහෙම ආත්ම රාගයක් නැති තැන හුස්ම ගත්තත්, ලෝකයට පේන්න ශෝභන ලෙස ජිවත් වුවත්, ඔවුන් "මළ  මිනිසුන්" බවට පත්වෙනවා. 

මේ ලිපිය ලියන්න ප්‍රස්තුත වන්නේ මේ දිනවල දකුණේ දෙවිනුවර පෙරහැර ආශ්‍රිත නැටුම කෙරෙහි පාතාලයේ ඇති මෙහෙයුම පිළිබද සංසිද්ධිය සහ එහි නටන තරුණයින්ගේ නර්ථනය, සමාජයේ සඟවා තිබෙන අප්‍රකට අනෙකක් ( පාතාලය ) විසින් අවිඥානික ලෙස මෙහෙයවන ආකාරය පිළිබද වන විචාරාත්මක පුරුෂ විෂයික සංස්කෘතික අනාවරණයකි. එනම් එළියට පෙනෙන නර්තන ( රංග) සංදර්ශනය යට, නමුත් එළියට නොපෙනෙන්න, සැඟව ඇති අරුත පිළිබද විදාරණයකි මේ ලිපියේ අරමුණ වන්නේ. 

මිනිස් මාංශ පේශි සහ අස්ථි වල සංකෝචන සහ ප්‍රසාරණ ඇසුරෙන් බාහිර ට අපට දිස්වන්නේ අපුරු හැඩයකි, රිද්මයකි. රිද්මය සහ හැඩය මානසික  උත්තේජනයේ ප්‍රකාශනයයි. රිද්මය සෞන්දර්යකි. රිද්මය කලාවක්, සුන්දර අංගයක් වන්නේ ම මිනිසාගේ ප්‍රාණය සරාගය තුළින් මතුවීමෙනි. මෙහි "සරාගය" යන්න අදහස් කෙරෙන්නේ වින්දනයට ආශාව ට ඇති ලබ්ධියයි. ආශාව මතු වෙන්නේ රූපයේ රසාස්වාදයෙනි. රූපය මතුවෙන්නේ ඉන්ද්‍රිය පිනවන "රසය" මත ලෝකය අප විසින් හසුකරගැනිමෙනි. රසය මතුවෙන්නේ භාවය පිනවීමෙන් ලබන සුඛ වේදයිතයෙනි. භාවය සහ රසය මුලික කායික ව්‍යවච්චේද විද්‍යාව අනුව මාංශ පේශි සහ ඒ ආශ්‍රිත ස්නායු රසායනික යාන්ත්‍රණයේ පලයෙකි.  සැපයෙන් (සුඛය) සැනහීම අත්‍යන්තයෙන් ම විදවීම හෙවත් වේදනාව ම කරණ කොට ගෙන ඇත්තේය. 

අංග ප්‍රත්‍යංග කරන කොටගෙන කෙරෙන, ලෝකයේ ඇති තාක් සැප දුක් වේදයිත ඇසුරෙන් කෙරෙන ප්‍රසාංගික "අභිනය"  (ඉදිරියට කැඳවාගෙන ගෙනෙන )  සෞන්දර්ය යයි දක්වන්නේ භරතමුණි ය. ඒ නාට්‍ය ශාස්ත්‍රයේ ය ( සොන්ගාධ්‍ය භිනයෝ පේතෝ නාට්‍යමිත්යාභිධියතේ).

නාට්‍යශාස්ත්‍රයේ නර්තනය ප්‍රධාන කොටස් තුනකට වෙන් කරයි. භරතමුණිගේ නාට්‍යශාස්ත්‍රයට අනුව: නාට්‍යය (Nāṭya) යනු මිනිස් ජීවිතය අනුකරණය කරමින් රසය ජනනය කරන, සංගීතය, නර්තනය, අභිනය, සංවාද සහ වේදිකාකරණය එක්වන සම්පූර්ණ රංග කලාවයි. නෘත්ත (Nṛtta) යනු භාව ප්‍රකාශයකින් තොර ශුද්ධ තාලාත්මක නර්තනයයි. නෘත්‍ය (Nṛtya) යනු අභිනය, භාව සහ රසය මඟින් අර්ථය ප්‍රකාශ කරන නර්තනයයි.

"භාව රසාදි විහීනං තු, නෘත්තමිත්‍යභිධීයතේ." මෙහි සිංහල අර්ථය: "භාවය සහ රසය ප්‍රකාශ නොකරන, තාලය සහ ලය මත පදනම් වූ ශුද්ධ චලන නෘත්තය ලෙස හැඳින්වේ." "රසභාවව්‍යඤ්ජනාදි යුක්තං නෘත්‍යමිති කීර්තිතම්." එනම්, "රසය, භාවය සහ අභිනය මඟින් අර්ථය ප්‍රකාශ කරන නර්තනය නෘත්‍යය ලෙස හැඳින්වේ." තවද "අවස්ථානුකෘතිර් නාට්‍යම්." එනම්, "ජීවිතයේ විවිධ අවස්ථා සහ මිනිස් හැසිරීම් අනුකරණය කරමින් ඉදිරිපත් කිරීම නාට්‍යයයි."(හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, 2007).

කාවඩි නර්තනය (Kavadi Attam) යනු ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ හින්දු ආගමික සම්ප්‍රදායට අයත් ප්‍රධාන චාරිත්‍රානුකූල (ritualistic) නර්තන සම්ප්‍රදායයකි. එහි මූලාරම්භය ද්‍රවිඩ හින්දු ආගමික සම්ප්‍රදාය සහ විශේෂයෙන්ම ස්කන්ධ (මුරුගන්) දෙවියන්ගේ වන්දනා චාරිත්‍ර සමඟ සම්බන්ධ වේ. හින්දු පුරාණ කථාවලට අනුව, ඉඩුම්බන් (Idumban) විසින් කන්දක් උරහිස මත රැගෙන යාමේ පුරාවෘත්තය කාවඩි සම්ප්‍රදායේ මූලික පදනම ලෙස සැලකේ. එම පුරාවෘත්තය පදනම් කරගනිමින් භක්තිකයන් කාවඩිය (දෙපස බර සහිත ලී ව්‍යුහයක්) උරහිස මත තබාගෙන ගමන් කිරීම, නැටීම සහ වන්දනා කිරීම මඟින් තම භාරයන් (vows) ඉටු කරන අතර, මෙම චාරිත්‍රය ශරීරය, භක්තිය සහ ආත්මික කැපවීම ඒකාබද්ධ කරන ආගමික කාර්යසාධනයක් ලෙස සැලකේ (කලෝති, 1978; යුන්ගර්, 2002).

ශ්‍රී ලංකාවේ කාවඩි නර්තනය ප්‍රධාන වශයෙන් කතරගම, දෙවිනුවර, නල්ලූර් සහ අනෙකුත් මුරුගන් හා විෂ්ණු දේවාල ආශ්‍රිත පෙරහැරවල දක්නට ලැබෙන අතර, එය ආගමික වන්දනා චාරිත්‍රයක් පමණක් නොව ජන නර්තනය, වීථි ප්‍රාසංගිකත්වය  (street performance), සංගීතය, රිද්මය සහ සාමූහික සංස්කෘතික අනන්‍යතාව  හා එකට බැඳෙන සජීවී සංස්කෘතික ක්‍රියාවලියකි. නර්තනයේදී බෙර, තවිල්, නාදස්වරම්  සහ අනෙකුත් ජන සංගීත භාණ්ඩ සමඟ සංකීර්ණ රිද්ම රටා නිර්මාණය වන අතර, නර්තන ශිල්පීන්ගේ ශරීර චලනය, සමබරතාව, ශාරීරික විනය සහ භක්තිය එකම ප්‍රාසංගිකත්වයක් තුළ ප්‍රකාශ වේ. මේ අනුව, කාවඩි නර්තනය ශරීරය මඟින් ආගමික අර්ථය සන්නිවේදනය කරන (embodied ritual communication) ආකාරයක් ලෙස විග්‍රහ කළ හැකිය (කෙප්ලර්, 2000;ශේෂ්නර්, 2013).

සමාජ හා සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් බලන විට, කාවඩි නර්තනය ආගමික භක්තිය ප්‍රකාශ කරන ක්‍රියාවක් පමණක් නොව, ප්‍රජා සහභාගීත්වය, සාමූහික අනන්‍යතාව සහ සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන කාර්යසාධන සම්ප්‍රදායකි. වික්ටර් ටර්නර් (1969) පෙන්වා දෙන පරිදි, මෙවැනි චාරිත්‍රානුකූල කාර්යසාධන තුළ පුද්ගලයන් සාමාන්‍ය සමාජ භූමිකාවන් ඉක්මවා ගොස් අතරමැදි (liminal) තත්ත්වයකට පිවිසෙන අතර, එහිදී ප්‍රජා කේන්ද්‍රීය (communitas) සාමූහික බැඳීමක් ගොඩනැඟේ. ඒ අනුව, කාවඩි නර්තනය තනි පුද්ගල භක්තියට පමණක් සීමා නොවී, ආගමික ප්‍රජාවක ඒකාබද්ධතාව සහ සංස්කෘතික අඛණ්ඩතාව තහවුරු කරන සමාජ චාරිත්‍රයක් ලෙසද වැදගත් වේ.

විවේචනාත්මක සංස්කෘතික අධ්‍යයන දෘෂ්ටිකෝණයකින්, කාවඩි නර්තනය යනු, ශරීරය, ආගම, පුරුෂ විෂයික භාවය, ජන සංගීතය, රිද්මය සහ පොදු අවකාශය (public space) එකිනෙකට සම්බන්ධ කරන බහුවිධ ප්‍රාසංගික මාදිලියකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ කාවඩි කණ්ඩායම් තරුණ පිරිමින්ගෙන් සමන්විත වීම, නිරාවරණය වූ පුරුෂ ශරීරය, රිද්මයානුකූල ශරීර චලනය සහ සමූහ ප්‍රාසංගිකත්වය මඟින් පුරුෂ විෂයික භාවය, භක්තිය, විනය සහ ප්‍රජා අනන්‍යතාව එකවර සන්නිවේදනය කරන බව පෙන්වා දෙයි. එබැවින් කාවඩි නර්තනය ආගමික චාරිත්‍රයක් පමණක් නොව, ශරීරය මූලික කරගත් (embodied) සමාජ–සංස්කෘතික සන්නිවේදන පද්ධතියක් ලෙසද අවබෝධ කරගත යුතුය (කොනෙල්, 1995; කෙප්ලර්, 2000).

තරුණ පිරිමි නටන කාවඩි නැටුම් නරඹන විට පෙනෙන්නේ ලංකාවේ ආසියානු පිරිමි ශරීරයේ මිශ්‍ර තාණ්ඩව  සහ ලාස්‍ය මුසු නර්තනයෙකි. දෙවිනුවර පසුගිය දිනෙක ඇති වූ  කාවඩි කල්ලි අතර ගැටුම පසුපස තිබෙන පාතාල ලෝකය හෙවත් ප්‍රචණ්ඩ මිනීමැරුම් සමග කුඩු මත්ද්‍රව්‍යය මෙහෙයවන මිනිසුන් සහ දේවාලය, දෙවියන් සහ ජන ප්‍රසාංගික සංස්කෘතික ප්‍රදර්ශනය සමාජීය අලෙවිකරණ මෙවලමක් ලෙස සංස්කෘතික දේශපාලනයක නිරත වන බව පෙනේ. භක්තිය, නර්තනය, පුජාව සහ දෙවියන් ඉදිරියට දමා එකී සංස්කෘතික ප්‍රතිමාන ඇසුරෙන් අප සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ වල් වැදුණු සමාජයක ඉදිව තිබෙන ආධිපත්‍යයික පුරුෂ විෂයික බාහු බල ඇණවුම කුමක්ද යන්න සොයා ගත යුතුව පවතී. 

තරුණ කාවඩි නටන හැඩිදැඩි යෞවන/තරුණ පිරිමි සමග දකුණේ පෙරහැර ආශ්‍රිතව දිගුකාලයක් පුරා නර්තනයේ යෙදෙන "නාච්චි" නමින් හදුන්වන මිනිස් ප්‍රජාව ද සම්බන්ධ වේ. නාච්චි යනු  ගැහැණු ලක්ෂණ පෙන්වන පිරිමි හෝ/සහ ලිංග මාරුවීම් සිදුවෙන හෝ සිදුකරගත් පිරිමි (Transgender) හෝ එවැනි ලක්ෂණ පෙන්වන පිරිමි විසින් සාරි හෝ ස්ත්‍රී ලාස්‍ය ලක්ෂණ පෙන්වන නර්තන ඇදුම් ආයිත්තම් ඇඳ පැළඳ කරන නර්තන සමග මෙම ප්‍රස්තුතය සම්බන්ධ වේ. සෘජුව දෙවිනුවර විෂ්ණු පෙරහරේ නාච්චි ප්‍රජාව නර්තනයේ නොයෙදෙතත් දකුණේ සුප්‍රකට පෙරහැර වලදී මේ නාච්චි ප්‍රජාව නර්තනයේ යෙදීම සුලභය.

කෞශල්‍යය ආරියරත්න (2022) දක්වන ආකාරයට "නාච්චි" යනු ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතික හා සමාජීය පසුබිම තුළ වර්ධනය වූ, බටහිර ලිංගිකත්ව හා ස්ත්‍රී-පුරුෂ සමාජභාව සංකල්පවලට සෘජුවම සමාන කළ නොහැකි, ස්වදේශීය සමාජභාව (indigenous gender identity) අනන්‍යතාවකි. එය වාර්ගික කණ්ඩායමක්, ජාතියක් හෝ කුලයක් නොව, ඉතිහාසය, සංස්කෘතිය, රංග කලාව සහ සමාජ සම්බන්ධතා සමඟ බැඳුණු සුවිශේෂී ප්‍රජා අනන්‍යතාවක් ලෙස හඳුනාගැනේ.

