Sunday, May 31, 2026



හඬ නිහඬ වන සැටි දකින්න !

 

ඔබ හඬ ඇතුලේ තිබෙන නිහඬ බව අත්දැක තිබේද

බොහෝ මිනිසුන්ගේ ජිවිත ඇතුලේ වරෙක එළියෙන් බාහිරෙන් ඇසෙන මහා ශබ්දයකට මොකුත් නොඇසුනා සේ ප්‍රතිචාර නොදැක්වීමත්, තවෙකෙකු, ඒ සදහා ඉතාමත් හඬින් තදින් දොස්පරෝස් නගමින් පෙරලා ප්‍රතිචාර දැක්වීමත් පදනම් වන්නේ, ඒ ඒ කෙනාගේ මානසික ප්‍රත්‍යස්ථතාව (දරාගැනීම) සේ සැලකිය හැක. නමුත් මෙහි පුදුම හිතෙන සුතුරක් (formula) තිබේ. එනම්, ලොකු හඬක ඇති නිහඬ බවත්, නිහඬ බවෙක ඇති ලොකු, බරපතල, මුවහත් හඬත් අප නොදැක මියගියහොත් එය අපගේ ජිවිතයේ සාමුල අපරාධයකි. හඬ ඇතුලේ ඇති නිහඬ කම අප දකින්නේ කෙසේද ?

මේ අපගේ ඉන්ද්‍රිය ආනුභුතික සංජානනයට, පෙනෙන ඇසෙන දකින සිතෙන දේ ඔබ සිතන්නේ නිවැරදි කියාද ? ඔබ ඔය දකින පෙනෙන ඇසෙන සිතෙන පසිදුරන්ට ගෝචර සංජානන මට්ටම සත්‍යයක් හෝ සාපේක්ෂ සත්‍යයක් හෝ වන්නේ නම්, ලෝකය ඔබට මට පෙනෙන දැනෙන සිතෙන මේ විදිහෙන්ම පවතින්නේ නැත්තේ ඇයි ? එහෙත් සත්‍යය නම්, එය මේ දකින ඇසෙන සිතෙන පෙනෙන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුම අනුවම, එය එසේ නොපවතින බව මේ මිනිස් සත්ත්ව ජෛව කායික ඉන්ද්‍රිය විසින්ම ගෝචර දැනුමකින් සංජානනය කරගන්නේද අද දෙයක් ( ද්‍රව්‍යය, ධම්ම ) තිබෙනවා යයි කියා දකින සිතෙන පෙනෙන ඇසෙන ඉන්ද්‍රියටමය. ඒ කෙසේද? . එනම් හඬ සේ නිහඬ බවත් හඬවන දෙයක් බවත් අප ඓන්ද්‍රීය ( ඉන්ද්‍රිය සංජානනය ඉක්ම වූ ) දැනුමකින්  ඥානයකින් දතොත් ඒ වැදගත්ය. ඒ මන්ද, ලෝකයේ ඉන්ද්‍රිය ගෝචර දැනුමකට, ඥානයකට හසුවන කිසිවක් ම එසේ නැති වශයෙන් දැකීමට නොහැක්කේ මානව භාෂයික දැනුමකින් සංකල්පයකින් මේ දේ දැක්වීමට පොහොසත් නොවන හෙයිනි.

නමුත් මේ උඩ ම විසින් දක්වන සැබෑව එක්මොහොතක ඔබගේ මගේ අවබෝධයට ක්ෂණිකව පැමිණ ක්ෂණිකව නික්මෙන ක්ෂණභංගුර ඥාන මිමංසාවකට පමණක් හසුවෙනු ඇත. එනම් මේ කියන දේ ලොව සෑම සත්ත්වයෙකුටම පෙනී නොපෙනී යයි. එය සෑම නිමේෂයකම, නිබද පෙනී නොපෙනී යන නිසා අපට මේ දකින ඇසෙන පෙනෙන සිතෙන දේ  පිළිබද වන ක්‍ෂුද්‍ර සංවේදී ක්ෂණ භංගුර සැබෑව ඉන්ද්‍රිය දැනුමකින් හසුකරගත නොහැකි ව තිබේ.

එනම් ඉහත වැටහීම සාමන්‍යය ගණිතමය තර්ක දැනුමකට ප්‍රකාශ කල නොහැක්කේය. එනම් මෙතෙක් අප උගන්වන, ඉගෙනගන්නා දැනුම යනු රේඛිය ව්‍යුහගත ගණිතමය එකාකෘතික පටිතයකි.  ඒ අවබෝධය යනු භාෂා විෂය අතික්‍රන්ත මොළයේ අශ්පර්ෂිය දැනුමක එසැන ක්ෂණභංගුර සංස්පර්ශ්යක් පමණකි. එනම් බල්බයක් දැල්වී නිවෙන තැන ඇති ඉතාමත් සියුම් අවකාශීය නොවන අකාල අද්වයිතය ඔබ දැක තිබේදමේ දේ දැකගන්න පිළිවන් හොදම දේ ඔබගේ හුස්ම උඩට හෝ යටට වැදී අනෙක් පසට ( උඩට හෝ යටට ) වැදීම අතර ගැටුමේ සියුම් විභේදන පරතරය ඔබ විසින් හසුකරගැනීමයි. එය ඔබට හසු වී තිබේද? හුස්ම උඩට හා පහතට වැදෙන  තැන හුස්ම දෙකක් අතර ඇති සියුම් පරතරය ඔබ දැක්කේ වී නම්, එතැන කිසිවක් ම නැති අන්තරයක් ද නැති තැනක් බව දකිනු ඇත.

එනම් ඔබ නිහඬ කළුවර රැයක පත්තුවෙවී, නිවි නිවී නික්මෙන, එක තැන නොවසන කනාමදිරියෙකු ඔබ දැක තිබේද ? ආන්න ඒ මෙන් වන නික්ලේශී ගතිකයකි අප ඉන්ද්‍රිය අත්දකින ලෝකය. නමුත් අප සියළු ද්‍රව්‍යමය දෑ සරණ යන්නේ ද්‍රව්‍යමය සංරචකයක් මත කය පවත්වන නිසයි. නමුත් ලෝකයේ ඇතිතාක් සමාජීය ( සංස්කෘතික ) හෝ වෙනත් ( ආර්ථික -දේශපාලන, තාක්ෂණික හෝ මොනයම්)  ගැටළුවක් හටගෙන තිබෙන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයත් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයත් හටගන්නා නිසා නොවේ. ඇතිතාක් ලෝකයේ ද්‍රව්‍යය  (භෞතිකය ) මත අර්භුද නිර්මාණය වෙන්නේ ( මිල මුදල්, තෙල් සහල්, ....ආදී ) ලෝකයේ දුක සැප හෝ උපේක්ෂා වශයෙන් වන ලෝකයේ "ඇත" කියා කයට ( ඉන්ද්‍රියයට ) හසුවෙන දේහි ඇති "නැති" ( නොමැති)  දේ නොදකින නිසා ය. ද්‍රව්‍යය දෙයක් වෙන තැනක "ධම්ම" හට ගන්නා බව බෞද්ධ "ධම්ම" යන්නට උසස් නිබන්ධනයක් සපයන ඔක්ස්ෆර්ඩ් සරසවියේ පෙරදිග භාෂා සංස්කෘත දර්ශන මහාචාර්‍ය ජෝන් රෝස් කාටර් දක්වයි. එනම්වැරදියට වටහා ගත් මානසික විපල්ලාසයේ හෙවත් නොමැති දෙයකට ඇති ලෙසත් ඇති දෙයකට නැති ලෙසත් වශයෙන් ගන්නා අපගේ මානසික ආරම්මණයේ නිතැනින්ම ඇති නිසඟ ද්විමය ප්‍රතිවිරුද්ධාභාසය නිසාය අපට මේ ඇති යන්නෙහි නැති බවත් නැති යන්නෙහි ඇති බවත් නොපෙනෙන්නේ.

එනම් කෝකින්  කෝකද පවතින්නේ හෝ නොපවතින්නේ හෝ වශයෙන් අප දැනට ලෝකයේ ජෛව ලෝකයේ දැනුම වශයෙන් ඇති ගණිතමය එළඹුම අමුලික බොරුවක් වන නිසාය අපට මේ කියන නැතිබවෙහි ඇතිබවත්, ඇතිබවෙහි නැතිබවත් මේ මිත්‍යා ඉන්ද්‍රියට, සාමන්‍යය ලෝක සමාජීය මනෝ භෞතික සංජානන ව්‍යවහාරය තුල හසු නොවන්නේ. ඇත කියා අප අදහන විශ්වාස දැක්ම හැගීම් ආදී දැනුම් නිර්මාණය මනසින් ම අභිජනනය කරගන්නා අකාරය යමෙක් දුටත්, හෙතෙම ලෝකය තමන්ගේ සිතේ ම හුදෙක් නිර්මාණයක් වශයෙන් දකී. එසේ දැකීමෙන් මේ පිළිබද ප්‍රත්‍යක්ෂ දැනුමක් අවබෝධයක් ලබන පරිජානන මට්ටමකින් මනස ඉක්ම වූ අතින්ද්‍රීය දැනුමකින් නොව ගැඹුරු නුවණකින් ( ) භාෂාව ඉක්මවූ අන්තර් ඥානයකින්ම  මේ දේ දැකිය යුතුය.  මේ දේ තේරුම් ගත හැකි වන්නේ ඉර්වින් ශ්රෝදින්ගර් විසින් ජර්මනියේ සිය රසායනාගාරයේ අංශුවක ඇති කුඩාම ඒකකය ක්වොන්ටම් භෞතික දැනුමකින් සොයන අතර තුර දිනක් සිය නෙත තබා කුඩා ක්ෂුද්‍ර අන්වීක්ෂයකින් ඒ අංශුව දකිනවත් සමග ඔහුට ප්‍රත්‍යක්ෂ වුනේ " මේ කුඩා  දේ දකින්නෙත් මගේ මේ ඉන්ද්‍රිය සංජානන ලෝකයකින් හෙවත් මේ මගේ ඉන්ද්‍රිය මගේ මොළය දකින රේඛිය දැනුමකින්, ඉතින් එය කෙසේද විද්‍යාත්මක වන්නේ හෙවත් විශ්වාස කරන්නේ , මොකද මම කොතරම් කුඩා යාන්ත්‍රික ලෝකයේ උසස්ම  තාක්ෂණික දැනුමකින් ලෝකය උරගා බලන්නෙත් මේ පවතින සරල රේඛිය ආලම්බන උපාදාන ආශා දැහැනෙන්, ඉතින් කොහොමද මේ දේ නිවැරදි කියා කියන්නේ ... වශයෙනි.

