Wednesday, August 26, 2026







මෝඩයා උඹ මෝඩයා...!!!




ආදරය කරන බව ඔබට මා

පුරා විසිවසක් නොදත් ඔබ,

මුළු ලොවක් දන්නා 

ඔබ නොදන්නා 

මෙතෙක් කල්

කෙලෙස මා ළඟ ගැවසී,

කුමට මා ළඟ ගැවසී...?



කියන්න එපෑ ඒ බවක්,

ඇයි කිව්වේ නැත්තේ මට

කලින්ම...?



“ඔබ මට ආදරෙයි”

කියන්නට

මම කෙනෙක් හොයාගන්නා කල්

හිටියේ ඇයි ඔබ?



කිවේ ඔබ

විසිවසක් ඉක්මවා

මගේ ලෝකයේ

සියලු හද සේසතම

සොරා ගෙන 

පොදි කරන්,

සිරකරන්,

අරන් ගොස්,

සිදීත් ඉවර වූ පසුත්

ආයේ වෙන කෙනෙකුට දෙන්න 

ඉතිරි කර ගත්තේ නෑ 



ඔබ ආදරය

වෙන අයෙකුට පුදා ඇති බව

දැනගත් මොහොතේම

“යන්න... ඔබ යන්න...”

මෙහි නොසිට තත්ත්පරයක් 

මවෙතින් නික්මී...



ගරු කරමි

ඔබේ ප්‍රේමයට.


ඔබට ඕනේ දේ

දනිමි මම.


දුර ඉඳන්

හැකි සෑම දෙයක්ම

ඔබට කරන්නම්,

ඔබට අවැසි විලස...

මෙතෙක් කල් කළ විලසම 

ඔබටම අවැසි ලෙස 


“යන්න... ඔබ යන්න...

ඉන්න එපා

මා අසලකවත්.”


හිත හදාගන්න මට,

නොමියෙන්න මට,

කියද්දීත්

ඇයි නොගොස්

මෙහි රැඳුණේ?

තවතවත් 

මොනවටද මෙහි රැදුනේ 



“මටත් යන්න බෑ එහෙම...”

ඔබ කියන විලස

මේ හනික

යැයි කියා

මට කිව්වේ...


යනවා නම්

ඔබ යන්නේ

එක කකුලක් මෙහි තබා,

අනෙක් කකුල එහි තබා,

අඩමානව සිටින

මේ මොහොත

ඉක්මණින් පසුකරන්,

සදහටම

කකුල් දෙකම එහි තබාගත්

පසුව බව...


දැන දැනත්

මම සිටියේ...


කුමකටදැයි

නොදත් ඔබ,

තව තවත් ළඟ ඉඳන්,

ගිහිල්ලත් සිටින්නේ...

මොනවටද?



මගේ ගත් හද ණය

ගෙවන්නට නම් නොවේ,

තව තවත් ණය වෙන්න බව

දැන දැනත්

මම සිටියේ...


කුමට බව

ඔබ නොදත්,

බව දැනත්

තව තවත්

මම සිටිමි...


වෙන තැනකට

පියාසර කරන්නට තරම්

තවත් හද පණ කොදක්වත්

ඉතිරිම ඉතිරි නැතිව...


එකපාර,

හිටිහැටියේ,

ඉගිළ යන ආදරය

කරන්නට

ඔබට හැකි වූ විලස

නොහැකි මට...



ලෝකයා හිනාවෙයි


“මෝඩයා...

උඹ මෝඩයා...”


උඹව අන්දන් හොඳටෝම,

ගලවනවා උඹේ

හද සේසතම...


දැන්වත්

උඹට ආදරය කරන එකෙකුට

කරාපන් ඔය උඹේ

ගොබ්බම ගොබ්බ

ආදරය...


“මෝඩයා...

උඹ මෝඩයා...”




1 comment:

  1. ආයෙ නම් සර් මොකුත් කරන්න එපා ඔය වගේ කළගුණ දන්නැති බූරුවෙක් වෙනුවෙන්..යාළුවෙක්වත් හිටියෙ නැද්ද සර් මේකා මේවගේ කියලා කියන්නවත්..වෙච්ච දේ වුණා දැන් හිතන්නවත් එපා සර් ඒ ගැන..ඔයිට වඩා දේවල් මනුස්සයන්ට වෙනවා කියලා අමතක කරලා දාන්න…ඔහොම එකෙක් ගැන නිසදෙසක්වත් ලියන්න එපා…ඕවා දකින අය ඊටපස්සෙ එක එක්කෙනාට කියනවා..ඒක සර්ට හොඳ නැහැ..සර් දක්ෂයෙක්නෙ..සර්ගෙ ගමන සර් යන්න…

    ReplyDelete

මෝඩයා උඹ මෝඩයා...!!! ආදරය කරන බව ඔබට මා පුරා විසිවසක් නොදත් ඔබ, මුළු ලොවක් දන්නා  ඔබ නොදන්නා  මෙතෙක් කල් කෙලෙස මා ළඟ ගැවසී, කුමට මා ළඟ ගැවසී...