ඉතිහාසඥයන් හා සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, "නාච්චි" යන වචනය උතුරු ඉන්දියානු "Nautch" (නාච්) යන වචනයෙන් බිහි වූ බවයි. එහි මූලික අර්ථය "නර්තනය" හෝ "නර්තන ශිල්පිනිය" වන අතර, 19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ විවාහ මංගල උත්සව, ආගමික උත්සව සහ ප්‍රජා සැමරුම්වල නර්තනය, ගායනය සහ රංගන කටයුතු කළ පිරිසක් හැඳින්වීමට මෙම නාමය භාවිත වූ බව සඳහන් වේ ( පරාක්‍රම ,2024).

සමාජ විද්‍යාඥයන් වන මිලර් සහ නිකොලස්  (2012)  නාච්චි අනන්‍යතාව පිළිබඳ මෙසේ සඳහන් කරති:

"Nachchi was an insider term used by a group of sex workers best conceptualized using Western understandings as both transgender and homosexual."

කෙසේ වෙතත්, මෙම නිර්වචනය එම පර්යේෂණයට සහභාගි වූ විශේෂිත පිරිසකට (වාණිජ ලිංගික සේවයේ නියුතු නාච්චි පිරිසකට) පමණක් අදාළ වන අතර, සියලු නාච්චි පුද්ගලයන් නියෝජනය කරන නිර්වචනයක් ලෙස නොසැලකිය යුතුය. පසුකාලීන පර්යේෂණ මගින් නාච්චි අනන්‍යතාව වඩාත් පුළුල් සංස්කෘතික හා සමාජභාවීය අනන්‍යතාවක් ලෙස විග්‍රහ කරයි (ආරියරත්න ,2025).

නාච්චි ප්‍රජාව යනු උපතේදී පුරුෂ ලිංගය පවරා ඇති නමුත් ස්ත්‍රී සමාජභාවයකින් ජීවත්වන, ස්ත්‍රී අනන්‍යතාව ප්‍රකාශ කරන සහ බොහෝවිට පුරුෂයන් කෙරෙහි ආකර්ෂණයක් දක්වන පුද්ගලයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ස්වදේශීය සමාජභාව ප්‍රජාවකි. එහෙත්, "නාච්චි" යන්න බටහිර "transgender woman" යන සංකල්පයට සමාන පදයක් නොව, ශ්‍රී ලාංකේය සංස්කෘතික ඉතිහාසය තුළ බිහි වූ සුවිශේෂී අනන්‍යතාවක් බව පර්යේෂකයන් අවධාරණය කරයි (එම.).

එමෙන්ම, නාච්චි ප්‍රජාවට තමන්ගේම සමාජ ජාල, ඥාතිත්ව පද්ධති, භාෂාමය ප්‍රකාශන සහ ආගමික-සංස්කෘතික චාරිත්‍ර පැවති බවත්, එමඟින් සමාජයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ට අන්‍යෝන්‍ය සහයෝගීතාව, ආරක්ෂාව සහ අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ගොඩනැගුණු බවත් උක්ත විද්වත් සාහිත්‍යයේ දැක්වේ.

ආගම , මත්ද්‍රව්‍යය සහ පුරුෂ විෂයික පිරිමි සමරිසි සබදතා පිළිබද මා විසින් කලින් කරන ලද  එක්තරා අධ්‍යයනයකින් හෙළිවූයේ  ඇතැම් ලංකාවේ තරුණ බෞද්ධ භික්ෂුන් ට පවතින සමරිසි සබදතා ආශ්‍රිතව මත්ද්‍රව්‍යය, ළමා කාලයේ වැඩිහිටියන්ගෙන් සිදුවූ සමලිංගික අතවර, ආර්ථික සහ සමාජ පීඩන සමග මේ ක්ෂේත්‍රය අන්ත්රාන්ෂික වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක්  අතර (intersectional trajectory) මේ අංශය දීපව්‍යාප්ත වන බවයි(ජිනදාස,2026). 

ලංකාවේ බලය අයථා පරිදි  මෙහෙයවීම ඇතුළේ බරපතල ආකාරයෙන් පිරිමි සමරිසි සබදතා සමග  පුරුෂ විෂයික බාහු බල ආශාව සහ රසය අත්‍යන්තයෙන් ම සක්‍රිය වේ. ස්ත්‍රී කාන්තා ලාස්‍ය මුසු පිරිමි කෙරෙහි ජව සම්පන්න හැඩිදැඩි පිරිමි දක්වන රෝමාන්තික සහ රාගික ආශාව ගැබ්ව තිබෙන ආකාරය දැකිය හැක. මේ සමග පාතාල ලෝකය හෙවත් ලෝකයෙන් සඟවා කරන මානව සැබෑ ආශා රංගය ඇතුළේ පසුගිය කාලය පුරා මෙරට ඇතැම් හෝ බොහෝ  ප්‍රභල දේශපාලකයින්, ව්‍යාපාරිකයින් සහ ඉහළ වෘත්තිකයින් එකිනෙක සම්බන්ධව කටයුතු කරයි. තම තමන්ගේ දුෂිත දිවිපැවැත්ම වසා ගැනීම හෝ දුෂිත ව්‍යාපාර සහ දේශපාලන බල මෙහෙයුම් පවත්වාගෙන යාම සදහා මේ පිරිස මෙහයවිම ඇතුළේ පවතින්නේ සඟවා ගෙන රහ විදින පිරිමි සිරුරේ තාණ්ඩව  සහ ලාස්‍ය මුසු සෞන්දර්යය සරාගයකි. 

අනෙක් අතට, සමරිසි සබදතා මෙන් නොව, පිරිමි පිරිමි අතර ඇති සමාජීය රෝමාන්තික සහෝදර ප්‍රේමය (bromance/homosocial desire)  ( සේද්විග්,1985) රෝමාන්තික සහ සරාගික රසාශාවක් ලෙස සඟවා තෘප්ත කරගන්නා ආකාරය ෆ්රෝයිදියානු "ආශා ශක්තිය" (Libidinal cathexis) (ෆ්‍රොයිඩ් ,1910;1914;1953) සහ ලකානියානු "අතිරේක ආස්වාදය" (Jouissance) (ලකාන්,1977; 1978;1998) පිළිබද මනෝවිශ්ලේෂණය ඔස්සේ පැහැදිලි කල හැක.  

ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ ප්‍රවේශය අනුව, පුරුෂ–පුරුෂ සබදතාවන්හි ගැබ්වෙන ආදරය හා ලිංගික ආශාව යනු සරලව ජීව විද්‍යාත්මක හෝ සමාජීය තේරීමක් නොවේ. මෙය අවිඥානික ආශාව (unconscious desire), ලිබිඩෝ (libido), හඳුනාගැනීම (identification), සහ ආශා වස්තු තේරීම (object choice) යන මනෝ ක්‍රියාවලීන් ඇසුරෙන් ගොඩනැගෙන සංකීර්ණ මිනිස් අත්දැකීමක් ලෙස විග්‍රහ කළ හැක. ෆ්‍රොයිඩ්ගේ අදහස අනුව ලිංගිකත්වය උපතේ සිටම විවිධ හැකියාවන් සහිත (polymorphously perverse) ස්වභාවයක් ගනි. නමුත්, පසුව සමාජීය හා මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් ඔස්සේ එය විශේෂිත ආශා දිශාවන්ට සංවිධානය වේ. මේ අනුව, සමරිසි ආශාව (same-sex desire) යනු මනෝ ව්‍යාධියක් නොවේ; එය පුද්ගලයාගේ ලිබිඩෝ ( ගැඹුරු ආශා) ශක්තිය නිශ්චිත ආශා වස්තුවක් වෙත යොමුවීමක් ලෙස විග්‍රහ කළ හැක. ෆ්‍රොයිඩ්ගේ "වස්තු තේරීම" (object choice) නැමති සංකල්පය අනුව පුද්ගලයාගේ ආදර සහ ලිංගික ආකර්ෂණය කා වෙත යොමු වේද යන්න අවිඥානික මනෝ ව්‍යුහයන්, ළමා අවධියේ හඳුනාගැනීම් සහ අත්දැකීම් සමඟ සම්බන්ධ වේ. එමෙන්ම මෙය "ස්වරූප කාමරාගී වස්තු කෙරෙහි පවතින රුචිය (narcissistic object choice) සහ "තමාගේ රසාශය හදුනාගැනීම" (identification) යන සංකල්ප මගින් පුද්ගලයා තමන්ගේම රූපය, පුරුෂත්වය, හෝ ආත්මීය අර්ථය සමඟ සම්බන්ධ වන ආකාරය විශ්ලේෂණය කළ හැක. එබැවින් ෆ්‍රොයිඩියානු රාමුව තුළ පුරුෂ–පුරුෂ ආදරය යනු "අනන්‍යතාවයක්" පමණක් නොවේ; එය, අවිඥානික ආශා ගතිකත්වයන්, ලිබිඩෝ ආයෝජනය (libidinal investment), සහ ආශාවේ වස්තු තේරීම ඔස්සේ  නිර්මාණය වන මනෝ ක්‍රියාවලියකි.

ලකානියානු මනෝවිශ්ලේෂණය තුළ පුරුෂ–පුරුෂ ආදරය හා ලිංගික ආශාව විග්‍රහ කරන්නේ පුද්ගලයාගේ ස්වභාවික ලිංගික නැඹුරුවක් ලෙස පමණක් නොවේ; එය, භාෂාව, සමාජ අර්ථ, අවිඥානය සහ "අනෙකා" (the Other) සමඟ ඇති සම්බන්ධතාව තුළ නිර්මාණය වන ආශාමය ස්ථානයක් (subject position) ලෙස සැලකේ. ලකාන්ගේ අදහස අනුව "ආශාව යනු අනෙකාගේ ආශාවයි" (desire is the desire of the Other), එනම් පුද්ගලයාගේ ආශාව ඔහුගේ පෞද්ගලික කැමැත්තකින් පමණක් සිදු නොවේ;එය සංස්කෘතිය, භාෂාව, සමාජ සම්මතයන් සහ පිළිගැනීමේ අවශ්‍යතාව මගින් හැඩගැසෙයි. මෙම රාමුව තුළ පුරුෂ–පුරුෂ ආදර සම්බන්ධතා "ආශාවේ හේතුකාරක වස්තුව" (objet petit a (object cause of desire) ) යන සංකල්පය මගින් විග්‍රහ කළ හැකි හැකිය; ඒ කෙරෙහි, ආදරයට ලක්වන පුද්ගලයා පමණක් නොව, ඔහු නියෝජනය කරන අවිඥානික අර්ථය, හිඟය (lack), පිළිගැනීම හෝ ආශාවේ පරමාදර්ශයද පිරිමි -පිරිමි කෙරෙහි ආකර්ෂණයේ මූලාශ්‍රයක් වේ. එමෙන්ම සංකේතීය පද්ධතිය (Symbolic Order ) ඔස්සේ ද  පුරුෂත්වය, විෂමලිංගික සම්මතයන් (heteronormativity), සමාජ තහංචි සහ ලිංගික අනන්‍යතා ගොඩනැගෙන ආකාරය විශ්ලේෂණය කළ හැක. ලකානියානු දෘෂ්ටියෙන්, පුරුෂ–පුරුෂ ආශාව යනු සමාජ සම්මතයන්ට පිටතින් පවතින දෙයක් නොව, එම සම්මතයන් තුළම අර්ථ ගොඩනගන, සාකච්ඡා කරන සහ නැවත නිර්මාණය කරන අවිඥානික ආශා ක්‍රියාවලියකි.

මේ අනුව, එළියේ ප්‍රසිද්ධ ව පෙන්විය නොහැකි නමුත් සැබවින්ම මානවයා ශිෂ්ඨාචාරය තුළ අත්‍යන්තයෙන් ම අපුරු ලෙස වින්දනය කල පිරිමි සිරුරු වල පිහිටන ආධිපත්‍යයික සහ හාත්පස වසා පැතිර යන පිරිමි බාහු බල යෙදවීම විසින් ම ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ සම්මතය අභියෝගයට ලෝක කරන ආකාරය මේ උක්ත මනෝ විශ්ලේෂණ සාකච්ඡාවෙන් මතු කෙරෙයි. මේ ඔස්සේ දෙවිනුවර කාවඩි නැටුම සම්බන්ධ කතාන්දරය ආශ්‍රිත මේ තරුණ පිරිමින්ගේ කාවඩි නැටුම සංකේතාත්මක ව එළියෙන් ගත්විට මත්ද්‍රව්‍යය අලෙවිකරණ ප්‍රචාරණ වැඩසටහනක් ලෙස ඇඟවුම් කෙරේ; අනෙක් අතින් අප ප්‍රසිද්ධියේ එළිපිට කතානොකරන අපගේ සමාජය ඉදිරියේ සඟවා රහසේ රසවිදින මනෝ ආශයන් (පාතාලය  ඖපචාරිකය ලෙස උපමා රූපකය ලෙස ගෙන) පිළිබද සමාජ මානව විද්‍යාත්මක පැතිකඩක් ඉන් අනාවරණය කෙරෙන බව මගේ තර්කනයයි. එනම්  අසම්මත යයි ලෝකය අනුදක්නා චර්යා සියල්ල එකවර මේ උක්ත සංසිද්ධිය, අප  ඉදිරියේ මුදාහරින්නේ පාතාලය සහ අසම්මත මත්ද්‍රව්‍යය යන ඖපචාරික (Metaphor and metonymy) සමාජ කේත සන්නිවේදනයක් (Social symbolic communication) ලෙස යොදාගනිමින් යන්න මාගේ තර්කනයයි.