එනම් එකයි එකයි දෙක වශයෙන් දක්වන සාධනය මත අප ලෝකයේ සියලු මේ තාක් ප්‍රක්ෂේපණ  ( නිර්මාණ ) ඉදිකර ඇත. එය මහා මිත්‍යාවකි. ඒ මන්ද එක මගින් පෙන්වන්නේ තිබෙන "ඇති" පවතිනවා යයි දක්වන ධන සාධනයකි. නැති බව හෙවත් නිෂේධනය දක්වන්නේ එය එක සෘණ වශයෙනි. එක ධන වශයෙන් දක්වන්නේ එක ටම ය. එක ධන එකතු කිරීම එක සෘණ සමානයි බිංදුව. බිංදුව මගින් පෙන්වන්නේ නැති බව දක්වන නිෂේධනය නම් නොවේ. බිංදුව අයත් වන්නේ "වට්ටන් වට්ටති" නමැති පාලි භාෂාවේ දැනුම් කේතනයේ දක්වන සාර්වත්‍රික අඛණ්ඩ චක්‍රීය ස්වභාවයකටය. එය පැවැත්ම හෝ නැවැත්ම  හෝ  ඒ දෙකම නැති හෝ ඒ දෙකම නැති හෝ මේ කියන සුත්‍රය මගින් දැක්විය හැකි හෝ නොහැකි හෝ දෙයක් වන නොදෙයක් වන හෝ මේ අප ඉන්ද්‍රිය මගින් භාෂාව මගින් සන්නිවේදනය කරන දෙයක් නොවේ. එසේ නම් බිංදුව භාවිත කරන්නේ සංජානන ලෝකයෙන් දැක්විය නොහැකි දෙයක් සාපේක්ෂ වශයෙන් දැක්වීමට දෝ යන්න බොහෝදුරට තර්ක කල හැක. එනම් මෙය මුලාකරගත් අන්තයකි. නැති දෙයකට ඇති බව දක්වන "එක" ( 1) ත් ඇතිදෙයකට නැති බව දක්වන එක සෘණ සංකේතයෙන් දක්වන්න පොහොනා නැති  තැන ශුන්‍ය දැක්වීමට දෝ භාවිත කරන "බිංදුව" ( 0) ත් නිසා ලෝකය වඩාත් මානසික මායාත්මක ප්‍රබන්ධයක් බවට අප විසින් ම පත්කරගෙන ඇති බව වත්  ඉතින් අප කෙසේ මේ මිත්‍යාමය ප්‍රබන්ධයෙන් වශීකෘතව ඇති මොළයෙන්  හෙවත් ජංජාලමය මිනිස් බුද්ධිමය චින්තනයෙන් (ප්‍රජානනයෙන් ) හෙළිකරගම්ද ?

එය කවදාවත් කරගත නොහැකි ප්‍රමේය සාධනයකි. ඒ මේ භාෂාව සහ ඒ භාෂාව අනුගත සංකල්පීය චින්තනය විසින් අනුදක්නා තර්කන ක්‍රමය මිත්‍යාව මත හෙවත් අතින්ද්‍රීය දැනුමකින් දැක්විය නොහැකි අවිද්‍යාවකින්ම අපගේ උගත්කම් වැසි ඇති නිසාය.

සිදුකරගත හැක්කේ දකින තැන හෙවත් මිනිස් චින්තනයම අමුලික ප්‍රෝඩාවක් මත දිවෙන එකක් බව සිතීමෙන් තේරුම් ගැනීම ද නොවේ. එසේ සිතීමද අයත් වන්නේ යට කී මිත්‍යා අපෝහන ගණිතමය සාධනයටයි. මෙතෙක් මේ සියල්ල දකින ලදුව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුමකින් ම දැකීමෙන්  මිත්‍යා දැකීම ප්‍රහීන  කරගැනීමය අවශ්‍ය වන්නේ. එනම්, සියලු ගණිත මිණිත සංඛ්‍යාන සහ සංඛ්‍යාවට ගණන් ගන්නා සියල්ල ප්‍රපංච ( මනෝ වෘත්තීය/ මනෝ අභිරමණිය/ ආරම්මණ/ උපාදාන ) සංඥා වශයෙන් සංඛ්‍යාවට ( ගණන් ගැනීමට ) බැදී අප මුලාවට වැටි සියලු ඉදිකිරීම් නිර්මාණ පවත්වාගෙන යන බවයි මින් කියවෙන්නේ.  ඒ කිසිත් නැති දෙයක් "සමුදා" වශයෙන් සමුහ වශයෙන් " ඇතිබවට" සත්කාය දෘෂ්ටියකින් ( වැරදියට වටහා ගත් මිත්‍යා අවිදු අදුරු  දැක්මකින් ) අප ලෝකය අත්දකින නිසා අපට මේ කියන දේ මේ මිත්‍යා ප්‍රබන්ධිත ප්‍රජානනයට ( මිනිස් බුද්ධි චින්තනයට) හසුවෙන්නේ නැත.

අප තිබහට වතුර බී තිබහ නිවා ගත් පසුත් නැවත තිබහ එන්නේ මනස ඉල්ලන නිසාද කය ඉල්ලන නිසාද වශයෙන් වෙන් කල නොහැක්කේ අප මනස යන්න සංකල්පීය ප්‍රපංචයක් ලෙස නිර්මාණය කරගෙන ඇත්තේ ම කය සහ කයෙහි ආවතේව කම් කිරීමට උපයුක්ත මිනිස් මිත්‍යාව මත සම්මුතික භාෂාව සහ ඒ අනුව සිතන සහ සංකල්ප ගත තර්ක සහ සංජානන සන්නිවේදනයක් මත අප පිහිටා  සිටින මිනිස් චින්තනයේ සරල රේඛිය එකාකෘතික ගමන් මග නිසාය. එනම් අප පුරුදුව සිටින්නේ මනසේ ආවතේවාවක් කිරීමට මානව සන්නිවේදනය මෙහෙයවීමට මිස සැබෑව දැකීමට නම් නොවේ.

ඒ මන්ද යත්? කෙටියෙන් කිවහොත් මනස ගෙත්තම් ව ඇත්තේ මිත්‍යාමය ප්‍රබන්ධ සාගරයක් මත විනා සැබෑ යථාවාදී ද්‍රව්‍යමය සංරචකයක් මත නොවේ. එනම් ද්‍රව්‍යය පවතින්නේ මනෝ සංඥාව මතය, සංඥාව පවතින්නේ රූපකය මතය, රූපකය පවතින්නේ නැති දෙයක් ඇති බවට පත්කරගෙන තිබෙන කැඩිය නොහැකි සාමුච්චිත මනෝ මුලික ඉන්ද්‍රිය සළායතන සම්මුතික සංජානන අවිද්‍යාවක්  මතය. සංජානන සම්මුතික චින්තනය සහ භාෂාව මිනිස් සංස්කරණයක් සහ ප්‍රබන්ධයක් විනා අන් කවරක්ද? ප්‍රබන්ධයකින් දැකිය හැක්කේ ප්‍රබන්ධයක් විනා අන් කවරක්ද? අප භාෂාව මගින් ඉදිරියට ගෙනෙන සංකල්ප බහුල  සංකීර්ණ අසම්පුර්ණ දැනුම  සහ අවබෝධය ප්‍රබන්ධ නිර්මාණාත්මක චින්තනයකි  - එය හුදෙක් විශ්වාසයක් පමණකි. 

එනම් මිනිසා අතර ඇතිකරගත් සම්මුතික භාෂා ප්‍රයෝග අනුව මනසින් ගොඩනගන සංකල්ප රූපකය පවතින්නේ මානසික උපාදානයක් ආරම්මණයක් හෙවත් සංකල්ප රාගයක් මතය. එය රාගයක් හෙවත් ආශාව සහ ලබ්ධිය සහ ප්‍රණිධිය  මත ආලෝලනය වූතනිකර සිතින් ආලම්බනය වූ ආකර්ෂණයක් නිසා ප්‍රබන්ධ කරන ලද ගෙත්තමකි. එය පිටස්තර යෙදවීමක් හෙවත් දෝෂ සහිත මුලාවට ලක් වූ මනසෙන් හදා ගත්  සංකල්පයකින් මිනිසුන්ගේ කාම දාහය නිවාලන ( කයේ පැවැත්ම මුල් කර ගත්)  සමස්ථ වශයෙන් පවත්වාගෙන යන දැනුම් ප්‍රබන්ධයක් විනා අන් කවරක්ද?