නටන කොට මිනිස්සු ලස්සන වෙන්නත් නටන්නේ නැති මිනිස්සු කැත වෙන්නත් හේතුව නටන්න නටන්න මිනිස්සු සම්මතය ඉදිරියේ එය අභියෝගයට ලක් කරන නිසා නොවේද? එවිට රටේ නීතිය හෝ සදාචාරය හෝ සම්මතය හෝ ශිෂ්ඨ කම බල්ලට දමා එළිපිට ඉදිරියට එන්නේ ඒ රටේ මිනිසුන්ගේ ඇත්ත සැබෑ මහපොළොවේ ආශා අවශ්‍යතා පමණක් නොවේ. එනම්,  සාදු ශිෂ්ඨ වංශවත් ජනයා සුදු රෙද්ද යට සැඟ ව සිට නීතිය සදාචාරය සහ සභ්‍යත්වය යන ශිෂ්ඨ සම්මත සාදු සංස්කෘතික වටිනාකම් ප්‍රමිති මේ ඔක්කොම තමන් විසින් සපුරා ලන පිළිපදින බව මින් සමාජයට ඇඟවුම් කරයි. අර සමාජය ඉදිරියේ සඟවා තබන අශිෂ්ඨ යයි කියන මිනිසුන් සියල්ලන්ගෙන් තමන්ගේ සැඟව ඇති සියලු කායික මානසික ආශා සංසිදවා ලන බෞද්ධ හෝ අබෞද්ධ භික්ෂුන් , හෝ  පුජකයින් , දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, උගතුන් යන මේ සියලු සමාජය අරා ඉහළින් වන්ජබෙන උත්තුංග උසස් පන්තියේ මිනිස්සු පාතාලය ඉදිරියට දමා තමන්ගේ ඇත්ත අවශ්‍යතා රිසි සේ සාමජයට හොරා තෘප්ත කරගනිති. මේ ඔස්සේ මෙකි සාදු ජනයා රටේ තරුණ මිනිසුන්ගේ ඇත්ත මහපොළොවේ ආශා සභ්‍යත්ව සංස්කෘතික කඩතුරාවෙන් වසා සඟවා දමයි.  මේ පිරිවැසුම ඔස්සේ සුපිරි ප්‍රභූ පන්තිය පෙනීසිටින්නේ සභ්‍ය ශිෂ්ඨ සම්මත පිරිසක් ලෙස ය, නමුත්  බොහෝ දෙනා සැඟව තමන්ගේ ජිවිත පවත්වාගෙන යන්නේ පාතාල ලෝකයේ ප්‍රචණ්ඩ අශිෂ්ඨ අසම්මත යයි තමන් විසින්ම නෛතික පුස්තක ව්‍යවස්ථා බවට පත්කරගෙන තිබෙන වගන්ති ප්‍රකාරව ම ය. 

මත්ද්‍රව්‍යය අවශ්‍ය වන්නේ කුමකටද ? මත්පැන් අවශ්‍ය වන්නේ කුමකටද මිනිසුන්ට ? ඒ මදකට සැබෑ ලෝකයෙන් වියුක්තව සිහින ලෝකයක පියාසර කිරීමටය; එය වින්දනයකි, මධු විතකි, සරාගයකි,සම්මතය ඉක්මවූ අසම්මත අශිෂ්ඨ සිහිනයකි මනසේ මායා රංගයෙන් මෝහනයට පත් වූ.  ඉන්දියාවේ රෝමන්තික චිත්‍ර පට පෙන්වා මිනිසුන්ගේ කුස ගින්න පමණක් නොව එරටේ සියලු ප්‍රශ්න දේශපාලකයින් ඇතුළු ව්‍යපාරිකයින් උගතුන් ආදිය සාමන්‍යය ජනයාගෙන් වහන් කරන්නේ සැබෑ ලෝකයේ සත්‍ය තතු මේ සිහින චිත්‍රපට මගිනි. ලංකාවේ එය කරන්නේ දැනගෙන හෝ නොදැන මත්ද්‍රව්‍යය වලින් සහ පාතාල ප්‍රචණ්ඩ පුරුෂ විෂයික බාහු බල කාවඩි නටන තරුණ ප්‍රජාවක් බිහිකරමිනි. මේ පසුපස තිබෙන්නේ මිනිසුන්ගේ ජිවිතයේ සැබෑ මහපොළොවේ ආශා වසාලන ව්‍යවස්ථා නීති අණපනත් ඇතුළු ආගමික සංස්කෘතික සමාජීය සභ්‍යත්ව යන ව්‍යාජ දුෂිත සභ්‍යත්ව - සංස්කෘතික ( හොද - නරක  පිළිබද ) දේශපාලන බල ව්‍යාපෘතියකි. 

දෙවිනුවර පෙරහැරේ  නටන ලස්සන කඩවසම් ධීවර තරුණ පිරිමි මිනිසුන්ගේ කාවඩි හිටිහැටියේ පාතාල කල්ලියකගේ දුරකථනයකින් වසන්න ට තරම් රජය ඇතුළු පොලිස් ආරක්ෂක අංශ ඉක්මන් වන්නේය;  නැවත හනික එය ඉවත්කර ලොකුම ලොකු රාජ්‍යය ආරක්ෂාවක් දී නැවත පාතාල කල්ලි වල අණ නොතකා රජයකට දෙවිනුවර දෙවියන්ගේ බලය ටත් වඩා බලයක් ගෙන එන්න හැකිව නැවත රිසි පරිදි කාවඩි නැටුම් නටන්න අවසර දෙන්නත් හැකි වෙන්නේය. ඒ මේ පවතින සමාජයට ( රාජ්‍යයට ) මත්ද්‍රව්‍යය සහ පාතාලය හෝ වෙන යම් පුරුෂ විෂයික බාහු බල ප්‍රචණ්ඩ ආධිපත්‍යයික බලයකට අනුව නැටවෙන්න හැකි වෙන්නේය. ඒ මේ අප ජීවත්වෙන සමාජය ඇත්ත  හංගා සඟවා තබා ව්‍යාජය බොරුව මතින් තමන්ගේ සියලු ඇත්ත අවශ්‍යතා තෘප්ත කරගන්නා නිසාය. අපගේ සැබෑ ආශාව පාතාල කල්ලි මත ප්‍රචණ්ඩත්වය මතින් ඉටු කරගන්න තරම් තවමත් මේ තරම් අප වෙසෙන ගෝලීය දකුණේ සංස්කෘතික සමාජය වංක රාජ්‍යයක් පවත්වාගෙන යන්නේය යන්න මගේ තර්කනයයි. 

දෙවිනුවර දේවාලයේ වාර්ෂිකව පවත්වන කාවඩි නර්තනය මෙතරම් තරුණ පිරිමින්ගේ දාහය නිවාලන්නේය; ඒ මේ සඟවාගෙන කෙරෙන සියලු රහසිගත චර්යාවන්හි මනෝ පීඩන ස්වරය එකවර මුදාහරින නර්තනයක් වීමෙනි. අප තවමත් ජීවත්වෙන්නේ සිතෙන් හදා ගත් නමුත් ඇස පනා පිට දිස් වෙන වේදිකා නාට්‍යයක රංගයකින් මුසපත් ව සිටින මිනිස් සිතෙන් ම හදා ගත් මායාවී සිහිනයක ය; " භරතමුණිට අනුව නාට්‍යය යනු සියලුම විද්‍යා, කලා, ජීවන අත්දැකීම් සහ මනුෂ්‍ය හැසිරීම් එකට එකතු කරන සම්පූර්ණ කලා මාධ්‍යයකි. එය සමාජය, ආගම, දර්ශනය, සදාචාරය සහ මිනිස් ජීවිතය පිළිබිඹු කරන "පංචම වේදය" ලෙසද සැලකේ(හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, 2007).

ජෝඅන්නා කිඉලිනොහොමොකු (Joann Kealiinohomoku,1976) දක්වන පරිදි "නර්තනය යනු, අවකාශය තුළ මිනිස් ශරීරයේ චේතනාන්විත හා රිද්මයානුකූල චලනයන් මගින් ප්‍රකාශ වන කාලික කලාත්මක ප්‍රකාශනයකි. එය අරමුණු සහිතව තෝරාගත් හා පාලනය කරන ලද ශරීර චලන රටා මත පදනම් වේ; එම චලනයන් යම් සංස්කෘතියක නර්තන සම්ප්‍රදායට අනුව නර්තනයක් ලෙස රංගන ශිල්පීන් සහ ප්‍රේක්ෂකයන් විසින් හඳුනාගෙන පිළිගනු ලබයි." මිනිසුන්ගේ සැබෑ රෝමන්ත්තිකය සහ ආශාව යටගසා එමගින් ම මතුවෙන ප්‍රභූ ජනප්‍රිය සම්මත ලෝකයේ අධිපතින් ජීවත්වෙන්නේ මේ රංගය මත තවත් රංගයක කොටු වීමෙනි. 

ජුඩිත් ලින්නේ හන්නා (Judith Lynne Hanna,1987) දක්වන පරිදි "නර්තනය යනු, නිශ්චිත අරමුණක් මත පදනම්ව, චේතනාන්විතව රිද්මයානුකූල ලෙස සංවිධානය කරන ලද, සංස්කෘතික සම්මතයන් හා රටාවන්ට අනුකූල වූ, අවාචික ශරීර චලන අනුක්‍රමවලින් සමන්විත මානව හැසිරීම් ආකාරයකි." ඒ අනුව , අපි බොහෝ දේ අවාචිකව අප්‍රකටව ප්‍රකාශ කරගන්නෝ වෙමු.

ලංකාවේ තරුණ මිනිසුන්ගේ සැබෑ ආශා අවශ්‍යතා යට ගසා ඒවා පෙරහැර වල විස්තාරණය වේ. දෙවිනුවර කාවඩි නර්තනය යනු, කාලය හා අවකාශය යන මාන දෙක තුළ ක්‍රමවත් ලෙස සංවිධානය කරන ලද, මිනිස් ශරීරයේ චේතනාන්විත, රිද්මයානුකූල හා ප්‍රකාශනශීලී චලන මාලාවක් මඟින් සෞන්දර්යාත්මක, චිත්තවේගීය, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාත්මික අර්ථයන් නිර්මාණය කිරීම හා සන්නිවේදනය කිරීම අරමුණු කරගත් ප්‍රකාශන කලාවකි.

නුතන සන්නිවේදන විද්‍යාව සහ විචාරාත්මක සංස්කෘතික සහ මානව විද්‍යා මිශ්‍ර කායික ව්‍යවවිච්චේද භෞතික විද්‍යා දැනුම ට අනුව ශරිරාත්මක සන්නිවේදනය (embodied communication) ඔස්සේ නිර්වචනය කරන විට, "නර්තනය යනු, කාලය හා අවකාශය තුළ මිනිස් ශරීරයේ චේතනාන්විත, අරමුණු සහිත හා රිද්මයානුකූල චලන සංවිධානයක් මඟින් හැඟීම්, අදහස්, කථාන්දර සහ සංස්කෘතික අර්ථයන් ප්‍රකාශ කරන කලාත්මක ප්‍රකාශනයකි. භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රය අනුව නර්තනය භාව (Bhāva) ප්‍රකාශ කරමින් ප්‍රේක්ෂකයා තුළ රස (Rasa) නම් සෞන්දර්යාත්මක අත්දැකීම උද්දීපනය කරයි. එමෙන්ම, නූතන නර්තන විද්වත් දෘෂ්ටිකෝණයට අනුව, නර්තනය යනු කලාත්මක, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාත්මික අර්ථයන් සම්ප්‍රේෂණය කරන, ශරීරාත්මක (Embodied) විශ්වීය සන්නිවේදන ක්‍රමයකි." 

නාට්‍යය පිළිබඳ භරතමුණිගේ නිර්වචනය වන්නේ "න තජ් ජ්ඤානං න තච් ශිල්පං, න සා විද්‍යා න සා කලා , නාසෞ යෝගෝ න තත් කර්ම, නාට්‍යේස්මින් යන්න දෘශ්‍යතේ  ", එහි සිංහල අරුත වන්නේ , "නාට්‍යය තුළ දක්නට නොලැබෙන මෙලොව ඇති එවැනි දැනුමක් නැත; ශිල්පයක් නැත; විද්‍යාවක් නැත; කලාවක් නැත; යෝගයක් නැත; කර්මයක් නැත(හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, 2007). කැනේඩියානු - ඇමරිකානු  සමාජ මනෝවිද්‍යාඥ ඉර්වින් ගොෆ්මන් ට අනුව නර්තනය, නාට්‍යය, රංගය මගින් සත්‍යය යටපත් කර තිරය පසුපස ඇති සැබෑ සත්‍යය (backstage ), එළිපිට ව්‍යාජ සත්‍යයක් ලෙස රංග ගත කරන ආකාරය (front stage) ඇසුරෙන් අප දෛනික ජිවත්වෙන ආකාරය  (The Presentation of Self in Everyday Life) එසේ වන දෙයක් බව දක්වයි (1959).


නිගමනය 

දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ( රාජ්‍යය ) විසින් ආරක්ෂක හේතු මත තාවකාලික සීමා පැනවීම, සාම්ප්‍රදායික ආගමික චාරිත්‍රයක් තුළ සංස්කෘතික ප්‍රාසංගිකත්වය, රාජ්‍ය ආරක්ෂාව සහ සමාජ බල ව්‍යුහයන් අතර පවතින සංකීර්ණ සම්බන්ධතාව පිළිබඳ නව සංවාදයක් විවෘත කරයි. නිල වාර්තා අනුව මෙම තීරණයට පදනම් වූයේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ඇතිවිය හැකි ගැටුම් පිළිබඳ බුද්ධි තොරතුරු ය; එමඟින් ප්‍රධාන වශයෙන් අවධාරණය වන්නේ ආගමික උත්සවය නොව, එහි ආරක්ෂාව පිළිබඳ රාජ්‍යයේ වගකීමයි. එහෙත් සංස්කෘතික අධ්‍යයන දෘෂ්ටිකෝණයකින් බැලූ විට, මෙම සිදුවීම සංස්කෘතික අවකාශයන් කෙරෙහි බලය සඳහා විවිධ සමාජ කණ්ඩායම් අතර ඇතිවන තරගය පිළිබඳ උදාහරණයක් ලෙසද විග්‍රහ කළ හැකිය (ටර්නර්, 1969; කොනෙල්, 1995).

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තනයේ ප්‍රධාන දායකත්වය දරන්නේ තරුණ ධීවර පිරිමි කණ්ඩායම් වීම විශේෂ සමාජ විද්‍යාත්මක වැදගත්කමක් දරයි. එක සරමකට රුපියල් පනස් දහසක් ,තිස්පන්දහසක් වැනි මුදලක් වියදම් කරන්නේ කෙසේද? එය දේව භක්තිය ද නැතිනම් මත්ද්‍රව්‍යය හෝ වෙනත් අනුග්‍රාහක අලෙවිකරණ ප්‍රචාරණයක් ද? ඔවුන්ගේ කයේ යටට සරම පමණක් හැද, නිරාවරණය වූ උඩුකය, රිද්මයට අනුකූල වූ ශක්තිමත් චලනයන්, දිගු කාලයක් පුරා ශාරීරික වෙහෙස දරාගෙන නර්තනය කිරීම සහ සමූහ විනය, පුරුෂ ශරීරය සමාජ හා සංස්කෘතික වශයෙන් නිර්මාණය වන ආකාරය පැහැදිලි කරයි. රෝවන් කොනෙල් (1995) පෙන්වා දෙන පරිදි, පුරුෂ විෂයික භාවය  යනු ස්ථාවර ජීව විද්‍යාත්මක ගුණයක් නොව, සමාජය තුළ නැවත නැවතත් ප්‍රාසංගිකත්වය (performance) දක්වන සංස්කෘතික අනන්‍යතාවකි. කාවඩි නර්තනයේදී මෙම ප්‍රාසංගිකත්වය භක්තිය, විනය, ශාරීරික ශක්තිය සහ සාමූහික වගකීම සමඟ බැඳී පවතින අතර, එය ප්‍රචණ්ඩත්වය හෝ ආධිපත්‍යය පමණක් නොව, ආගමික කැපවීමද ප්‍රදර්ශනය කරන්නකි.

එහෙත් නූතන ශ්‍රී ලංකාව තුළ මෙම සාම්ප්‍රදායික පුරුෂ ප්‍රාසංගිකත්වය තවදුරටත් හුදකලා සංස්කෘතික ක්ෂේත්‍රයක් නොවේ. එය ඩිජිටල් මාධ්‍ය, සමාජ මාධ්‍ය වේදිකා සහ ජංගම දුරකථන වීඩියෝ මඟින් නිරන්තරයෙන් පටිගත කරනු ලබන, ප්‍රචාරණය සහ නැවත අර්ථකථනය කරනු ලබන දෙයකි. මේ අනුව, කාවඩි නර්තනය ආගමික චාරිත්‍රයක් පමණක් නොව, ඩිජිටල් දෘශ්‍ය සංස්කෘතියේ (digital visual culture) කොටසක් බවටද පත්වේ. නර්තන ශිල්පීන්ගේ ශරීර, රිද්මය, ඇඳුම්, චලන සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර TikTok, Facebook, YouTube සහ Instagram වැනි සමාජීය ජාල මාධ්‍ය මත වේදිකාවලින් නැවත සංසරණය වන අතර, හෙන්ද්‍රි ජෙන්කින්ස් දක්වන ආකාරයට එමඟින් දේශීය ආගමික චාරිත්‍රයක් ගෝලීය ඩිජිටල් ප්‍රේක්ෂකයන් වෙතද ළඟා වේ ( 2006). එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ කඩවසම් තරුණ හැඩිදැඩි ධීවර තරුණ පිරිමි ශරීරය ආගමික වස්තුවක් පමණක් නොව, දෘශ්‍ය පරිභෝජනය, සමාජ ප්‍රසිද්ධිය, පුරුෂ පුරුෂ තරුණ කායික සහ මානසික රෝමාන්තික ප්‍රේමය හෝ සහ සරාගය,  පුරුෂ විෂයික ලිංගික රසාශය වඩවන සහ ඩිජිටල් අනන්‍යතාව ගොඩනඟන මාධ්‍යයක් බවටද පරිවර්තනය වේ.

මෙම සන්දර්භය තුළ සංවිධානාත්මක අපරාධ ජාල සහ සංස්කෘතික අවකාශ අතර ඇති විය හැකි අන්තර්සම්බන්ධතාවද සමාජ විද්‍යාත්මකව විමසා බැලිය යුතුය. මෙහිදී කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ කාවඩි නර්තනය හෝ නර්තන ශිල්පීන් අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධද යන්න නොව, තරුණ පිරිමි එකතු වන, මහජන අවධානය ලැබෙන සහ ඉහළ සංකේතාත්මක වටිනාකමක් ඇති සංස්කෘතික අවකාශයන් කෙරෙහි විවිධ බල කණ්ඩායම් බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ කෙසේද යන්නයි. පිය බෝද්යු  (1986) පෙන්වා දෙන පරිදි, සංස්කෘතික ප්‍රාග්ධනය (cultural capital) සහ සංකේතාත්මක බලය (symbolic power) ද සමාජ බලයේ වැදගත් ආකාරයන් වේ. එබැවින් ආගමික පෙරහැරක් තුළ දෘශ්‍යමාන වීම හෝ සංවිධානමය බලපෑමක් ලබාගැනීම, සංකේතාත්මක ප්‍රාග්ධනයක් අත්පත් කරගැනීමේ උත්සාහයක් ලෙසද විග්‍රහ කළ හැකිය.

තවද, කාවඩි නර්තනය, නාච්චි (Nāchchi) නර්තන සම්ප්‍රදායන් සහ ශ්‍රී ලංකාවේ පුරුෂ ශරීර ප්‍රාසංගිකත්වය අතර සම්බන්ධය ද ස්ත්‍රී–පුරුෂ අනන්‍යතා අධ්‍යයනය සඳහා වැදගත් ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකාවේ ඇතැම් ජන නර්තන සම්ප්‍රදායන් තුළ පිරිමින් විසින් ස්ත්‍රී චලන, ස්ත්‍රී ඇඳුම් හෝ ස්ත්‍රී චරිත ප්‍රාසංගිකත්වය  ඓතිහාසිකව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පුරුෂ ප්‍රාසංගිකත්වයන්  ලිංගික අනන්‍යතාව හෝ සමලිංගික ආශාව සමඟ ස්වයංක්‍රීයව සමාන කළ නොහැක. ඇමරිකානු රංග කලා අධ්‍යක්ෂක රිචර්ඩ් ශේෂ්නර් පෙන්වා දෙන ආකාරයට, ප්‍රාසංගිකත්ව අධ්‍යයන (performance studies) ඔස්සේ පෙන්වා දෙන්නේ, ආගමික හා ජන චාරිත්‍රවලදී ස්ත්‍රී–පුරුෂ භූමිකා රංගනය බොහෝවිට චාරිත්‍රානුකූල, සෞන්දර්යාත්මක සහ සංකේතාත්මක අරමුණු සඳහා සිදුවන බවයි (2013). එබැවින්, නාච්චි නර්තනය, කාවඩි නර්තනය සහ පුරුෂ ශරීර කාර්යසාධනය අතර ඇති සමානතා සහ වෙනස්කම්, ලිංගිකත්වය, පුරුෂත්වය සහ ආගමික කාර්යසාධනය පිළිබඳ වඩාත් ගැඹුරු ගුණාත්මක පර්යේෂණ මඟින් විමසා බැලිය යුතුය.

මෙම සියලු කරුණු එකට සැලකූ විට, දෙවිනුවර කාවඩි නර්තනය පිළිබඳ මෑත සිදුවීම පාතාලය සහ මත්ද්‍රව්‍යය ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය පිළිබද රටේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලුවක් පමණක් නොවේ. එය, ආධිපත්‍යයික පුරුෂ විෂයික භාවය, තරුණ සංස්කෘතිය, ඩිජිටල් මාධ්‍ය, සංස්කෘතික ප්‍රාග්ධනය, ආගමික චාරිත්‍ර සහ රාජ්‍ය බලය යන ක්ෂේත්‍ර එකිනෙක හමුවන සංකීර්ණ සමාජ–දේශපාලනික අවකාශයක් ලෙසද තේරුම් ගත හැකිය. එබැවින්, මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තරුණ පුරුෂයන්ගේ ශරීර ප්‍රාසංගිකත්වය, සංස්කෘතික අනන්‍යතාව සහ නූතන සමාජ පරිවර්තනයන් අතර පවතින අන්තර්සම්බන්ධතා අධ්‍යයනය සඳහා වැදගත් සමාජ මානව විද්‍යාත්මක සන්නිවේදන පර්යේෂණ අවස්ථාවක් සපයයි.



ආශ්‍රේය ග්‍රන්ථ නාමාවලිය 

Ariyarathne, K. (2022). Priest, woman and mother: Broadening the horizons through transgender/nachchi identities in Sri Lanka. Sri Lanka Journal of the Humanities, 43(2). https://doi.org/10.4038/sljh.v43i2.7269

Ariyarathne, K. (2025). Transgender sex work in Sri Lanka: The politics of Nachchi sex workers. Palgrave Macmillan. https://doi.org/10.1007/978-3-031-91540-6

Bourdieu, P. (1986). The forms of capital. In J. G. Richardson (Ed.), Handbook of theory and research for the sociology of education (pp. 241–258). Greenwood.

Clothey, F. W. (1978). The many faces of Murukan: The history and meaning of a South Indian god. Mouton.

Connell, R. W. (1995). Masculinities. University of California Press.

Connell, R. W., & Messerschmidt, J. W. (2005). Hegemonic masculinity: Rethinking the concept. Gender & Society, 19(6), 829–859.

Dean, T. (2000). Beyond sexual identity: Lacan and the limits of queer theory. Stanford University Press.

Freud, S. (1910). Leonardo da Vinci and a memory of his childhood. Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Vol. 11. Hogarth Press.

Freud, S. (1914). On narcissism: An introduction. In J. Strachey (Ed.), The standard edition of the complete psychological works of Sigmund Freud (Vol. 14, pp. 67–102). Hogarth Press.

Freud, S. (1905/1953). Three essays on the theory of sexuality. In J. Strachey (Ed. & Trans.), The standard edition of the complete psychological works of Sigmund Freud (Vol. 7, pp. 123–246). Hogarth Press.

Jenkins, H. (2006). Convergence culture: Where old and new media collide. New York University Press.

Kaeppler, A. L. (2000). Dance ethnology and the anthropology of dance. Dance Research Journal, 32(1), 116–125.

Lacan, J. (1977). Écrits: A selection (A. Sheridan, Trans.). W. W. Norton. (Original work published 1966)

Lacan, J. (1978). The seminar of Jacques Lacan, Book XI: The four fundamental concepts of psycho-analysis (A. Sheridan, Trans.). W. W. Norton. (Original work published 1973)

Lacan, J. (1998). The seminar of Jacques Lacan, Book XX: Encore, on feminine sexuality, the limits of love and knowledge, 1972–1973 (B. Fink, Trans.). W. W. Norton. (Original work published 1975)

Miller, J., & Nichols, A. (2012). Identity, sexuality and commercial sex among Sri Lankan nachchi. Sexualities, 15(5–6), 554–569. https://doi.org/10.1177/1363460712446120

Goffman, E. (2002). The presentation of self in everyday life. 1959. Garden City, NY, 259, 2002.

Hanna, J. L. (1987). To dance is human: A theory of nonverbal communication. University of Chicago Press.

Jinadasa, M. (2026). Queering the Vinaya: same-sex desire, discipline, and the monastic body in Sri Lanka’s Buddhist Sangha, exploring hidden intimacies and institutional tensions in young Buddhist monks’ experiences. Journal of Gender Studies, 1-19.

Kealiinohomoku, J. (1976). Theory and Methods for an Anthropological Study of Dance.

Paññākitti, Hiripitiye. (2007). නාට්‍යශාස්ත්‍රය (Nāṭyaśāstraya). Godage International Publishers.

Parakrama, I. (2024, June 2). ‘Nachchi’: A beacon of Sri Lanka’s indigenous gender identity. Lanka News Web.

Schechner, R. (2013). Performance studies: An introduction (3rd ed.). Routledge.

Sedgwick, E. K. (1985). Between men: English literature and male homosocial desire. Columbia University Press.

Turner, V. (1969). The ritual process: Structure and anti-structure. Aldine Publishing.

Younger, P. (2002). Playing host to deity: Festival religion in the South Indian tradition. Oxford University Press.

ඡායාරූපය ලබා ගත්තේ ; https://www.tiktok.com/@milan_harsha/video/7602170013205712135



Saturday, July 25, 2026




 "ගෑණු වගේ පිරිමි"



අසල අලුතෙන් හදන ගෙදරකි. එහි ලැගුම් ගෙන සිටින බාස්ලා කිහිපදෙනෙකි.  මේ අලුතෙන් ආපු කිහිපදෙනා ඊයේ රෑත් බීගෙන එකිනෙකා කියවා ගනිති. අද තත්ත්වය හොදටම උත්සන්න ය. පාන්දර එක හමාර වෙනකල් එකිනෙකා කියවා ගන්නේ දැන් හවස අටේ සිටය. මොනවද අප්පේ මෙතරම් විසදාගත නොහැකි අර්භුද මේ අයට. උනුන්ගේ ගමේ ගෙවල් වල ගම්වැදී හෑලි ,ආඩා පාලි , ඕපා දුප ගණනාවක් රස කර කර නෙවේ මහා හයියෙන් කියවා ගනිති මෙතුමෝ.  පසුදා උදෑසනක් ම ආපසු ඇසෙන්නේ ද අර නෝක්කාඩු නොනවතින උපාදුප සංග්‍රාමයකට එන්න බැරි විවාද , ඒ මදිවට අහල පහල ඉන්න බැරිවෙන්න මහා හයියෙන් උස් හඩින් කෑ ගැසිලි.   

මෙසේ මසිතට  මේ සිද්ධිය වද දුන්නේ  - මේ මොන "ගෑණු වගේ පිරිමි ජාතියක්" යන සාරුප්යයෙනි, මගේ සිත කියන්නේ මේ මොන ඕපා දුප අහළ පහළ ඉන්න බැරිවෙන්න...

දැන් මගේ සිත කියන්නේ ඉතින් මට ඒ අනුන්ගේ කථා වදයක් දුන්නේ මගේ හිතේ අනුන්ගේ දේ හොයන ඕපා දුප ගතිය නිසා .. මාත් ගෑණියක් වගේ එහෙනම්.. 

මෙහෙම කතාකරන්නේ ගෑණු  - එහෙම  කථා කරන පිරිමි ද ගෑණු වගේ .. ඒ මගේ හිත එහෙම හිතන එකත් ගෑණු  ගතියකි .. ඔහොම අපට හිතෙන්නේ ඇයි ?