මනසක් නැති තැන මනසේ මායාවකින් ලෝකයේ ද්‍රව්‍යය හසුකරගන්නා ආකාරය යමෙක් දුටුවෝතින් ද්‍රව්‍යය අද්‍රව්‍යයෙනුත් අද්‍රව්‍යයය ද්‍රව්‍යයෙනුත් සුණුවිසුණු වන්නේ කර්මකාරකයෙනි.  එනම් ලෝකයේ කරන්නෙක් හෝ දකින්නෙක් හෝ කතෘකාරක කෙරුවාවක් මගින් ලෝකය පිළිබද  පිළිසිද ප්‍රත්‍යක්ෂ දැනුමක් ලැබිය හැකි නොවේ.  එතැන කරන්නෙක් නැත. කරන දෙයක් නැත. කතෘකාරකයෙන් කිරීමට පුද්ගලයෙක් එතැන හෝ මෙතැන  හෝ කොතැනවත් නැත. එම නිසා කතෘකාරකයෙන්  " මම " මුල් වෙලා කරන කිසිම දෙයකින් මිනිසාට කිසිදු ප්‍රගතියක් ඇත නොවේ. දැනුම අවබෝධය ලබන්නේ පොතින් පතින් භාෂාවෙන් චින්තනයෙන් ඇතුළු රූපක කේත සංඥා අඩයට තබාගෙන කරන, මානසික අල්ලස් විසිනි. එකක් අනෙකෙහි ගැටුමෙන් හෝ ඇලුමෙන් හෝ ද නොවේ. එක එනකොටම එනෙක මතුවෙයි.  ලෝකය පවතින්නේ ස්වයං සංසිද්ධ කර්මකාරක රටාවකින්.   ද්‍රව්‍යය මගින් මනස හැඩගැසන්නේ  නැත. මනස විසින් ද්‍රව්‍යය හැඩගැසනු  ඇත. ඒ සිදුවෙන්නේ කතෘකාරකයෙන්  නොවේ - ඒ සිදුවෙන්නේ කර්ම කාරකයෙන් හෙවත් අපුද්ගල අනිබද්ධ අනිදස්සන අතම්‍යයතාවකිනි. ලෝකයේ මිනිසුන් බොහෝ දේවල් කරත් ඒ සියල්ල නැවත ද්‍රව්‍යමය ලෝකයේ අලුත් දුලිත් නැතිව විසිර යන්නේය. එය නොදකින මනසකින් මිත්‍යාව හැර විද්‍යාව කියා වැළද ගන්න තියෙන්නේ වෙන කුමක්ද

Thursday, May 28, 2026



  "ගුරුන් සහ භික්ෂුන් සියතින් ලිංගය කපාගැනීම"


රාජ්‍ය විශ්වවිද්‍යාල මහැදුරන් සහ බොදු භික්ෂුන් අතින් පමණි ද ලිංගික අපචාර සිදුවෙන්නේ ?


ලිංගික අපචාර චෝදනා මත වත්මන්  ස්ත්‍රී - පුරුෂ සමාජ භාවී නීතිය අනුව මානව සෞන්දර්යය නික්මෙන්නේද ? 


ගිලිහී  යන මානව සෞන්දර්යය, ලිංගිකත්වය, නීතිය, දඩුවම සහ මානව අයිතිවාසිකම් පිළිබද අද අපි  කයිවාරුවක් ගසමු.


මේ දිනවල රටේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනකම කතාවෙන දෙයක් නේ මහාචාර්‍යවරුන්, පුජකයින් රටේ නීතිය අනුව සහ සදාචාරය අනුව ඔවුනොවුන් විසින් අනෙකා කෙරෙහි කරන සහ දක්වන ලද නොරිස්සුම්  ලිංගික ක්‍රියා නිසා ඇතැමෙක් දඩුවමට පාත්‍රවන ආකාරයත් තවත් කෙනෙක් නීතියේ හෝ ආණ්ඩුවේ හෝ කෙසේවෙතත් රටේ මේතාක් බලපවත්වන ලද අධිපති මහේශාඛ්‍ය බෞද්ධ යයි දේශපාලනය කරන ලද සංස්කෘතික සදාචාරා  මිමි නිසා රැකවරණය ලබන ආකාරයත් ....

මගේ පර්යේෂණ රංග මඩලෙහි නොහොත් ෆේස්බුක් පතෙහි දැක්වෙන, සිදුවෙන දෑ දෙස වඩාත් මාධ්‍ය මානව විද්‍යාත්මක ඇසෙන් ගත්  විට මෙකි අතත්‍ය ඩිජිටල් මාධ්‍ය අවකාශයෙහි මෙතරම් බරපතල ආකාරයෙන් මෙතෙක් වසාගෙන සිටි අතිසංවේදී ලිංගික ප්‍රස්තුත පිළිබද මිනිසුන් දක්වන කියන පෙන්වන දේ අතිශය මානව වංශවිද්‍යාත්මක ගුණාත්මක දත්ත පැතිකඩක් සේ දකිමි.  ඒ අරුතෙන් මේ පිළිබද යම්බදු විචාරාත්මක සංස්කෘතික සන්නිවේදන අරුත් දීපනයක්  කිරීමට උත්සුක වෙමි.


1. පළමු කරුණ,  මගේ ඇස  සිත කෙතරම් ආසක්ත වුනත් තවත් බාහිර ප්‍රපංචයකට එක්කෝ මිනිසෙකුට හෝ වෙනත් ඓන්ද්‍රීය වස්තුවකට අන් සතු, ඒ පිළිබද ඔවුනොවුන්ගේ අකමැත්තෙන් හෝ තවමත් හොදින් කය මනස පුෂ්ටිමත්ව නොවැඩුණු වයස අවුරුදු 18 හෝ එයට වැඩි හෝ අඩු කුඩා දරුවන් මගේ නෙත සිත ගැටෙන ආසක්ත භාවය හෝ කෙරෙහි මා දක්වන අත්තනෝමතික  ආශාව නීතියේ සහ සදාචාරයේ නෛතික සාදු සම්මත ප්‍රකරණ පරිදි දක්වන්නේ අපචාරයක්, අපරාධයක්, නොමිනිස් කෘර වදබන්ධනයක් ලෙසයි. කොටින් කියතොත් අකමැත්තෙන් කා සමග හෝ රස ආශා මානසික සංතෘප්ත රමණය රාජ්‍යයෙන් නීතියෙන් සමාජයෙන් සභ්‍යත්ව සංස්කෘතිය විසින් අතිශය පිළිකෙව් කෙරේ. 

ෆෙස්බුකියේ වේගයෙන් රඟන මිනිස් සංවේදී භාවප්‍රකෝප බල සංදේශ මතින් පොදුවේ පෙනෙන්නේ, එසේ අකමැත්තෙන් හෝ නොමේරු කුඩා දරුවන් හෝ තරුණ තරුණියන් සමග හෝ වැඩිහිටි මිනිසුන් සමග එසේ අපචාර අපරාධයක් කල අයෙකු රාජ්‍යය විසින් කුමන සභ්‍යත්ව සදාචාර ආගමික හෝ දේශපාලන  වැඩවසම් ගෝත්‍රික සංස්කෘතික බලයකින් යටපත් කරන්නේ නම්, එය ඒ රාජ්‍යයේ මාධ්‍ය හෝ ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිවාසිකම් බරපතල උල්ලංඝනයකට ලක්වන බවයි.

නීතියට දඩුවමට මිනිසා දක්වන භිය නිසා වැරදි නොකිරීම අතිශය යටත්විජිත ගෝත්‍රික වැඩවසම් රාජ්‍ය පාලන ක්‍රමයකි. නමුත් නීතිය රටක සංගත වන්නේ එරටේ මිනිසුන් කෙතරම් තමන්ටත් අනුනටත් සතා සිව්පාවටත් ගහකොළ ඇල දොළ ආදී සප්‍රාණික වස්තුන් මෙන්ම සියලු දේ කෙරෙහි දක්වන උනුන් අතර පවතින ගරුත්වය, පිළිගැනීම, අගයකිරිම, විශ්වාසය, අවබෝධය, අන්‍යෝන්‍ය අවබෝධය යනාදී මානව ශිෂ්ඨ සන්නිවේදන අධ්‍යාපනික සාක්ෂරතාව මතය. 

මේ නම් අන් කවරක්වත් නොව, විවිධ රටවල අනන්‍ය සංස්කෘතික වටිනාකම් පිළිබද ජාත්‍යන්තර වශයෙන් සන්නිවේදනය වන්නේ කෙසේද පිළිබද පර්යේෂණය කල මහාචාර්‍ය ක්‍රිෂ්ණමුර්ති ශ්‍රීරමේෂ් දක්වන පරිදි ජාත්‍යන්තර (ජාතීන් අතර වන) සංස්කෘතික මහජන සම්බන්ධතාවයි. එනම් මිනිසා තවදුරටත් දඩුවමට ඇති භිය කරන කොටගෙන නීතිය එරටේ 2026 දීත් ක්‍රියාත්මක වන්නේ නම් එය අතිශය ගෝත්‍රික වැඩවසම් වහල් ම්ලේච්ඡ සමාජයක් ලෙසයි අද සලකන්නේ. අපේ රටේ නීතිය සංස්කෘතිය, සදාචාරය,සභ්‍යත්වය, සංවරකම,අවංකකම,රසික සෞන්දර්ය සාහිත්‍යය යනාදිය උගන්වන්නේ වෙන් වෙන් වශයෙනි. දියුණු රටවල දැනුම යනු තවමත් මුදල් උපයන පටු පරමාර්ථය ඉක්ම වූ, මානව ශික්ෂණය රකින, මානව ගරුත්වය රකින, සෞන්දර්ය ක්‍රියාවලියකි. මිනිසා පිළිබද ඇති දයාව කරුණාව ආදරය, ගරුත්වය මත නීතිය ඉදිරියට ප්‍රක්ෂේපණය වේ. දඩුවමට ඇති භිය කරන කොටගෙන අප රටවල නීතිය  ක්‍රියාත්මක වන්නේ මිනිසා පෙළීමට විනා මිනිසා ආරක්ෂා කරගැනීමටද? 