ඓතිහාසිකව ගෑණු  ගති සහ පිරිමි ගති කියල අපි බෙදාගෙන වර්ගවාදී ව මානව චරිත ගතික සංසිද්ධි නම් කරගෙන තියනවා .. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙදරින් පාසලින් සමාජයෙන් අපට නැවත නැවත කාවද්දනවා ... අපි හිතන්නේ සුදු - කළු , හරි - වැරදි , සුභ - අසුභ, යහපත් - අයහපත්, ගැහැණු - පිරිමි ... ආදී  වශයෙන් ද්විපාර්ශවිය අන්තගාමි අගතියක පිහිටා ය. අප ගොඩවල් වෙන්කරගෙන ඇත්තේ අපේ - අනුන්ගේ,  වශයෙන් ආධිපත්‍යයක් ගෙන ඇත්තේ ඇයි ?

නිරීක්ෂණයෙන් අත්දැකීමෙන් මිනිසුන්ගේ චර්යා වටිනාකම් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නේ ද සමාජීය ආධිපත්‍යයික බලසම්පන්න ජනප්‍රිය සංස්කෘතික සහ සභ්‍යත්ව මතයේ පිහිටා ය. 

ගැහැණිය නිග්‍රහයට ලක් කිරීම නොහොත් ගැහැණිය දුස්සීල, කිල්ලට හසුවෙන, නරක, කැත ,අවනම්බු ... ආදී වශයෙන් අවප්‍රමාණ කර ඇත්තේ ද මේ උක්ත සෛද්න්තික අගය මත විය හැක. ගැහැණිය ලස්සන, ප්‍රියංකර, සුන්දර, සුලලිත අංගපුලාවක් ඇති නැති ... ආදී වශයෙන් දක්වා ඇත්තේ පිරිමියා "නියම වීර පිරිමි" චරිතයක් සහ ගැහැණිය දුර්වල බෙලහීන ඕපා දුප හොයන චරිතයක් කිරීමටද ? 

එවිට පිරිමියා නිර්භීත දක්ෂ අභීත පමණක් නොව  තවත් බොහෝ ධනාත්මක වටිනාකම් පිරිමියාට පටවා ඇත්තේ සැබවින්ම සියලු පිරිමි එහෙම වන නිසාද ? නැතිනම් ගැහැණු අවලස්සන දුස්සීල වී පිරිමි ලස්සන වන්නේ නැත්තේ සියළු ගැහැණු කැත වී සියළු  පිරිමි කෝටියක් සංවර ශිෂ්ඨ අවංක වන නිසාද ?

චක චක ගගා ඔහේ අහල පහල ඉන්න කෙනෙකුගේ කණට  කොටනවා වගේ එක දිගට  නොනවතින ඇණුම්  බැණුම් ගණනාවක් එකිනෙකා කියවා ගත් සැණින් මසිතට "ගෑණු වගේ පිරිමි" කියල එකවර කියවුනේ බොහෝ දුරට මගේ සිතේ ( මනසේ - ප්‍රජානනයේ - සිතන විදිහේ )  කාලයක් තිස්සේ රැව් දුන් සම්ප්‍රදායික පිරිමියා පිළිබද ලේබලය නිසා යයි ද බොහෝ දුරට කිව හැක. 

මගේ පර්යේෂණ ක්ෂේත්‍රයක් වන පිරිමි සමරිසි සබදතා පිළිබද මා සතු ආනුභුතික දත්ත අනුව ඇතැම් පිරිමියෙකු අතිශය කැමැත්ත දක්වන්නේ ගැණියෙක් වගේ රඟන හැසිරෙන කතා බහ කරන ඉඟ සුඟ ලෙලෙදෙන ගස්ස ගස්සා යන සුදු කෙට්ටු රූමත්  පිරිමියෙකු සමග ආලය හෝ/සහ ලිංගික හෝ එකී සබදතාවේ නිරතවීමටය. මහපාරේ රාත්‍රීයේ හෑන්ඩ් බෑගයක් කරේ දමාගෙන කවුරු හරි කාරයකින් එනකල් මග බලා ඉන්නේ එබදු පිරිමින් ඇඳ සිටින්නේ ද ඇතැම්විට එබදු ස්ත්‍රී ආශ්චර්යක් මවන තුරුණු පිරිමින් විලසය. එබදු ගැහැණු සිරිකත මවන ගැහැණු පිරිමින් සොයා ඔවුන් කියන මිලකට රැගෙන යාමට ඉහළ පන්නයේ වාහන වලින් වගේම පදික වේදිකා අස්සේ බර අදින මිනිසුන් ගේ සිට ඇති ලිංගික ශ්‍රම වෙළද පල හුදෙක් විශ්‍රාන්තිය සදහා ම කෙරෙන ලිංගික සබදතාවක් නොවන බව මගේ පර්යේෂණ දත්ත විශ්ලේෂණ වලින් පෙනී යයි. 

"ගෑණු වගේ කෙනෙක් එපා මට හොද හැන්ඩ්සම් ලස්සන කළු හෝ  සුදු හෝ නළුවෙක් වගේ ලස්සන කොල්ලෙක් විතරක් මට කතා කරන්න" --- එබදු ආකාරයෙන් කොල්ලෙක් වගේ කොල්ලෙක්, (කෙල්ලෙක් වගේ කොල්ලෙක් සොයන අයට වෙනස් ව) පිරිමි අයිය හෝ මල්ලි හෝ අංකල් ට දැන් දැන් ලංකාවේ ලොකු ඉල්ලුමක් ද පවතී. 

දැන් මේ ගෑණු වගේත් පිරිමි වගේත් දෙකම තියෙන පිරිමි සදහා ලෝකයේ එන්න එන්න වැඩි කැමැත්තක් ඇත්තේ පිරිමි අයගෙන් පමණක් නොවේ. ගෑණු අය , මට ඕනේ මගේ කොල්ලා කළු , රැවුල තියෙන හොද හයි හත්තිය තියෙන , සීනි බෝලයක් නොවෙන කොල්ලෙක් නියම පිරිමියෙක් ; "පිරිමියෙක් ගේ රැවුල නැතිනම් මොන පිරිමිද" ආදී වශයෙන් සම්ප්‍රදායික ගැහැණු ධර්මතාවේ සිට පිරිමි සොයන ගැහැණු වගේම මගේ ආනුභුතික දත්ත අනුව ගැහැණු ඇතැමෙක් කැමති වන්නේ තමන්ගේ පිරිමියා ගැහැණියක් වගේ ගේ දොර අතුගාමින් කුස්සියේ උයමින් ගැහැණියගේ යට ඇදුම පවා සැමදා සෝදා දෙන සියලු වැඩ පල කරන පිරිමියෙකි. එවිට ගැහැණිය වීර චරිතයක් වී පිරිමියා නිවට චරිතයක් වන අවස්ථා මෙන්ම ගැහැණිය නිවට වී පිරිමියා වීර වන අවස්ථා තිබේද? 

ගැහැණු සහ පිරිමි යන උභය ගති දෙකම ඇති පිරිමින් ට ද ගැහැණුන් ගෙන්  ( පිරිමින් ට වගේම ) ද සෑහෙන ඉල්ලුමක් මේ දිනවල පවතින බවයි. 

මා - ඔබ අයිති වෙන්නේ කුමන වර්ගිකරනයටද? එසේ තමන්ගේ ලිංගික හෝ සමාජීය පුද්ගල අනන්‍යතාව කුමක්ද යන්න සොයනවාට වඩා නුතනයේ ස්ත්‍රී - පුරුෂ වටිනාකම් අවශ්‍යතා ධර්මතා බොහෝ දුරට සම්ප්‍රදායික බෙදීම් වලින් බොඳ ව එකිනෙක අතිව්‍යප්තව පුළුල් අවධියකට පත්ව ඇති බව, නුතන පුරුෂ විෂයික සහ ස්ත්‍රීවාදී සංස්කෘතික සහ ජෛව විද්‍යාත්මක අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ ය. මිනිසුන්ගේ මානසික කායික චර්යා අනුව ඔවුනොවුන් තවදුරටත් වර්ගීකරණය කට ලක් කිරීම මගින් පවා සිදුව ඇත්තේ මිනිසුන්ගේ නිසර්ග සිද්ධ සැබෑ ආශා සහ අවශ්‍යතා නුතන රාජ්‍ය විසින් පවා යටපත් කිරීමකි. 

ඇතැම්විට නුතන සමාජයේ ආර්ථික, දේශපාලන, තාක්ෂණික, සංස්කෘතික අංශ මගින් මිනිසා කෙරෙහි බලපවත්වන බලය සහ කැරකීම මත අපගේ දෛනික හෝ අනෙක් චර්යා සහ ගතිකා ක්ෂණික ව හෝ අනන්‍ය වශයෙන් වෙනස් වන්නේය. ජෛව ජාන ගත රසායන විද්‍යාත්මක චර්යා කෙරෙහි අතිමහත් බලපෑමක් නුතන තාක්ෂණික ආර්ථික සංස්කෘතික අංශ මගින් ඇති කිරීම නුතන සමාජයේ පරිවර්තනාත්මක මානව පරිණාමයක් දක්වා රැගෙන යාම අද පමණක් සිදු වුවක් නොවේ. මානව වංශ කථාවේ ආරම්භයේ සිට පරිණාමයේ නොයෙකුත් තැන මේ තත්ත්වය ජෛව ලෝකයේ සියළු සතුන් අතර සිද්ද වන්නේ ය. එය සජීව ලෝකයේ ජෛව සහ සමාජීය පැවැත්මේ නන්විධ වියමනේ මනරම් සුක්ෂ්මතාවයි. 

ඡායාරූපය  ලබාගත්තේ ; https://www.lensculture.com/projects/1133037-daily-life-of-a-feminine-gay-man

Saturday, July 18, 2026



පිරිමින් පිරිමින් අතර සිදුවෙන ලිංගික සම්බන්ධතා සහ ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණ රෝග පිළිබද මාධ්‍ය වාර්තාකරණය

පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින්, ජන මාධ්‍යයේ භාවාතිශය සදාචාර සම්පන්න නොවන භාෂාව සහ සෞඛ්‍ය සන්නිවේදනය 


වසංගතවේදය (Epidemiology), මහජන සෞඛ්‍ය ආචාරධර්ම (Public Health Ethics) සහ අවදානම් සන්නිවේදනය (Risk Communication) යන දෘෂ්ටිකෝණවලින් සලකා බැලූ විට, ශක්තිමත් ජාතික රෝග අන්වේෂණ/නිරීක්ෂණ (surveillance) දත්ත මගින් තහවුරු වන අවස්ථාවක, විශේෂිත ජන කණ්ඩායමක් තුළ—උදාහරණයක් ලෙස පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින් (Men who have Sex with Men: MSM)—ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (Sexually Transmitted Infections: STIs) අසමානුපාතික ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු හෝ වෛද්‍ය විශේෂඥයෙකු විසින් මහජනතාවට ප්‍රකාශ කිරීම වෘත්තීයමය වශයෙන්ද ආචාරධාර්මික වශයෙන්ද නිවැරදි ක්‍රියාවකි. කෙසේ වෙතත්, එවැනි ප්‍රකාශයක් සෑම විටම විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ, ගර්හිතාත්මක හෝ අපකීර්තිමත් හෝ  අපහාසාත්මක හෝ කලංකකරණය (සමාජය ඉදිරියේ පුද්ගලයෙකු කෙරෙහි කැළලක් මතු කිරීම) (stigmatisation) නොකරන, සහ නිවැරදි සන්දර්භය පැහැදිලි කරන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුය.

'කැළලක්' හෝ සමාජ අපකීර්තියක් හා සම්බන්ධ කිරීම මගින් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ලේබල් කිරීම, වර්ගීකරණය කිරීම හෝ අසාධාරණ ලෙස සැලකීම 'කැළලක් ඇති කිරීම' (stigmatisation) ලෙස හැඳින්වේ. මෙහිදී දැඩි ඍණාත්මක ඒකාකෘති (stereotypes) හෝ මහජන අනුමැතිය නොලැබීම වැනි දේ අදාළ කර ගැනෙන අතර, එමගින් කලින් ඇති කරගන්නා ලද නිශ්චය කිරීමක් මත , වෙනස් කොට සැලකීම සහ සමාජ හුදකලාවීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

මහජන සෞඛ්‍ය සන්නිවේදනයේ මූලික ආචාරධාර්මික වගකීම වන්නේ රෝග පැතිරීමේ ප්‍රවණතා පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට ලබාදීම මගින් රෝග වළක්වා ගැනීම, කල්තියා හඳුනා ගැනීම සහ කඩිනම් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමයි. එහෙත්, එම වගකීම සංඛ්‍යා ලේඛන පමණක් ප්‍රකාශ කිරීමට සීමා නොවේ. ඉහළ ආසාදන අනුපාතයක් දක්නට ලැබෙන ජන කණ්ඩායමක් හඳුනා දීම සහ එම ජන කණ්ඩායම රෝග ව්‍යාප්තියට "හේතුව" ලෙස නිරූපණය කිරීම අතර මූලික වෙනසක් පවතී. එබැවින් මහජන සෞඛ්‍ය සන්නිවේදනය මෙම කරුණු /සංසිද්ධීන් දෙක පැහැදිලිව වෙන්කර දක්වමින් සිදු කළ යුතුය.

නූතන වසංගතවේදී පර්යේෂණ අනුව, බොහෝ රටවල පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින් (MSM) කණ්ඩායම තුළ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (HIV) සහ වෙනත්  හෝ ලිංගාශ්‍රිත ව  ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවල ඉහළ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ලිංගික දිශානතිය හෝ පුද්ගල අනන්‍යතාව (LGBTIQ+ හෝ වෙනත්) හේතුවෙන් නොව, ජීව විද්‍යාත්මක සංවේදීතාව, ලිංගික සම්බන්ධතා ජාලවල ව්‍යුහය, සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශය, සමාජ කලංකකරණය (කැළලක් ඇති කිරීම) , වෙනස්කම් කිරීම, නීතිමය සීමා කිරීම් සහ රෝග වැළැක්වීමේ සේවාවන්ට අසමාන ප්‍රවේශය වැනි ජීව විද්‍යාත්මක, සමාජීය හා ව්‍යුහාත්මක සාධකවල සංකීර්ණ අන්තර්ක්‍රියාවක් හේතුවෙනි (World Health Organization [WHO], 2022). එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින් (MSM) ඇතුළු ප්‍රධාන අවදානම් ජන කණ්ඩායම් සඳහා ඉලක්කගත වැළැක්වීමේ වැඩසටහන්, පරීක්ෂණ, ප්‍රතිකාර, සහ ලිංගික සහකරුවන් දැනුවත් කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය බවයි. එයට හේතුව රෝග සම්ප්‍රේෂණය සහ සෞඛ්‍ය සේවාවන් භාවිත කිරීම සම්බන්ධයෙන් ව්‍යුහාත්මක හා සමාජීය සාධක ප්‍රබල ලෙස බලපාන බැවිනි (WHO, 2022; WHO, 2024).

තවද, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (HIV) ආශ්‍රිත කලංකකරණය (කැළලක් ඇති කිරීම) සහ වෙනස්කම් කිරීම අවම කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම මාර්ගෝපදේශ පෙන්වා දෙන්නේ නිසි සන්දර්භයකින් තොරව හෝ නොසැලකිලිමත් ලෙස සිදු කරන මහජන ප්‍රකාශ අවිඥානිකව සමාජයේ පවතින පූර්ව විනිශ්චයන් ශක්තිමත් කිරීමට, සෞඛ්‍ය සේවා ලබා ගැනීම අධෛර්යමත් කිරීමට, ස්වේච්ඡා පරීක්ෂණ සඳහා ජනතාවගේ සහභාගිත්වය අඩු කිරීමට, ප්‍රතිකාර ප්‍රමාද කිරීමට සහ අවසානයේ ජාතික රෝග පාලන උත්සාහයන් දුර්වල කිරීමට හේතු විය හැකි බවයි (WHO, 2024). එමෙන්ම, UNAIDS ආයතනයේ 2024 පාරිභාෂික මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය වෘත්තිකයන් නිවැරදි, පුද්ගල ගෞරවය රැකෙන සහ කලංකකරණයෙන් තොර භාෂාවක් භාවිත කළ යුතු බවයි. එයට හේතුව සන්නිවේදනයේ භාෂාවම ජනතාවගේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ හැසිරීම්, රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය සහ HIV/STI පාලන වැඩසටහන්වල සාර්ථකත්වයට සෘජුවම බලපාන බැවිනි (UNAIDS, 2024).

එබැවින්, විශේෂිත නාගරික ප්‍රදේශවල පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමි (MSM) කණ්ඩායම තුළ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැඩිවෙමින් පවතින බව ජාතික වසංගතවේදී දත්ත මගින් තහවුරු වන්නේ නම්, එම තොරතුරු මහජනතාවට විනිවිදභාවයෙන් ප්‍රකාශ කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ විද්‍යාත්මක හා ආචාරධාර්මික වගකීමකි. එහෙත්, ඒ සමඟම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යනු ඕනෑම ලිංගිකව සක්‍රීය පුද්ගලයෙකුට, ඔහුගේ හෝ ඇයගේ ලිංගික දිශානතිය කුමක් වුවද, ආසාදනය විය හැකි බෝවන රෝග බවද පැහැදිලිව අවධාරණය කළ යුතුය. එමෙන්ම, විශේෂිත සමාජ කණ්ඩායම්වලට වගකීම පැවරීම වෙනුවට ආරක්ෂිත ලිංගික හැසිරීම්, නිතිපතා පරීක්ෂණ, ලිංගික සහකරුවන් දැනුවත් කිරීම, අවශ්‍ය අවස්ථාවල එන්නත්කරණය සහ සැමට සමාන සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැනි සාක්ෂි මත පදනම් වූ වැළැක්වීමේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙවැනි සමතුලිත, සාක්ෂි මත පදනම් වූ සන්නිවේදනය මගින් යහපත සිදු කිරීම (beneficence), හානිය වළක්වා ගැනීම (non-maleficence), යුක්තිය (justice), විනිවිදභාවය (transparency) සහ පුද්ගල ගෞරවයට ගරු කිරීම (respect for persons) යන මහජන සෞඛ්‍ය ආචාරධර්මීය මූලධර්ම ආරක්ෂා කරන අතරම, මහජන සෞඛ්‍ය සන්නිවේදනයේ කාර්යක්ෂමතාවද උපරිම කරයි.

ශ්‍රී ලංකාවේ ඉතාමත් මෑතක මෙන්ම,  පසුගිය වසරේදී ත් ඇතැම් රූපවාහිනී සහ අනෙකුත් ජන මාධ්‍යයන්  විසින් මේ ප්‍රස්තුතය අරභයා භාවිත කර ඇත්තේ ඉතාමත් සදාචාර සම්පන්න භාවයක් නැති වෘත්තීය ශික්ෂණයක් නැති භාෂා සහ මාධ්‍ය හසුකර ගැනීමකි. උදාහරණයක් ලෙස සිය මාධ්‍යයේ  ඔවුනොවුන්ගේ  ආර්ථිකය තර කරගැනීමේ අරමුණ ඇතිව, පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමි (MSM) ඇසුරෙන් ඔවුන්ගේ හෝ අන් අයගේ ලිංගාශ්‍රිත සම්ප්‍රේණ රෝග පදනම් කරගනිමින්,  LGBTIQ+ සහ පිරිමින් පිරිමින් අතර ඇති රෝමාන්තික ලිංගික සබදතා පිළිබද දක්වා ඇත්තේ ඉතාමත් අවිද්‍යාත්මක වාර්තාකරණයකි.  මේ ඔස්සේ, යම් ජන කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු පිළිබද, කලින් ඇති කරගන්නා ලද පුර්ව විනිශ්චයන් අනුව සමාජය පෙළන, සමාජය ඉදිරියේ ඔවුනට කැළලක් ඇති කරන ආකාරයේ, ගර්හිතත්මක, අපකීර්තිමත්, නිග්‍රහාත්මක මාධ්‍ය වාර්තාකරණයකි මෙහි දිස්වන්නේ. සෞඛ්‍ය සන්නිවේදනය පැත්තෙන් ගත්තත්, නුතන ජන මාධ්‍යයේ සදාචාරාත්මක වෘත්තීය වාර්තාකරණ අංශය පැත්තෙන් ගත්තත්, එකී ආකාරයෙන් අදාළ ජන කණ්ඩායමකට අපහසු වන අන්දමට කටයුතු කිරීම, නුතන ලිබරල් ආණ්ඩුක්‍රම සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතියෙන් දඩුවම් ලැබිය හැකි මෙන්ම ඉතාමත් පිළිකුල් කරන අමානුෂික මාධ්‍ය භාවිතයකි. කොළඹ කුණු කන්ද පෙන්වා ජන්දය ගැනීමේ දේශපාලනය මෙන් ලංකාවේ ඇතැම් ජන මාධ්‍ය සහ වත්මන් සමාජීය ජාල මාධ්‍ය තුළ  උක්ත ලිංගික රෝග පදනම් කරගනිමින්, LGBTIQ+ සහ පිරිමින් පිරිමින් අතර ඇති රෝමාන්තික ලිංගික සබදතා භාවිත කරන්නේ මිනිසුන්ගේ පුහු හැගුම් සංවේදනා භාවයන් ප්‍රකෝප කරගෙන තුච්ඡ පහත් අන්දමින් ධනය ලාභය ප්‍රසිද්ධිය කිර්තිය ආදී ආත්ම ලාභ සාධනයකි මෙහි උදක්ම දක්නට ඇත්තේ. ඒ ඇර අප රටේ විද්‍යාත්මක, විෂය බද්ධ ආකාරයෙන් අවබෝධය, දැනුම මත සමාජය මෙහෙයවීම උක්ත රෝග පමණක් නොව බොහෝ ව්‍යාධි සමනය කර ගත හැක.

"වත්මන් විද්‍යාත්මක සාක්ෂි අනුව, ගෞරවය, විවිධත්වය සහ LGBTIQ+ සම්බන්ධ කරුණු පිළිබඳ ඒ අදාළ වයසට හා ළමුන්ගේ සංවර්ධන පරිණතභාවයට ගැළපෙන අධ්‍යාපනය ප්‍රාථමික පාසල් වියේදී (ආසන්න වශයෙන් වයස අවුරුදු 5–8) ආරම්භ කළ යුතු අතර, නව යොවුන් වියේදී (වයස අවුරුදු 12–18) එය ක්‍රමයෙන් වඩාත් පුළුල් හා ගැඹුරු අන්තර්ගතයකින් යුක්ත විය යුතුය."(Ketting et la., 2016; Women and UNICEF, 2018;UNESCO, 2018; WHO Regional Office for Europe & BZgA, 2010; American Academy of Pediatrics, 2023). එවිට මිනිසුන් අනෙක් මිනිසුන් අතින් හෝ තමන් අතින් ම රෝග වලට පමණක් නොව බොහෝ අයතා ව්‍යධින්ට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැලැක්විය හැක. එමෙන්ම, ජන මාධ්‍ය ඇතුළු අනෙකුත් ආයතන අනෙකුත් මිනිසුන් හෝ ඔවුනොවුන්ගේ  චර්යා දෙස බලන ආකාරය පිළිබද උතුම් ශිෂ්ඨ මානුෂ සමාජීය සන්නිවේදනයක් ඇති කිරීමට හේතු විය හැක. 

මිනිසුන්ට තමන්ගේ ඇස, මනස ඉදිරියේ සක්සුදක් සේ නුතන විද්‍යාව, දැනුම සහ දත්ත තිබියදී තවදුරටත් හුදු ආටෝප සාටෝප හාව භාව සංවේදන මත අප සමාජ මෙහෙයවීම ම නුතන තාක්ෂණික චින්තනයේ වහල්භාවයේ  සලකුණයි. 


ආශ්‍රේය විමර්ශන කෘති පෙළ 

American Academy of Pediatrics. (2023). Policy statement: LGBTQ+ youth. Pediatrics, 152(2), e2023063774.

Ketting, E., Friele, M., Michielsen, K., & European Expert Group on Sexuality Education. (2016). Evaluation of holistic sexuality education: A European expert group consensus agreement. The European Journal of Contraception & Reproductive Health Care, 21(1), 68–80.

UNAIDS. (2024). UNAIDS terminology guidelines. https://www.unaids.org/en/resources/documents/2024/terminology_guidelines

UNESCO. (2018). International technical guidance on sexuality education: An evidence-informed approach. UNESCO.

UN Women, & UNICEF. (2018). International technical guidance on sexuality education: An evidence-informed approach. UNESCO Publishing.

World Health Organization. (2022). Consolidated guidelines on HIV, viral hepatitis and STI prevention, diagnosis, treatment and care for key populations. https://www.who.int/publications/i/item/9789240052390

World Health Organization. (2024). Ensuring quality health care by reducing HIV-related stigma and discrimination. https://www.who.int/publications/i/item/9789240097414

World Health Organization. (2024). Updated recommendations for the treatment of Neisseria gonorrhoeae, Chlamydia trachomatis, and Treponema pallidum (syphilis) and new recommendations on syphilis testing and partner services. https://www.who.int/publications/i/item/9789240090767

World Health Organization Regional Office for Europe, & Federal Centre for Health Education (BZgA). (2010). Standards for sexuality education in Europe: A framework for policy makers, educational and health authorities and specialists. WHO Regional Office for Europe.

Monday, July 6, 2026




විශ්ව විද්‍යාලයේ ( ලෝකයේ) මිත්‍යාව සහ අවිද්‍යාව 



දැන් ඉන්න මම ද ඊළග ආත්මයට යන්නේ ? 


කරන පව් පින් කොහොමද මගේ ඊළග ජීවිතය තීරණය කරන්නේ? 


අපි කොහොම හිටියහම කොහොමද, ඒක හේතු වෙන්නේ කොහොමද මගේ නැවත ඉපදීමකට 


 අද මගේ සහෝදරයෙකු ඇසු පැනයකි, මේ.


මේ අසන ලද පැනය  ම  සදොස් ය. ඒ මන්ද යත්? මිනිසුන් ප්‍රශ්න අසන්නේ අපට මේ ඉන්ද්‍රිය විසින් ලෝකය හසු කරගන්නා ආකාරය අනුව ය. නැතහොත් අපගේ ඇස  කන ආදී සිට මනස විසින් ලෝකය යන්න සංකල්පනය  කරගන්නා ආකාරය අනුව ය. පනවා ගෙන ඇති පරිදි ඒ අනුව සිතා ගැනීමක් අනුව පව හෝ පින හෝ කල දෙය හෝ ජීවිතය හෝ මරණය හෝ සම්බන්ධ කිරීමකි, මේ උක්ත ප්‍රශ්නය. 


අප ලෝකය අත්දකින්නේ මේ අපට  මේ කයේ තියෙන  ඇස  කන ආදී ඉන්ද්‍රිය මත පිහිටන ආකාරය අනුවය. ඒ, ලෝකය සටහන් කරගන්නා සිතින් හදා ගන්නා ලද සංකල්පීය රූ සටහන අනුව ය අප ලෝකය අත්දකින්නේ.



ඒ අනුව අප විසින් බණ  හෝ දේශනා හෝ නැතිනම් තමන් විසින් අජ්ජෝසනය කර ගන්නා තේරුම් ගැනීම හෝ / සහ ඒ අනුව ලෝකය , තමා පිළිබද ඇතිකරගන්නා  සිතින් හදා ගත් සංකල්ප ලෝකය අනුව ය අප ජීවත්වෙන්නේ. ලෝකය අප සංකල්පයක් වශයෙන් ගන්නේ , දැනගන්නේ දැනෙන්නේ අප භාවිත කරන වහරන භාෂාව අනුව ය. ඒ භාෂාව ගොඩනැගෙන්නේ අපගේ මනසේ ලෝකය පිළිබද සංඥා වශයෙන්,  උපන් මොහොතේ සිට මවගේ ඇකයේ සිට මව පියා ගුරුවරුන් ඇසුරු කරන්නන් අනුව ය. ඒ අනුව අපගේ මනස සකස් කරගන්නේ ය. ඒ අනුව උපන් මොහොතේ සිට සමාජීය සත්ත්වයෙක් ලෙස ඇසට කනට නාසයට කයට ආදී මනස කේන්ද්‍ර කරගත් මේ චින්තනය සැකසෙන්නේ ය. ඒ අප විසින් අපට දී තිබෙන ඉන්ද්‍රිය අනුව ලෝකය. එහි ශක්‍යතා සහ කුසලතා අනුව ඒ ඓන්ද්‍රීය සිමා අනුව පමණි අප ලෝකය ලෝකය යන්න උපාර්ජනය කරගෙන ඇත්තේ.