අප රටවල තවමත් බෙදී වෙන් වී විෂය පථ ක්ෂේත්‍ර ශික්ෂණ තම තමන්ගේ කරගන්නේ කුමක් සදහාද ? ඒ, රටේ සමාජයේ අපේ මගේ අවංක සතුට සංවරකම ආරක්ෂා කිරීමට නොව මුල්‍යය සෙවීමට වඩා, යටත්විජිත ගෝත්‍රික වැඩවසම් වහල් පරපිඩන අහංකාරකමක් උද්දච්චකමක් අනුන් ඉදිරියේ දැක්වීමට මෙන්ම, තමන් අනුනටව වඩා උසස් ශිෂ්ඨ බව දැක්වීමටය. එසේ අප දැනුම එකිනෙකින් වෙනකොට බෙදා වෙන් කර එකිනෙකාගේ භූදලයක්, ගෙදරින් ගෙනා දෙයක් ලෙස පරණ පඩංගු වංශවත් පරපිඩන ක්‍රමයකින් පවත්වාගෙන යන්නේ ම අප තවමත් ගෝත්‍රික වැඩවසම්  ම්ලේච්ඡ මානසික අවපිඩනයකින් පෙළෙන නිසා,  තමා විතරයි ලොක්කා අනුන් සොක්කා යන පරපිඩන තුච්ඡ කාමුකත්වයක් විසිනි. 


2. දෙවන කරුණ වන්නේ එසේ මිනිස් ආශාව හෝ සෞන්දර්ය පිළිබද මිනිස් චර්යාවන් වඩාත් රේඛිය එකාකෘතික ආකාරයෙන් බෙදා වෙන්කර වර්ගීකරණය වීමේ පලය වන්නේ අපගේ සියලු දැනුමේ මහමොළකරුයයි  සිතන ගෝලීය උතුරේ නීතිය හුදෙක් අනුකරණාත්මක ලෙස අපගේ උගතුන් පාලකයින් ගුරුවරුන් විසින් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අධිකරණයටත්, පාසලටත්, රාජ්‍යයටත් කිසිදු විචාරයකින් වගවිභාගයකින් තොරව බද්ධ කරගැනීමෙනි.

එනම් මෑතක සිට ලෝකය ඇමරිකානු බටහිර කැනේඩියන් බ්‍රිතාන්‍යය ප්‍රංශ ජර්මන් ස්කැන්ඩියනු රටවල වඩාත් විවෘත පුළුල් ලිංගික මානව අයිතීන් ප්‍රකාරව අප රටවලට රාජ්‍ය නොවන සංවිධාන හෝ රාජ්‍යය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත හෝ එනවා යයි කියන පුළුල් ස්ත්‍රී -පුරුෂ භාවී නන් විධ පුළුල් ලිංගික අනන්‍යතා සම - විෂම ලිංගික පිළිගැනීම් සමග කාටත් මිනිසුන්ට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය අද වඩාත් කතාබහට ලක්වන්නේ ඇයිද යත්,  මෙතෙක් අප සමාජය ගෙදර පාසල පන්තිය පාලනය කර ඇත්තේ ලොක්කාට අවශ්‍ය පරිදි මිස සැමගේ සුවසෙත දැකීමට නොවන නිසාය. එමනිසා පාලකයා පාලිතයා පෙළනවා මෙන්ම ගෙදර අම්ම තාත්තා දරුවන් පෙළීමත්, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන් පෙළීමත්, සේව්‍යායා විසින් සේවකයා පෙළීමත් යහමෙන් සිදුවෙන රාජ්‍යයක වත්මන් පුළුල් මානව අයිතීන් එකවර මුදාහරින්නේ ඇතැම්විට හුදෙක් අනුකරණාත්මක රංගයකින්, හරියට යකා පොල්මල අතින් ගෙන හතර වටින් එකදිගට පොල්මල ගසන්නාක් මෙනි. 

3. නමුත් තෙවැන්න, මගේ මේ සාකච්ඡාවේ මුදුන් භාගය වන්නේ - මේ සියලු හැඩිදැඩි අනුකරණාත්මක අංග රංග මගින් අප අතර මිනිසුන් අතර පවතින සුඛදායි සුනිසිත සුහද සාදු සංස්කෘතික මානව සම්බන්ධතා තුළ පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය, කැමැත්ත ගිලිහි ගියහොත්, අපට මිනිසා ජිවත්කරන සෞන්දර්යය සුන්දරත්වය ඉතමත් ඉක්මනින් ඛාදනය වන බවයි, ඉන් ඇඟවෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ සැබෑ මිනිසාගේ ආශාව කැමැත්ත තිබෙන්නේ අපේ රටේ පොදුවේ සමාජය එළිපිට, ව්‍යාජ ව, රංග ගතකරන ශෝභන සභ්‍යත්වය සදාචාරයට යටින් බවත්, මේ පිළිබදව වත්මන් විද්‍යත්මක සමාජීය විද්‍යා සහ සෞඛ්‍යය අධ්‍යාපන ක්‍රමය මගින් හෙළිපෙහෙළි නොකිරීමයි.

සමාජයේ එළිපිට පිළිගන්නා සදාචාරයට වඩා එළිපිට කතානොකරන දේ මිනිසාගේ සැබෑ විද්‍යාව බව පුරාණෝක්තිවේදය පිළිබද හාවඩ් මහාචාර්‍ය ජේම්ස් විලියම්ස් දක්වයි. සත්‍යය සැබෑ යථාවාදී මහපොළොවේ ඇත්තටම රඟදෙන මානව විද්‍යාව හෙවත් මිනිසා ලෝකයේ සැබවින් දකින රසය, ආශාව, ලබ්ධිය, ප්‍රණිධිය රටේ ජන මාධ්‍ය ඇතුළු අධ්‍යාපනික අංශ මගින් එරටේ පහල පාසල් පන්තියේ සිට රාජ්‍යය සරසවිය දක්වා පුරවැසියාට උගන්වන්නේ නැතිවිට මිනිසුන් භික්ෂුව පුජකයා ගුරුවරයා යනාදී චරිත දකින්නේ සමාජයේ ශෝභාමානව පෙන්වන රේඛිය එකාකෘතික සදාචාර මිනුම් ප්‍රකාරවය. භික්ෂුව ඔස්සේ බුදුහාමුදුරුවන් ද ගුරුන් ඉදිරියේ දෙවියන්ද දකින්නේ හුදෙක් ෆෙස්බුකියේ දකින පීනන මනෝරන්ගයේ ෆැන්ටසියේ ම දිගුවීමක් වශයෙනි. මහපොළොවේ වෙසෙන සැබෑ ප්‍රායෝගික මිනිසා අපගේ අන්තර් ඥානයේ හොදින් වෙසෙතත් අප තවමත් ඔහු ඇය යටගසා සඟවා සමාජය බොරුවට ඉල්ලා සිටින සුදු සාදු මුණිවරයෙකු අනුන් ඉදිරියේ ප්‍රක්ෂේපණය  කරයි. 


කුඩා දරුවන් සමග ලිංගිකව එකතු වීමේ මෙන්ම තරුණ වයසේ සිටින අය සමග වැඩිහිටි වයසේ පසුවන්නන් මෙන්ම දැඩි දඩුවම් දෙමින් සිය කායික මානසික රස ආශා ලබන මිනිසුන් පමණක් නොව, මළ මිණි අසුචි සමග රමණයේ යෙදෙන මිනිසුන් ( BDSM ;Bondage and Discipline, Dominance and Submission, and Sadism and Masochism ) ආදී නොවක් පුළුල් මානව චර්යා අසම්මත වන්නේ සම්මතය මගින් මිනිසුන් කවදාවත් සුවපත් නොවන  නිසයි.  

"බැඳීම සහ ශික්ෂණය, ප්‍රමුඛත්වය සහ යටත් වීම, මෙන්ම පීඩා කිරීම සහ පීඩා විඳීම" නමින් හදුන්වන (BDSM)  B & D (Bondage and Discipline): බැඳීම සහ ශික්ෂණය (ලණු, මාංචු වැනි දේවලින් සහකරු හෝ සහකාරිය එක තැනක රඳවා තැබීම සහ යම් යම් නීති රීතිවලට අනුගත කරවීම); D & S (Dominance and Submission): ප්‍රමුඛත්වය සහ යටත් වීම (මෙහිදී එක් අයෙක් පාලනය අතට ගන්නා අතර [Dominant], අනෙක් අය එම පාලනයට කැමැත්තෙන්ම යටත් වෙයි [Submissive]); S & M (Sadism and Masochism): පීඩා කිරීම සහ පීඩා විඳීම (කායික හෝ මානසික වේදනාවක් ලබා දීමෙන් සහ එය විඳීමෙන් ලිංගික හෝ මානසික තෘප්තියක් ලැබීම) ... යනාදිය පිළිබද, මේ අවංක මිනිස් චර්යාවේ සැබෑ විද්‍යාත්මක විෂය බද්ධ දැනුම අප රටවල එළිපිට ලබා දෙන්නේ කවුද,කුමන ආයතනද ??? මේ සත්‍යය සනාථන මානව චර්යා මිනිසා තවමත් සඟවන්නේ කුමන සාදුත්වයක් ආරක්ෂා කර ගැනීමටද ? 