ඒ අනුව අප සම්මුතිකව අපට පෙනෙන ඇසෙන දැනෙන සිතෙන ආකාරය අනුව මේ ලෝකයේ ඇතිතාක් සියලු දේ ගොඩනගාගෙන ඇත්තේ ය. ඒ  සක්ස්කිරීමක්, නිර්මාණයක්, ගොඩනැගීමක් අනුව විනා අනෙක් නිශ්චිත සපරිපුර්ණ නිරපේක්ෂ ආකාරයක් අනුව නොවේ. ඒ අනුව අප ඒ ඒ කෙනා ගේ ඉන්ද්‍රිය කුසලතාව අනුව ලෝකය සංජානනය කරගෙන ඇත්තේ ය . මේ සංජානනය ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රිය පරිපාකය , ඒ ඒ ඇස  කන ආදී ඉන්ද්‍රිය ශක්‍යතා අනුව මනස මුලිකව කරගෙන තිබෙන රූපනයකි, රුප්පනයකි, තෝරාගැනීමකි,  - ඉන්ද්රියට හසුවෙන අකාරය අනුව ලෝකය ඇස  කන ආදී ඉන්ද්‍රිය නිර්මිත  සංකල්ප මාත්‍ර සංරචනයකි මේ අප දැන් අත්දකින ලෝකය වනාහි.


නමුත් මිනිසා බැදී ඇති, ගෙතී ඇති සමාජීය අන්‍යෝන්‍යය රැහැන් ජාල අනුව මේ තමන්ගේ රූපනය හෙවත් සකස්කරගත් සංස්කරණමය රූප ලෝකය  ක සිරව කොදෙව්වක වාසය කරයි. මේ සංකල්ප ලෝකය ඔස්සේ  එසේ නාම මාත්‍රික වශයෙන් පවතින මනෝ මුලික දෙයක් ලෙස කාටත් පෙනෙන දේ නොපෙන්නේ ය. ඒ මේ අප ජීවත්වෙන සමාජීය ගනුදෙනුවේ සංඛ්‍යානය සඛ්‍යාතය සහ මාතය අනුව ය. එම නිසා මේ දැන් සිටින මේ ගනුදෙනුවේ සබදතාවේ බන්ධනයේ තරමට මේ අපගේ සිනමා රූපයේ සැබෑ විෂයමුලකතාව මේ සංකල්ප වලින්ම නිමග්න මනස ට නම් හසු නොවේ. එය හසුවෙන්නේ මනස මගින් දැකීම හෙවත් මිනිස් සංජානනය ට නොවේ. ඒ ව්‍යාජ නිර්මිත සංස්කරණ ලෝකය හසුවෙන්නේ සංකල්පය හැදෙන සංජානන මනස හැදෙන ආකාරය දැකීමෙනි. හෙවත් මනස හැදෙන ආකාරය පිළිබද අභිජානන බුද්ධියකින් මෙය හසු කරගැනීමකි. මෙය ශික්ෂා මාර්ගය හෙවත් සේඛ මගින් දකින්නේ මේ දැන් කරන කියන දකින දැනෙන සිතෙන දේ දෙස ඒ ඒ තැනට ම සිත දීමෙනි. මෙය සතිය නමින් හැදින් වේ. මේ සතියෙන් සිහියෙන් බලන දේ නම් සිත උපදින සංකල්ප ලෝකය අපගේ මනසේ රූපනය වන ආකාරය දකින කෙනා යෝනිසෝමනසිකාර ඔස්සේ ලෝකය අනුදකි. හෙවත් සිත උපදින තැන ( යෝනි + සෝ  + මනසිකාර) ට සිත දීමෙනි අප මේ මනසේ මායාව දකින්නේ දැන්. ඒසේ සිතෙන් සිත දෙස බැලීම සම්පජන්නය නමින් හැදින් වේ. මෙය හරියට දියෙන් කිරි වෙන්කරගන්නා ආකාරය මෙන් අපගේ සිතට දැනෙන හැගෙන සිතෙන ඇසෙන දේ වෙනමත් (අප ඒ දේ සංජානනය කරන ආකාරය) අප මේ දේ වෙන්කරගෙන දකින ( අභි + ජනන ) ආකාරය වෙනමත් දැන් මේ සිතෙන් ම දකී. 


මෙතැන දී වෙන්නේ සිතෙන් හදා ගන්නා ලෝකය පරිභාහිර දෙයක් මගේ නොවන දෙයක් ලෙස තමන්ගේ මේ ඉන්ද්‍රිය සංජානනය ඉක්මවා පරිජානන හෙවත් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුමකින් දැකීමකි.


මෙහෙම තමන් කරන කියන දකින දැනෙන සිතෙන මේ සියලු  ද්‍රව්‍යය මත ගොඩනගන ලෝකය අප දකී.  ලෝකය ලෙස අප පාරම්බාන සියලු වස්තු දේපල එළියෙන් පරිභාහිර ව මොනතරම් තබුනත් පුද්ගල අපුද්ගල වශයෙන් ඒ සියල්ල අපට දෙයක් ( ධම්ම) වන්නේ අපගේ මනෝ මුලික මනසිකාර කිරීමකින් පමණි. අප වටා තිබෙන බොහෝ දේවල් අප තවමත් නොදකී - දකින්නේ ඉන්ද්‍රිය සංජානනය ට සිමා වෙන සිමා සහිත දැනුමකි. ඒ රදා පවතින්නේ ඒ ඒ කෙනා කෙනාගේ උපන් සහ නිපන් ඉන්ද්‍රිය ශක්‍යතා සහ ඒවායෙහි ප්‍රමාන අනුව පමණි. ඇස  කන මනස රදන තැන අනුව විනා අප ලෝකය ලෝකයා කියා අත්දකින්නේ. නමුත් සත්‍ය හෝ තිබෙන  ලෝකය අපට  හසු නොවේ.


නමුත් ලෝකය තමන්ගේ නිර්මාණයක් තමන්ගේ මේ කය සහ ඒ අනුව ඇති බාහිරට එල්ල කර සකස්ව ඇති ඉන්ද්‍රිය ඇස කන .... මනස අනුව ය. ලෝකය යනු මේ ඔස්සේ  හැදෙන හදාගත්ත නිර්මිත සිනමා සිත්තමක් යන්න පුද්ගලයා දැන් අත්දකින්නේ ත් අපුද්ගල සංසිද්ධියක් ලෙසය . මෙසේ කාලයක් මේ  මනසේ නිර්මාණය දකින  දකින තරමට දැන් හෙතෙමේ සිය උපන් මොළයේ තිබු ස්නායු රසායන සහ නියුරෝන වල සංයුතිය සහ යන්ත්‍රණය වෙනස් වන්නේ ය. ඒ අනුව ඉන්ද්‍රිය ලෝකය රූපනය කරගන්න ආකාරය දකින කෙනා මේ දකින සියලු මනසේ අත්දැකීම් මනසේ මායාවක් සිත්තමක් ලෙස දකින දකින තරමට ඉන්ද්‍රිය ඉක්මවූ අනින්ද්‍රිය පටිබද්ධ විභජ්ජ (වෙන්කොටගත්) මනසකින් ලෝකය අත්දකි. 


මෙතන කරන කෙනක් නැත, කරන්නෙක් නැත. ස්වයං සිද්ධ ව කෙරෙන ස්නායු රසායන ක්‍රියාවලියක  ක්ෂුද්‍ර විතැන්වීමක් සිදු වේ. එය මේ ලෝකයේ අත්දකින මනසේ සංකල්ප රාමු ඉක්ම වූ තැන කි. මෙතනත් අභිනිෂ්ක්‍රමණය  කරන විට ඒ ඒ ඉදිරි මග මේ දැන්  අප සිටින දකින දැනෙන ඉන්ද්‍රිය සංකල්පයට  හසු නොවේ. එනම් මේ දැන් තිබෙන සංජානන මනසේ මායාවෙන් මේ අභිජානන යේ සිට පරිජානන මනෝවෘත්තීය දැකිය නොහැක. 


ලෝකය සහ ලෝකයා වහරන රූපක සහ සංකල්ප සකස් ව ඇත්තේ අප විසින් සම්මුතියෙන් දී තිබෙන සංඥා සංකේත කේත අනුව ය. මේ සියල්ල මනසේ මායාවේ  සිත්තම් පමණි.  එය එසේ නොදකින්නේ අප සංකල්ප ලෝකයට එතරම් තදින් ඇලුම් කරන නිසා නොව අපට පෙන්නේනේ ම මේ කාචය තුලින් දකින බාහිර දැනුම් පද්ධතියකිනි. 



සිග්මුන් ෆ්‍රොයිඩ් මනසේ නොපෙනෙන අවිඥානික සිත වශයෙන් දැක්කේ භාගේදා මේ  දේ විය හැක. ෆ්‍රොයිඩ් ට අනුව අපගේ දෛනික කතාබහ වැඩ වලින් අප  සබුද්ධිකව සතියෙන් සවිඥානයෙන් දැනුවත්ව කෙරෙන්නේ ඉතාමත් අල්ප මාත්‍රයකි. ඒ සංජානන මායාකාරී සිනමාකාරි මනස නිසා මේ සිත සැකසෙන අභිජානන සහ ඉනික්බිති පරිජානන සිත අප නොදකි. ඒ නිසා අපගේ කය ලෙඩ වන්නේ මනස වඩ වඩාත් ලෙඩ වීමෙනි. බොහෝ සමාජීය අර්භුද ඇතිවෙන්නේ ලෝකයා නිසා නොව තමා ලෝකය අනුරංගනය කරන ආකාරය අනුව ය.  අප බොහෝ තැනක අප දන්නේ නැහැ අප මොනවද කරන්නේ කියා. 


මුල මධ්‍යම කාරිකාව රචනය කල මධ්‍යමක දර්ශනයේ නාගාර්ජුන ගේ සිට බටහිර ආතර් ශෝපන්හවර් , ජාන් ෆෝල් සාත්‍ර යන  අය විසින් ලෝකය කිසිවක් නැති ශුන්‍ය දෙයක් ලෙස දැක්කේ ඇතැම්විට මේ අභිජනන සිත දැකීමෙන් පමණක් නතර වීමෙන් විය හැක. නමුත් ලෝකය ශුන්‍ය දෙයක් නොවේ. 


ගෞතම බුද්ධ අර්හත් ආදී සියලු කෙලෙසුන් ප්‍රහීන කල වුන් යනු මේ ශුන්‍යතාව ද මනසේ නිර්මිතයක් ලෙස දකින අයෙකි. මේ දැන් මේ මොහොතේ තිබෙන කායික ( කයට අයත් ) කයෙන් ම ගොඩනගා ගත් මානසික ප්‍රපංචය අනුව ම ගිය ලෝකය මත ම හිදිමින් අප ලෝකය සත්‍යය හෝ අසත්‍යය හෝ ඒ දෙකෙන් එකක් නොවන එකක් හෝ ලෙස වශයෙන් ගනී.  නමුත් කය දරන තාක් කල් මේ දැකීම දකිමින් ඒ ඒ තැන තමන් ලෝකය සේවනය කරන දේ මානසික මඤ්ඤනාවක් මනසින් ගෙත්තම් කිරීමක් ම බව දකී .එසේ දකිමින් මෙහි නිත්‍ය සදාතනික නොවන දේ පිළිබදවත් දකින අනිත්‍ය සඤ්ඤාව ම මෙනෙහි කිරීමෙනි මෙහි ප්‍රරප්‍රප්තිය සිදුවෙන්නේ. 


මේ තැන , මේ මනස ලෝකය හෝ  ලෝකයෙහි කිසිවක් තමන්ගේ හෝ තමා හෝ වශයෙන් ගැනීමට හේතුවක් නොඋපදී. ඒ ඒ තැන දකින අසන දැනෙන කරන දේ ඒ ඒ තැන දකී. ඒ ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර බවකිනි. දකින දේ දකින තැනම නිෂ්ප්‍රභා වේ.  ඒ ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැති වන බව ඒ ඒ තැන ම දකී. ඒ දකින තැන පරම නිරෝධයකි ශාන්තියකි, අස්වැසුමකි. මේ දකින අනිදස්සන විඤ්ඤානයකින්, අනිත්‍ය සඤ්ඤාවකින්, ප්‍රපංච සඤ්ඤාවක් නැති අතම්‍යතාවකින්,  සති සම්පජන්නයකින් වෙසෙන්නේ ය. ඒ උපන් කය නික්මෙන තාක් ය.  විරාගයෙන් විමෝචනය ව නිරෝධනය තවත් කෙනෙකුට දැන්විය නොහැක්කේ ය. 


නමුත් ලෝකය අප අත්දකින්නේ, මුළුමහත් මානව සන්නිවේදනය ම ගෙත්තම් ව ඇත්තේ සංඥා සංකේත රූප  ඔස්සේ වන සං නිවේදන කාර්යක් මගිනි. ඒ භාෂාවේ මිත්‍යාධිකතාව හෙවත් භාෂාවේ අවිද්‍යාව මත ය. මිනිස් ක්ලේශ, ආශා,ලබ්ධි වටිනාකම් ධර්මතා මත ගෙත්තම් ව ඇති මොනයම් සත්ත්ව මිනිස් ඉන්ද්‍රිය මෙවලමක් වුව ඒ සැකසී ඇත්තේ මනසේ මායාව වහන් වන පරිදි ය. එම නිසා අපි  දැන  දැන  දැක  දැක  සත්‍යයට   විද්‍යාව ට පයින් ගසමු. 



එමනිසා මනසේ මිත්‍යා අවිද්‍යා සංකල්ප රූප මත ඉන්ද්‍රිය අනුභූතික දැනුම මත ඉදිරි කෙරෙන අධ්‍යාපනයකින් ධ්‍යාපනයක් දැක්විය නොහැක,  ඒ මන්ද යත් ? භාෂා විෂය අතික්‍රන්ත දෙයක් නොවන දැනුමක් නොවන සළායතනික ශක්‍යතා ඉක්මවා ගිය අත්දැකීමක් සළායතන මත රදන දැනුමකින් දක්වන්නේ කෙසේද? ඒ මන්ද යත් නිරපේක්ෂ දෙයක් සාපේක්ෂ ලෝකයකින් දැක්විය නොහැකි නිසා ය. 


දක්වන්න දෙයක් නැති ලොවක අත්දකින්න මිස ද්‍රව්‍යමය දැනුමක් ලෙස දක්වන්න මිනිස් භාෂාව පොහොනා නැත්තේය.  මිනිස් සංඥාව සන්නිවේදනය භාෂාව බිහිව ඇත්තේ ම මිනිස් මනසේ අවිද්‍යාව මිත්‍යාව හෙවත් මායාව ට ලබ්ධික ව ය. අනාශා දෙයක්, අත්දැකීමක් ආශා රැහැනකින් දක්වන්න යාම නිමක් නොවන අන්වරාඝ්‍ර වටවලල්ලේ යෑමක් පමණි. නිමක් නොවන වංකගිරියක අතරමං වීමකි අප මුලාව වෙසෙන්නේ මේ.


ඒ අනුව මානව භාෂාවේ මිත්‍යාව සහ අවිද්‍යාව මත මිනිස් චර්යාව සහ අවබෝධය සිමා ව ඇත. එම නිසා අප ලෝකය හෝ තමා පිළිබද හෝ කිසිවක් විද්‍යාව, දැනුම  වශයෙන් ගෙනෙන්නේ ම අපගේ මනෝ මුලික ප්‍රබන්ධයක් නිර්මාණයක් විනා අන් කවරක්ද? 

Saturday, July 4, 2026





Promoting and Profiting from Child Sexual Abuse on Instagram

Shame on BBC World Service?

The Commodification of Child Sexual Abuse as Media Spectacle: How Investigative Journalism May Reproduce the Attention Economy It Seeks to Critique

Watch the BBC World Service YouTube documentary: https://www.youtube.com/watch?v=6-y726qvZ6Q

Based on this media content, I offer a critical media content analysis from the perspective of digital media studies and the political economy of communication.

This documentary is interesting, informative, well-planned, and represents a compelling example of investigative journalism. However, I argue that its ultimate effect may reproduce the very media logic that it seeks to expose. My central argument is that, within the contemporary networked and algorithmic media environment, child sexual abuse has itself become a powerful media commodity. It attracts audience attention, generates engagement, and enhances institutional visibility. Consequently, even investigative reporting that seeks to expose exploitation may inadvertently become part of the same attention economy.

My argument is not that investigative journalism and social media platforms are morally equivalent. Rather, I argue that investigative reporting may inadvertently reproduce and commodify the spectacle of child sexual abuse within the contemporary attention economy. In the BBC investigation, Divya exposed how Instagram and other platforms facilitated networks associated with child sexual abuse material. The investigation presented important evidence of platform failures and raised significant questions about corporate responsibility. However, by concluding with Meta's response and its claims regarding efforts to combat child sexual abuse, the documentary also reinserted the corporation into a narrative of accountability and institutional reform.

A further dimension of my critique concerns the documentary's narrative structure. Throughout the investigation, Divya is positioned not merely as a journalist presenting evidence but also as the central narrative figure whose emotional responses become an important part of the storytelling. Her expressions of shock, distress, and discomfort—particularly when describing her inability to continue viewing certain child sexual abuse material—invite viewers to experience the investigation emotionally as well as intellectually. From a media studies perspective, this may be understood as a melodramatic narrative strategy in which emotional identification becomes a mechanism for producing audience engagement, empathy, and moral alignment.

From a critical political economy perspective, this raises a broader question: does investigative journalism merely expose exploitation, or can it also become part of the media economy that depends upon the circulation of traumatic and highly sensational content? By repeatedly presenting child sexual abuse as the documentary's central media theme, investigative journalism may unintentionally transform human suffering into media spectacle. The journalist's emotional narration, the documentary's dramatic storytelling, and the repeated verbal references to child sexual abuse together contribute to a powerful media event that attracts public attention and reinforces the institutional visibility and credibility of the broadcaster.

Within the contemporary attention economy, audience engagement itself possesses economic, symbolic, and institutional value. Consequently, one may argue that investigative journalism, despite serving an important public-interest function, can also participate in the same economy of visibility that characterises digital platforms. In this sense, child sexual abuse becomes not only a criminal issue requiring exposure but also a highly marketable media theme. The investigation may therefore contribute to what can be described as a secondary commodification of child sexual abuse: the abuse is first exploited within digital platform economies and is subsequently re-circulated within the news economy as investigative content that generates further audience attention, institutional legitimacy, and public engagement.

This argument is situated within the wider political economy of communication. Contemporary media conglomerates—whether digital platforms or traditional news organisations—operate within an attention economy in which visibility itself possesses economic value. Although their ethical responsibilities, editorial standards, institutional roles, and intentions differ significantly, both depend upon attracting audiences through compelling and emotionally engaging narratives. Consequently, representations of child sexual abuse may themselves become commodified, not only through algorithmic recommendation systems but also through the branding, promotion, and circulation of investigative journalism.

The critical question, therefore, is not simply whether media organisations expose abuse, but whether the repeated representation of abuse also participates in the same economy of visibility and spectacle that sustains contemporary media industries. If child sexual abuse has become one of the most powerful commodities within the global digital attention economy, then critical academic analysis should examine not only those who produce and distribute abusive material but also how media institutions represent, circulate, and repeatedly narrate such suffering. This is not an argument against investigative journalism itself. Rather, it is a call to interrogate whether the representation of abuse can itself become a second-order commodification of child sexuality within the political economy of contemporary media spectacle.

Major investigations, including those conducted by The Wall Street Journal in collaboration with Stanford University's Internet Observatory and the University of Massachusetts Amherst Rescue Lab, have documented how Meta's recommendation algorithms on Instagram actively connected, promoted, and facilitated networks involved in the trading of Child Sexual Abuse Material (CSAM).

A landmark investigation conducted by The Wall Street Journal in collaboration with researchers from Stanford University's Internet Observatory and the University of Massachusetts Amherst Rescue Lab demonstrated that Instagram's recommendation algorithms did not merely host illegal Child Sexual Abuse Material (CSAM) but actively facilitated connections between buyers and sellers. By analysing newly created Instagram accounts, the researchers found that minimal interaction with offending accounts rapidly triggered algorithmic recommendations directing users towards additional CSAM-related accounts. Rather than functioning solely as neutral content-ranking systems, Instagram's engagement-driven recommendation algorithms operated as discovery mechanisms that strengthened networks devoted to advertising, commissioning, and trading CSAM. Following the investigation, Meta acknowledged shortcomings in its enforcement systems and introduced measures intended to reduce the recommendation of exploitative content and related accounts (Horwitz & Blunt, 2023; Stamos et al., 2023).

Media Spectacle, the Attention Economy, and the Secondary Commodification of Child Sexual Abuse

This analysis is grounded in the political economy of communication, media spectacle theory, and critical digital media studies. Rather than evaluating the moral intentions of journalists or media organisations, the analysis examines the structural conditions through which representations of child sexual abuse may themselves become commodified within contemporary networked media. The central concern is not whether investigative journalism should expose child sexual abuse—it undoubtedly should—but whether such exposure also becomes incorporated into the economic and symbolic logic of the contemporary attention economy.

The first theoretical foundation is Guy Debord's The Society of the Spectacle (1967; English translation, 1994). Debord argues that modern capitalist societies are increasingly organised around spectacles in which social relationships are mediated through images, representations, and commodities rather than through direct human experience. According to Debord, the spectacle is not merely a collection of images but "a social relation among people mediated by images." Consequently, war, violence, disasters, political crises, and human suffering increasingly acquire exchange value because they circulate as visual commodities within media systems. From this perspective, representations of child sexual abuse may also become part of the broader economy of spectacle, where visibility itself generates symbolic, cultural, and economic value.

Building upon Debord's work, Douglas Kellner, in Media Spectacle (2003), argues that contemporary media industries increasingly construct dramatic public events as spectacles in order to attract audiences and shape public consciousness. Kellner demonstrates that modern media organisations compete for attention by transforming political conflicts, wars, disasters, crime, celebrity scandals, and social crises into compelling narratives. Investigative journalism therefore performs a dual function. On the one hand, it fulfils an essential democratic responsibility by exposing wrongdoing and holding powerful institutions accountable. On the other hand, it also produces emotionally engaging narratives that strengthen audience attention, institutional legitimacy, and media visibility. This contradiction lies at the centre of the present analysis.

The political economy of communication provides a further theoretical foundation through the work of Vincent Mosco in The Political Economy of Communication (1996; 2nd ed., 2009). Mosco argues that communication systems should be analysed through the interconnected processes of commodification, spatialisation, and structuration. Commodification extends beyond physical goods to include information, images, emotions, knowledge, audiences, and communication itself. Within commercial media systems, audience attention becomes a marketable commodity exchanged for advertising revenue, institutional influence, and economic profit. Consequently, media organisations are structurally encouraged to produce content capable of attracting and sustaining public attention.

This process becomes even more pronounced within digital capitalism. Christian Fuchs, in Foundations of Critical Media and Information Studies (2011), Social Media: A Critical Introduction (2014; subsequent editions), and Digital Demagogue: Authoritarian Capitalism in the Age of Trump and Twitter (2018), argues that digital platforms transform user activity, communication, emotions, and attention into economic value through surveillance, algorithmic recommendation, targeted advertising, and data extraction. Within platform capitalism, visibility itself becomes a commodity. Algorithms prioritise content capable of generating prolonged engagement because user attention is directly converted into advertising revenue and commercial profit.

The logic of continuous attention has also been examined by Jonathan Crary in 24/7: Late Capitalism and the Ends of Sleep (2013). Crary argues that contemporary capitalism increasingly seeks to eliminate interruptions to consumption by transforming every moment of daily life into opportunities for economic activity and media engagement. Within this twenty-four-hour attention economy, emotionally disturbing narratives—including violence, tragedy, crime, and abuse—frequently receive greater visibility because they generate stronger emotional responses, longer viewing times, and greater audience participation.

Similarly, Shoshana Zuboff, in The Age of Surveillance Capitalism: The Fight for a Human Future at the New Frontier of Power (2019), argues that digital corporations increasingly extract behavioural data and transform human experience into commercial prediction products. Although Zuboff focuses primarily on surveillance and behavioural data, her analysis also illustrates how human experiences—including fear, curiosity, outrage, empathy, and emotional engagement—become economically valuable resources within digital capitalism.

Drawing these theoretical traditions together, this article proposes the concept of secondary commodification of child sexual abuse. The first commodification occurs when child sexual abuse material is produced, distributed, algorithmically recommended, and economically exploited within digital platform economies. A secondary commodification may occur when the same abuse is repeatedly represented, narrated, branded, and circulated through news organisations, documentaries, and investigative journalism. Although investigative journalism serves a fundamentally different ethical purpose from criminal exploitation, both forms of representation exist within an attention economy in which visibility, audience engagement, institutional legitimacy, and commercial sustainability are closely interconnected.

Accordingly, this article does not argue that investigative journalism is morally equivalent to social media platforms that facilitate or profit from child sexual abuse. Rather, it argues that investigative journalism may inadvertently participate in the wider economy of media spectacle by transforming traumatic social realities into compelling public narratives. The critical analytical question, therefore, is not whether journalism should expose abuse—it unquestionably should—but how such exposure is shaped by the political economy of digital media, where public-interest reporting, institutional branding, audience attention, and economic value increasingly intersect. Understanding this tension between democratic journalism and the commodification of suffering constitutes one of the central challenges of critical media studies in the digital age.

References

Andrejevic, M. (2007). iSpy: Surveillance and power in the interactive era. University Press of Kansas.

BBC World Service. (2023). Instagram's algorithm and child sexual abuse [Video]. YouTube. https://www.youtube.com/watch?v=6-y726qvZ6Q

Couldry, N. (2012). Media, society, world: Social theory and digital media practice. Polity Press.

Crary, J. (2013). 24/7: Late capitalism and the ends of sleep. Verso.

Debord, G. (1994). The society of the spectacle (D. Nicholson-Smith, Trans.). Zone Books. (Original work published 1967)

Fuchs, C. (2011). Foundations of critical media and information studies. Routledge.

Fuchs, C. (2021). Social media: A critical introduction (3rd ed.). Sage.

Fuchs, C. (2022). Digital capitalism: Media, communication and society (3rd ed.). Routledge.

Han, B.-C. (2017). In the swarm: Digital prospects (E. Butler, Trans.). MIT Press.

Horwitz, J., & Blunt, K. (2023, June 7). Instagram connects vast pedophile network. The Wall Street Journal. https://www.wsj.com/articles/instagram-vast-pedophile-network-4ab7189

Jenkins, H. (2006). Convergence culture: Where old and new media collide. New York University Press.

Kellner, D. (2003). Media spectacle. Routledge.

Meta. (2023, June 7). Taking action against child exploitation on Instagram. https://about.fb.com/news/2023/06/taking-action-against-child-exploitation-on-instagram/

Mosco, V. (2009). The political economy of communication (2nd ed.). Sage.

Rescue Lab, University of Massachusetts Amherst, & Stanford Internet Observatory. (2023). Statement and research findings on child exploitation networks on Instagram. Stanford Internet Observatory. https://cyber.fsi.stanford.edu/io

Srnicek, N. (2017). Platform capitalism. Polity Press.

van Dijck, J. (2013). The culture of connectivity: A critical history of social media. Oxford University Press.

Zuboff, S. (2019). The age of surveillance capitalism: The fight for a human future at the new frontier of power. PublicAffairs.

 

 

 

මෝඩයා උඹ මෝඩයා...!!! ආදරය කරන බව ඔබට මා පුරා විසිවසක් නොදත් ඔබ, මුළු ලොවක් දන්නා  ඔබ නොදන්නා  මෙතෙක් කල් කෙලෙස මා ළඟ ගැවසී, කුමට මා ළඟ ගැවසී...