ජාතික රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෛද්‍ය හෝ සමාජීය විද්‍යා පීඨ මගින්, අප රටවල එළිපිට කතානොකරන, මෙම දැනුම අප රටට නොදෙන තාක් කල් අප මේ අපගේම චර්යා පිළිබද ඇති අනවබෝධය නිසා, අප විසින්ම දැන දැන සිය අතින් ගෙලසිදගන්නා ආකාරයකින් විනාශ කරගන්නේ ද, තවමත් අප යටත්විජිත පඩංගු වැඩවසම් අධ්‍යාපන රාමු තුළ එල්බ ගෙන සිටින විකෘති නුතනත්වයකින් පසුවෙන නිසා මිස අන් කවරකින්ද???

මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර ලග්ගල ගම්මානය පිළිබද කරන ලද අධ්‍යයනකින් මෙයට වසර පනහකටත් පෙර පෙන්වා දුන්නේ, මෙරට තවමත් රාජ්‍යය බලය මිනිසුන් මත ක්‍රියාත්මක කරන්නේ සම්ප්‍රදායික යටත්විජිත වැඩවසම් ගෝත්‍රික ආකාරයෙන් ව්‍යාජ බෞද්ධ  හෝ වෙනත් ආගමික වටිනාකම් යයි පෙන්වමින් ව්‍යාජ සභ්‍යත්ව සදාචාරයක් එළියට දමා ඒ ඔස්සේ රටේ පාලිතය හිලෑ කිරීමට "භිය සහ ලැජ්ජාව" නමැති සභ්‍යත්ව ව්‍යාජ සදාචාර සංස්කෘතික බලයක් දේශපාලන බලය කරගනිමිනි වශයෙනි. මෙයට ඉතාලි දාර්ශනික අන්තෝනියෝ ග්‍රම්ස්කි කියන්නේ, ව්‍යාජ සදාචාර සභ්‍යත්වය දේශපාලකයින් විසින් හුදු සංස්කෘතික බලයක් ලෙස ජනතාව මුලා කිරීමටත් එමගින් පීඩනය ඔස්සේ මර්ධනය කිරීමෙන් ම පාලනය පවත්වාගෙන යාමටත් භාවිත කරන සභ්‍යත්ව සංස්කෘතික බල දේශපාලන ක්‍රමෝපායක් වන බවයි. එය අදටත් මෙතරම් වේගයෙන් මානව සමාජ ප්‍රසාරණය වන ඩිජිටල් අතත්‍ය ජන සමාජයකත් සිදුවන්නේ නම් ඒ රටේ රාජ්‍යය ආණ්ඩුව, අධ්‍යාපනය, නීතිය, සදාචාරය මතු නොව මුලික මිනිස් බැදීම් දෙමාපිය - දරු , ගුරු -ගෝල , යහළු -මිත්‍ර ආදී අන්‍යෝන්‍ය අවබෝධයන් විශ්වාසයන් ඉක්මනින් ම හායනයට පත්වන්නේය.  එවිට පාලකයා සහ පාලිතයා අතර මෙතෙක් තිබු රැහැන ගිලිහී  නිදහසේ පාවෙන්නේය. එනම මානව සෞන්දර්යය ඉක්මවමින් නීතිය ව්‍යාහිචාරයේ  යෙදෙන විට එරටේ ඉතිරිවන්නේ හැගීම් දැනීම් නැති අමුතු විකාර කෘත්‍රිම මෘග තිරශ්චින මිනිස් ප්‍රතිරූපකයින් පිරිසක් පමණි. ඔවුහු නිමක් නැති කෙස්පැලෙන තර්කයේ සහ ම්ලේච්ඡ නීතියේ සරණ මගින් සිය මිනිස් අයිතීන් තහවුරු කරගැනීම මිස අන්‍යෝන්‍ය සහසම්බන්ධ්තාවේ මිනිස් සබදතාවේ රස භංග කර ගනු ඇත. එවිට හෝමෝ සේපියන් සතා රස ආශා භංග විකෘති වාමන අසංවේදී අමානුෂික ජීවියෙකු වනු ඇත. 

Tuesday, May 12, 2026


 





 

එයා සමලිංගිකයෙක් එයා කොහොමද මහාචාර්‍ය කෙනෙක් වෙන්නේ අපේ පිඨයේ ... !

එහෙම කිවේ අපේ පිඨයේ එක ආචාර්‍යවරයෙක්, ඒ මට - ඒ මගේ ආචාර්‍ය උපාධි පර්යේෂණයට, බ්‍රිතාන්‍යයේ නිව්කාසල් සරසවියේ අධ්‍යයන කටයුතු කරන සමයේ --  මම කරේ  - ඩිජිටල් මහජන සම්බන්ධතාව පිළිබද, ඒ ලංකාවේ මිනිසුන් කොහොමද ෆේස්බුක් ඇසුරෙන් විෂම ලිංගික නොවන, සමරිසි සම්බන්ධතා ගොඩනගා ගන්නේ, ඒ ඇයි එහෙම කරන්නේ කියල තමයි ගවේෂණය කරේ.

මම අද "වැඩබිම, වද හිංසනය, අසමානව සැලකීම සහ ලිංගිකත්වය" යන පුළුල් පරිශ්‍රය ඇසුරෙන් කථිකාවක් කරන්නයි මේ ලැහැස්ති වෙන්නේ 

මගේ නැගණියක් අලුත බැදුණු වෛද්‍යවරියක් රෝහලක, දරුවට මාස හතරයි, ගෙදරක් තියෙද්දී ඉස්පිරිතාලේ ඉස්සරහම කුලියට චුටි ප්ලැට් එකක් ගත්තේ අලුත සේවයට ගිය නිසා. විනාඩි පහෙන් දරුවට කිරි දෙන්න ඉක්මනට යන්න එන්න පුළුවන් නිසා. වෝඩ් එකේ පිරිමි විශේෂඥ වෛද්‍යවරයා ඉදිද්දී වගේ නෙවේ , ස්ත්‍රී  ජේෂ්ඨ  වෛද්‍යවරයා දරුවට කිරිදෙන්න ගෙදර යන්න දෙන්නේ නෑ නංගිට. දරුවා පැය ගණනක් අඩනවා. අන්තිමට මහත්තයා වැඩකරන තැන කොළඹ ඉදල  රෑ 12ට දුවනවා කිලෝමීටර් 60ක් අම්මට තනිව කර කියාගන්න දෙයක් නෑ, චුටි එකා අඩනවා නොනවත්වා, පැය ගණනාවක් අඩපු දරුවා වත්තන් කරන රෑම  වාට්ටුවට අරන් යනවා දරුවා .. එතනත් පැයක්  එළියේ තියල, ඇතුලට ගන්න දෙන්නේ නෑ. දරුවා අන්තිමට ක්ලාන්ත වෙලා භ්‍රන්තියට පත්වෙනවා....

අලුත වැඩට ගිය තවත් මගේ සහෝදර වෛද්‍යවරයෙක් වාට්ටුවේ ස්ත්‍රී ජේෂ්ඨ වෛද්‍යවරියගෙන් අමානුෂික විදිහට රෝගීන් සහ  අනෙක් සෞඛ්‍ය නිලධාරින් ඉදිරිපිට පුන පුනා වඳ හිංසනයට පත්වෙනාවා ... එයා අන්තිමට දරාගන්න බැරුව මානසික උපදෙස් ගන්නවා ...

තරුණ අවසන් වසර පුහුණු වෙන වෛද්‍ය විද්‍යාර්ථින් රෝහල් වල පැය ගණන් ඉදගන්න දෙන්නේ නැතිව ඇතැම්  බොහෝ ජේෂ්ඨ වෛද්‍යවරුන් අතින් වද  හිංසනයට ලක්වෙනවා. 

පොලිසියේ පහල කණිටු  නිලධාරීන්ගේ සිට ජේෂ්ඨ ඉහල ම නිලධාරීන් පුහුණු කරන කොට අපි,  මහජනතාවට පොලිසියෙන් සිදුවෙන වද හිංසනය ගැන උගන්වන්න කලින් පොලිසියේ පහල ම නිලධාරීන් පවසන්නේ තමන් කොහොමද ඉහල නිලධාරීන් අතින් කාලයක් තිස්සේ වද හිංසන, ලිංගික හිරිහැර වලට මුහුණ දෙන්නේ කියල. 

විශ්වවිද්‍යාල වල විද්‍යාර්ථින් වගේම ආචාර්‍යවරු විශේෂයෙන් ම තරුණ අය ජේෂ්ඨ අයගෙන් ලක්වෙන අතවර ලිංගික කටයුතු වලට වඩා වාචික, මානසික, කායික මෙන්ම වෙනත් සියුම් (කාලය දිගු කිරීම්, සේවා පහසුකම් නොදීම් , අසමානව සැලකීම ... ) හිංසන මගින් මිනිසුන්ට තමන්ගේ ආයතනය වදකාගාරයක් බවට පත්කරලා, එපා වෙලා තියෙන්නේ ඇයි ?

ආයතනයක සේවා දායකයින් සේවා දායකයින් අතර මෙන්ම සේවා ලාභින් අතින් සේවා දායකයින්ටත් මෙහෙම දේවල් සිදුවෙනවා.තෑගී බෝග වගේම අයතා ගනුදෙනු සුහදතා සම්බන්ධතා...

විශේෂයෙන් ම තමන්ගේ තනතුර (බලය), ජේෂ්ඨත්වය, ලොකුකම, කද,  බඩ,  මහත, නිලය, තලය, පමණක් නොවේ තමන් ඉන්නේ කොයි කදවුරේ ද කියන සාධක මත කණිටු සේවා දායකයින් අපහරණය කිරීම අතින් අපේ රටේ රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශය ඉතාමත් ම්ලේච්ඡ ලෙස  මිනිසුන් වද  හිංසනයට ලක් කරනවා. මේ බව මගේ සේවාකාලයේත් මගේ පෞද්ගලික අත්දැකීම් වගේම මගේ විද්‍යාර්ථින්, සහෝදර සහෝදරියන් සහ මිතුරන්ගේ අත්දැකීම් වලින් සනාථ වෙනවා.

පිරිමි අතින් ගැහැණියක් වද හිංසනයට ලක්වෙනවා වගේම ගැහැණියක් අතින් පිරිමියෙකු වද හිංසනයට ලක් වීම, ගැහැණියක් තවත් ගැහැණියක් අතින්, පිරිමියෙක් පිරිමියෙක් අතින් .. මේ වගේ මිනිසුන්ට ජීවත්වෙන්න බැරිතරමට හිංසා කිරීම්, අසමානව සැලකීම්, පහර ගැසීම් පෞද්ගලික අංශයේ වගේම ලංකාවේ රාජ්‍ය අංශයේත් කැපී පෙනෙන දෙයක්.

තරුණ අය වැඩි අධ්‍යාපන කුසලතා, සුදුසුකම් එකක් කම්පැණි වල වැඩට ගියාම වයසක ඇතැම් ජේෂ්ඨ මිනිසුන් ඉන්න දෙන්නේ නෑ  ඒ තරුණ දක්ෂ මිනිසුන්ට. ලංකාවේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේත් මේ ප්‍රශ්නය හොදටම තියනවා. මගේ පර්යේෂණ වල ගොඩක් ගැහැණු අතින් පිරිමි ලිංගිකව වගේම අනෙකුත් නොයෙක් මාදිලියෙන් අපහරණය වීම බහුලයි අපේ රටෙත් ලෝකයේත්.

රාජ්‍ය විශ්වවිද්‍යාල වල තිබ්බ ලොකුම දේ තමා (දැන් තියෙන නීති ක්‍රියාත්මක වීම නැති කාලේ)  ජේෂ්ඨ ආචාර්‍ය වරුන් විසින් ප්‍රියංකර විද්‍යාර්ථින් මෙන්ම විද්‍යාර්ථිනීන්  ලිංගික අයතා වද  හිංසනයට ලක්වීම. අතීතයට බලපාන ආකාරයට මේ දේවල් මත නිතිය ක්‍රියාත්මක වුනොත් භාගේ දා ලංකාවේ ජනප්‍රිය පාසල් ගුරුවරුන්ගේ සිට විශ්වවිද්‍යාල ආචාර්‍යවරු සෑහෙන පිරිසකට සිරමැදිරි ගත වෙන්න වෙයි.භාගේදා මටත් එක්ක ඒ මම කුණුහරුප කියනවා කියල මට ජේෂ්ඨයින් එකෙක් දෙකෙක් චෝදනා කරලා තියෙනවා.

උගතුන් විතරක් නෙවේ කෙල්ලන්ගේ පස්ස මිරිකන්න ගිහින් රස්සාව නැතිකරගත්තේ  .. මගේ ගෙදර හදන්න ගමෙන් ආව තරුණ බාස් කොල්ලෙක් ඉඩම ඉස්සරහින් ගිය ගමේ කෙල්ලෙකුගේ පස්ස මිරිකලා, ලොකු බාස් මට කීව. වසර ගණනාවක් නඩු කියන්න ගියා ලොකු බාස්. කොල්ලට රස්සාව නැති කරේ නෑ.

ලංකාවේ විතරක් නෙවේ පිටරටවලත් හෝමෝ සේපියන් ඉන්න තැන්වල මෙහෙම දේවල් වෙනවා. එංගලන්තයේ මම කෙයා හෝම් සති අන්තයේ චු කක්ක නාල ඇදල තමා ඉගන ගන්න සල්ලි හොයා ගත්තේ . එංගන්තයේ ගම්වල ඉදන් එන වැඩි උගත්කමක් නැති මිනිස්සු තමා කෙයා හෝම් වල වැඩකරන්නේ . වයසක ගැහැණු තරුණ පිරිමි එක්ක නිදියගන්න හරි කැමති. එහෙම එන්නේ නැති කොල්ලන්ට (වෙන රටවල් වලින් එන), වැඩබිමේදී හරියට හිරිහැර කරනවා.

නාකි හැම රැලි වැටිච්ච අත්තම්මලා එක්ක මම ගමන් නොයන නිසා, මාව රිස්සුවේ නෑ එතන හිටිය ඇතැම් අයට. ඉවසලා ඉවසලා බැරිම තැන මම කම්ප්ලේන් කරා ආයතනයට, එහෙම කරේ අන්තිමට ගෑණි මට වැඩ කරන්න බැරිවෙන විදිහට වද හිංසනය කරා, ඒ මානසික රෝහලේ දරුණු රෝගීන් බලාගන්නවට අමතරව උදේ 8 ඉදල රෑ 8 වෙනකල් පැය12ක් ඩිමැන්ෂියා රෝගීන් එක්ක. මට මිනිස්සු ගණනාවකගේ චු කක්ක  ම අදින්න දෙන එක ඉවසන්න බැරි වුන තැන මම කම්ල්පෙන් කරා. ඒකෙන් වසර 25ක ඉතාමත් දක්ෂව වැඩ කල ජේෂ්ඨ කෙයාරර් කෙනෙකුට ගෙදර  යන්න වුනා.

ඒත් මනෝජ් කොහොමද මහාචාර්‍ය කෙනෙක් වෙන්නේ සමාජ විද්‍යා පිඨයේ එයා හෝමෝ සේක්ෂුවල් කෙනෙක් කිය කියා නොයෙකුත් අපවාද පරිභව කරමින් හිටිය විතරක් නෙවේ, මේ පුද්ගලයා ඒ අංශයේ ගොඩක් තරුණ ආචාර්‍යවරුන්ගේ සේවය අහිමි කරා නොයෙකුත් වඳ  හිංසන කරලා, දැනටමත් කරගෙන යනවා එහෙම වැඩ - ඔහු අන්තිමට මහාචාර්‍ය වුනා කොහොමහරි.

ලිංගිකත්වය විතරක් නෙවේ තරුණ මිනිසුන්ගේ දක්ෂතා ඉදිරියේ ඒවා දරාගැනීමට නොහැකි අය ඒ තරුණ මිනිසුන් ආයතනවලින් එපා කරවන්නේ ඉන්න හිටින්න බැරි තරමට වද හිංසනය කරලා, අසමානව කෙණෙහිලිකම් කරලා නොසෑහෙන්න, වැඩබිම තුල ඉන්න බැරිවෙනතරමට නොයෙකුත් දේවල් කරලා 

දරන්න බැරි වැඩ පැවරීම්, දරන්න බැරි සල්ලි එකතු කිරීම්, දරන්න බැරි අසමානව සැලකීම් විතරක් නෙවේ, ඔයා ගොඩේ වගේ, ලස්සනට අදින්න, තොල් රතු කරන්න, ඔක්කොම දෙනවනම් ඇයි පොඩි අය දෙන්නේ නැත්තේ කියල මහලොකු සල්ලි එකතු කිරීම් ආයතනයේ සමගිය පෙන්වන්න බොරුවට... මෙහෙම කරලා, ලංකාවේ ඉන්න බැරි වෙන්න තරමට මිනිසුන් වැඩ බිමෙන් විතරක් නෙවේ ගෙදර දොර ගම බිම අතහැරලා රටෙන්ම පන්නගත්ත අපේ ගොඩක් හොද මිනිසුන් මේ රටේ හිටිය -  දක්ෂ වෛද්‍යවරුන්,  ඉංජිනේරුවරුන්, මහාචාර්‍යවරුන්, කළමනාකරුවන් රට අතහැරලා ගිහිල්ල ඉන්නේ. ඒ  අපේ රටේ පල්ලෙහා ඉදල උඩටම එනකල් ඉන්න උගත් නුගත් කියන සියලු දෙනා අතින් වද හිංසනය, අසමානව සැලකීම, ලිංගිකත්වය ( සමරිසි හෝ අනෙකුත් පුළුල් ලිංගික සබදතා විතරක් නෙවේ ) කරන කොටගෙන කෘරත්වය ම්ලේච්ඡත්වය මත අපේ සමාජය සහ සංස්කෘතිය සකස්වෙලා තියෙන නිසා.

උගතුන්, ලොකු ලොක්කන් වෛද්‍යවරුන්, මහාචාර්‍යවරුන් වගේම උසස් විනිසුරුවන් අතින් දේශපාලකයින් අතින් මෙන්ම, නුගත් යයි කියන මිනිසුන් අතින් මිනිසුන්ට මෙහෙම හිරිහැර වෙන්නේ ඇයි ???

මහා ලොකුයි කියන තැන් වල ඉදල මේ දේ වෙනවා - ඒ ඔක්කොම මෙච්චරකල් වුනේ නීතියක් සදාචාරයක් තිබ්බට ඒ දේවල් ව්‍යාජ ව තබා ගනිමින් සියලු අපරාධ කිරීමට රාජ්‍ය බලය භාවිත කරපු නිසා. රාජ්‍ය යනු භුමිය,ජනතාව,ස්වාධිපත්‍යය සහ ආණ්ඩුව යන මේ සියලු මෞලිය සාධක සියල්ල. මේ සියල්ල එහෙම අනීතික බලයක් මත ක්‍රියත්මක වුනේ අධ්‍යාපන ක්‍රමය තුල මිනිසුන්ගේ සැබෑ ප්‍රයෝගික සත්‍යය විද්‍යාව නොකියා ව්‍යාජ සුදු සදාචාර අහංකාර ව්‍යාජ ජාතික මිත්‍යා සභ්‍යත්වයක් මත රාජ්‍ය අතිධාවනය කිරීම. ඒ වැඩවසම් ගෝත්‍රික බල සාධකය සමග මිනිසුන්ට ශිෂ්ඨ අවංක විද්‍යාත්මක තීන්දු තීරණ ගන්නවා වෙනුවට ආයතන තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය, මුල්‍ය වංචා, තමන්ගේ දුෂිත වැඩ ආරක්ෂා කරන මිනිසුන් රැකීම, දක්ෂ අවංක ශිෂ්ඨ ලෙස කැපවෙලා වැඩකරන මිනිසුන් අනාරක්ෂිත කිරීම, ආයතන වලින් පන්නගැනීම ... ආදිය සමග ජාතික විශ්වවිද්‍යාල වල සිට ගමේ පන්සල පල්ලිය විතරක් නෙවේ ගේ ඇතුලේ තිබ්බ අවම සංවර කමත් ව්‍යාජයෙන් ම පවත්වාගෙන ගිය නිසා. 

රටක් දේශපාලනික වුනත් නීතියත් අධ්‍යාපනයත් සීමාව ඉක්මවා දේශපාලනික වීම නිරුවත් වීමක් තමා දැන් දැන් මේ  අප ඉදිරියේ සෑම දෙසින්ම අනාවරණය වන්නේ, ඉහල ව්‍යාජ උගත්කමේ , පුජ්‍යත්වයේ සිට පහල සමාජය දක්වා  ???

අපි ඇත්ත හැමදාම සඟවන රටක් ජාතියක් මෙච්චර කල් ?

නමුත්, තවදුරටත් නුතන ලෝකයේ විශේෂයෙන් ම ඩිජිටල් සමාජීය ජාල ගත ලිබරල් සමාජයක තවදුරටත් සනාථන සත්‍ය වසන් කිරීමේ සීමාව අවසන් ව තිබේ. 


Monday, May 4, 2026



"කුණුහරුප" කීම  සහ "ඩිසිප්ලින්" (ශික්ෂණය) කිරීම 

මිනිහ පොඩ්ඩක් "ඩිසිප්ලින්" කරල ගත්තහම හරි ...! ඔය වල් ගතිය ඇරිලා යයි එතකොට ටිකක් ශික්ෂණය කරලා ගමු ...


දැන් ඉතින් ඔය  කුණුහරුප ගැන ලියන  කියන එක එහෙම පොඩ්ඩක් නවත්තන්න ... ඔයා අංශාධිපති කෙනෙක් ... තව ඉහළට  යන්න තියෙනවා.. බැරිවෙනවා .. ඔහොම ගියොත්. මිනිස්සු කැමති නෑ ඔහොම කරොත්....

"කුණුහරුප" කීම  සහ "ඩිසිප්ලින්" (ශික්ෂණය) කිරීම 

මිනිහ පොඩ්ඩක් "ඩිසිප්ලින්" කරල ගත්තහම හරි ...! ඔය වල් ගතිය ඇරිලා යයි එතකොට ටිකක් ශික්ෂණය කරලා ගමු ...

දැන් ඉතින් ඔය  කුණුහරුප ගැන ලියන  කියන එක එහෙම පොඩ්ඩක් නවත්තන්න ... ඔයා අංශාධිපති කෙනෙක් ... තව ඉහළට  යන්න තියෙනවා.. බැරිවෙනවා .. ඔහොම ගියොත්. මිනිස්සු කැමති නෑ ඔහොම කරොත්....



1. ආනුභුතික ස්වයං  මානව වංශ විද්‍යාත්මක (Autoethnography) දත්ත පැතිකඩක් 

(අ.) ළමයින් කියනවා ඔයා පංතියේ "කුණුහරුප" කියනවා කියල ... ෆීඩ්බැක් ෆෝම් වලත් තියනවා ... ළමයි කියනවා පීඅර් කරන්න එන්නත් හිතෙන්නේ නෑ  කියලා ...

ඒ මට එංගලන්තේ ඉදන් ආව ගමන් අංශාධිපති කාමරයට කැදවලා අවවාද කරපු හැටි 


(ආ.) දැන් ඉතින් ටිකක් පිළිවෙලකට ඉන්න ... ඔය අනන් මනං වචන එහෙම දැන් ටිකක් කියන එක අඩුකරගන්න .. ඉස්සරහට ලොකු ගමනක් යන්න තියෙනවනේ... ඔය කුණුහරුප එහෙම දැන් කියන්න එපා ලෙක්චර්ස් වල ... ටිකක් කට එහෙම පරෙස්සම් කරගන්න ...

දැන් ඉතින් තරහ ගන්න එපා ඉස්සර වගේ .. මිනිස්සු මොනවා කිව්වත් නෑහුනා වගේ ගොනා  වගේ ගණන් ගන්නේ නැතුව ඉන්න ...

එහෙම කිව්වේ අපේ හාමුදුරුවෝ දෙන්නෙක් එක්කෙනෙක් සරසවියෙම ආචාර්‍ය වරයෙක් .. අනෙක් උන්නහන්සේ  ශාස්ත්‍රපති උපාධියට ඉගෙනගන්න ස්වාමින්වහන්සේ නමක්.


(ඇ.)  මිනිහ ටිකක් "ඩිසිප්ලින්" කරලා ශික්ෂණය කරලා ගත්තම හරි .... එතකොට අපිට ඕනේ තරම් නායකයෝ ඉන්නවනේ ....

එහෙම කිව්වේ ළගදි පත්වුණ සරසවියේ අපේ පීඨ  නායකයෙක් කියලා තමා මගේ මිතුරෙකු  කීවෙ ...


(ඈ.) ... මම මේ කතාකරේ අපි අර මගේ කෙල්ලෙක් ඉන්නවා එම්ෆිල් කරන .. අපි එයාට කොහොම හරි පිඑච්ඩී  එකක් දෙමු ... පුළුවන් නේ ඔයාට ...

මම මේ කතාකරේ අර මගේ ළමයෙක් ඉන්නවා රට ඉදල ඇවිල්ල .. එයාට ජීවත්වෙන්න විදිහක් නෑ .. අංශේ  ඔය මොනා හරි එකක විසිටින් ටිකක් දෙන්න .. බලන්නකෝ ...ලොකු දෙයක් එයාට, කෙල්ලට  ජීවත්වෙන්න විදිහක් නෑ ...

මේ දෙකම යෝජනා කරේ කාලයක් වැඩ කරලා සරසවියෙන් දැන් ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න සම්මානිත මහාචාර්‍ය වරු දෙන්නෙක් රටේ ඉතාමත් කීර්තිමත්.


2. උක්ත දත්ත කෙරෙහි අනුරංගනය කරන න්‍යායාත්මක සංරචනය 

භාෂාව සහ සම්මත ඇණවුම් ආශ්‍රිත සම්ප්‍රදායික සන්නිවේදන ව්‍යුහ ම මිනිසාගේ ජිවිතයේ සැබෑ සත්‍යය මනාව තේරුම් ගැනීම් කෙරෙහි බාධා ඇතිකරන ආකාරය මෙහිදී පැහැදිලි කරනු ලැබේ.

මිෂෙල් ෆූකෝගේ (Michel Foucault) දෘෂ්ටිකෝණයකින් මෙම කරුණු විමසා බලන විට පෙනී යන්නේ, "නිවැරදිව හැසිරීම", වාචික සංයමය සහ හැඟීම් මර්දනය කිරීම වැනි සාමාන්‍ය උපදෙස්, හුදු යහපත් සදාචාරාත්මක මගපෙන්වීම් නොවන බවයි. ඒ වෙනුවට, ඒවා පුද්ගලයා ස්වයං-නිරීක්ෂණයට ලක්කරන "විනයානුකූල බලයේ" (Disciplinary power) තාක්ෂණික ක්‍රමවේදයන් ලෙස සැලකිය හැකිය. ෆූකෝ ඔහුගේ Discipline and Punish (විනය හා දඬුවම) කෘතියේ තර්ක කරන පරිදි, "දෘශ්‍යමාන වීමේ කලාපයකට යටත් වූවෙක්... තමාම තමාගේ යටත්භාවයේ මූලධර්මය බවට පත් වේ." (පිටු. 202-203). භාෂාව, කෝපය සහ හැසිරීම පාලනය කිරීමට සිංහල සංස්කෘතිය තුළ නිරන්තරයෙන් දෙනු ලබන විධානයන් ක්‍රියාත්මක වන්නේ හරියටම මෙවැනි දෘශ්‍යමාන කලාපයක් තුළය. එමගින් පුද්ගලයා, අන් අයගේ විනිශ්චයට ලක්වනු ඇතැයි යන පූර්ව නිගමනය මත පදනම්ව බලය ස්වයං-නියාමනය කරගැනීමට පෙළඹේ. මෙහිදී "උපදෙස්" ලෙස පෙනෙන්නට තිබෙන්නේ ඇත්ත වශයෙන්ම පුද්ගලයා විනයානුකූල, තේරුම් ගත හැකි සහ ආයතනිකව පිළිගත හැකි ව්‍යාජ පුද්ගලයෙකු, රංගන ශිල්පියෙකු (නළුවෙකු) ලෙස ප්‍රතිනිර්මාණය කරන යාන්ත්‍රණයකි.

මෙහි අභ්‍යන්තරයේ සැඟවී ඇති දෙයක් මහාචාර්‍ය  ගණනාථ ඔබේසේකර දක්වයි; එනම් අපේ රටවල "ලැජ්ජාව" සහ "භිය"  (ඔබේසේකර,1984) සදාචාරාත්මක සංස්කෘතික ශිෂ්ඨ මෙවලම් ලෙස ගනිමින් පාලකයා භාෂාවේ සහ චර්යාවේ බොහෝ දේ පාලනය කරන්නේ පාලිතයා හිලෑ කරගනිමින් අඩම්තේට්ටමට පත්කිරීමටය. එය අප රටවල  පාලකයා සමාජයේ අනෙක් වැඩකරන ශ්‍රමිකයින්ගෙන් වෙනකොට සුවිශේෂ කොටසක් ලෙස සමාජයේ වැන්ජබිමට සකස් කරන කේන්ද්‍රීය සංස්කෘතික සන්නිවේදන දුෂිත බල ප්‍රක්ෂේපණයකි.

මෙම විනයානුකූල පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ ෆූකෝ "යටහත් සිරුරු" (Docile bodies) ලෙස හඳුන්වන දේ නිෂ්පාදනය කිරීමෙනි. එනම් පුද්ගලයා "යටත් කරනු ලබන, භාවිතයට ගන්නා, පරිවර්තනය කරන සහ වැඩිදියුණු කරනු ලබන" විෂය පථයක් බවට පත්වීමකි (පිටුව 136) මෙහිදී වන්නේ. මෙය "සාමාන්‍යභාවයේ විනිශ්චයකරුවන් සෑම තැනකම සිටින" (පිටුව 304) ආකාරයේ සර්වව්‍යාපී සාමාන්‍යකරණ ක්‍රියාවලියක් ඔස්සේ සිදු වේ. ස්වාමීන් වහන්සේලා, අංශාධිපතිවරුන්,  මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ විද්වතුන් වැනි චරිත හැසිරීම් නියාමනය කරන බලධාරීන් ලෙස ක්‍රියා කරමින්, ඔවුහු ගෞරවනීයත්වය, නායකත්වය සහ බුද්ධිමය නීත්‍යානුකූලභාවයේ සීමාවන් නිර්වචනය කරති. එමෙන්ම, පෞද්ගලික සබඳතා භාවිතයෙන්  උපාධි, තනතුරු හෝ අවස්ථා ලබාදෙන අවිධිමත් අනුග්‍රාහකත්වයන් (Patronage) පෙන්වා දෙන්නේ බලය යනු මර්දනකාරී දෙයක්ම පමණක් නොවන බවයි. බලය යනු නිෂ්පාදනයකි; එය "යථාර්ථය සහ සත්‍යයේ චාරිත්‍රයන් නිෂ්පාදනය කරයි" (පිටුව 194). ඒ අනුව, ශාස්ත්‍රීය කුසලතාව, අධිකාරිය සහ පැවැත්ම පවා තීරණය වන්නේ මෙම බල පරිපථ තුළ වන අතර, එහිදී ආයතනික අපේක්ෂාවන් සමඟ අනුගත වීම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත් වේ.

මෙම පශ්චාත් යටත් විජිත ආයතනික සන්දර්භය තුළ, ඉහත කී ගතිකයෝ "ප්‍රදර්ශනාත්මක දෘශ්‍යමාන භාවයකින්" (Performative visibility) යුත් සර්ව-නිරීක්ෂණාගාර (Panoptic) පාලන තන්ත්‍රයකින් උච්චස්ථානයට පත්වෙති. එහිදී පිළිගැනීමක් ලැබීම සඳහා පුද්ගලයන් නිරන්තරයෙන් තමන් විනයානුකූල, ගෞරවනීය සහ අධිකාරී සම්පන්න අයෙකු ලෙස වේදිකාගත කළ යුතුය. ෆූකෝ පෙන්වා දෙන පරිදි, "පැනොප්ටිකෝනය" (Panopticon) ක්‍රියාත්මක වන්නේ පුද්ගලයා ස්ථිරවම දෘශ්‍යමාන තත්ත්වයක තැබීමෙනි (පිටුව 201). එමෙන්ම බලය යනු "හිමිකර ගන්නා දෙයක් නොව ක්‍රියාවට නංවන දෙයක්" (පිටුව 26) වන අතර, එය හුදෙක් නිල ධූරාවලිය තුළ පමණක් නොව එදිනෙදා අන්තර්ක්‍රියා තුළ සංසරණය වේ. එබැවින් ශ්‍රී ලාංකීය ශාස්ත්‍රීය සංස්කෘතිය තුළ දක්නට ලැබෙන "අතිශයෝක්ති පූර්ණ" නායකත්ව ප්‍රදර්ශනයන් හුදු ව්‍යාජත්වයක් ලෙස නොව, ඓතිහාසිකව තැන්පත් වී ඇති නිරීක්ෂණ, සාමාන්‍යකරණය කරණ ලද, සහ පශ්චාත් යටත් විජිත අධිකාරී පාලන තන්ත්‍රයන්හි ප්‍රතිඵලයක් ලෙස වටහා ගත යුතුය. මෙම අර්ථයෙන් ගත් කල, ආයතනික ක්‍රියාකාරීන් හුදෙක් රඟපෑමක් නොකරයි, එය ඔවුන් ඇසුරු කරන ලද ඔවුන්ගේ පෙරටුගාමී ජේෂ්ඨ නියමුවරුන් විසින් අනුදක්නා ලද, මොවුන්ගේ සම මස් නහර ඇට තුලට වැද සදාකල් ජානගත ව ඇති පරාධීන පශ්චාත් -යටත්විජිත මනෝ මුලික බල වියමනකි; දෘශ්‍යමානභාවය, අනුගත වීම සහ උපායමාර්ගික ස්වයං-ඉදිරිපත් කිරීම මගින් බලය තීරණය වන තත්ත්වයක් තුළ, නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා එවැනි භූමිකාවන් රඟපෑමට ඔවුන්ට බල කෙරී ඇත.


3. භාෂාව, බලය සහ ප්‍රතිරෝධය: සම්ප්‍රදායික සන්නිවේදනයෙන් ඔබ්බට ගිය අසභ්‍ය වචන භාවිතයේ දේශපාලනික සහ මනෝවිද්‍යාත්මක භූමිකාව.

පළමුව, භාෂාව සහ සමාජ ව්‍යුහය පුද්ගල නිදහස සීමා කරන ආකාරය පිළිබඳව ජැක් ලැකාන් (Jacques Lacan), මයිකල් ෆූකෝ (Michel Foucault)

සහ මාටින් හෛඩගර් (Martin Heidegger) ප්‍රබල මතවාද ඉදිරිපත් කරති. ජැක්  ලකාන්  ඔහුගේ Écrits: A Selection (1966) කෘතියේ පෙන්වා දෙන්නේ "මිනිසා භාෂාව තුළ උපත ලබන" බවත්, එමඟින් නිර්මාණය වන 'සංකේතාත්මක පද්ධතිය' (Symbolic Order) තුළ සැබෑ ආත්මය (The Real) සැඟවී යන බවත්ය. මයිකල් ෆූකෝ සිය The Order of Things (1966) කෘතිය මගින් තර්ක කරන්නේ, සමාජය විසින් ස්ථාපිත කරන ලද දැනුම සහ සම්මුතීන් (Discourse) ඔස්සේ පුද්ගලයා පාලනය වන බවයි. එහිදී ඔහු පවසන්නේ, "මිනිසා යනු මෑතකදී නිර්මාණය වූ වස්තුවක්" (p. 387) වන අතර, එය පවතින දැනුමේ ව්‍යුහය අනුව වෙනස් වන බවයි. මාටින් හෛඩගර් ඔහුගේ Being and Time (1927) කෘතියේ 27 වන කොටසේ සඳහන් කරන්නේ, පුද්ගලයා සමාජයේ පොදු මතය හෙවත් "The They" (Das Man) තුළ අතරමං වන බවයි. මාටින් හෛඩගර්ට අනුව, "සෑම කෙනෙකුම අනෙකා වන අතර, කිසිවෙකු තමා නොවේ" (p. 165) යන තත්ත්වය නිසා ජීවිතයේ සැබෑ අර්ථය (Authenticity) ගිලිහී යයි.

දෙවනුව, "අසභ්‍ය" යැයි සම්මත භාෂාව භාවිත කිරීම මඟින් පවතින සමාජ මර්දනයන් බිඳ දැමිය හැකි බව ස්ටීවන් පින්කර් (Steven Pinker), හර්බට් මාකියුස් (Herbert Marcuse) සහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (Sigmund Freud)විග්‍රහ කරති. ස්ටීවන් පින්කර්  සිය The Stuff of Thought (2007) කෘතියේ 7 වන පරිච්ඡේදයේ පවසන්නේ, කුණුහරුප/ අසභ්‍ය වචන යනු මොළයේ චිත්තවේගීය මධ්‍යස්ථානය හා බැඳුණු "චිත්තවේගීය අවියක්" බවයි. හර්බර්ට් මකියුස්  ඔහුගේ An Essay on Liberation (1969) කෘතියේ පෙන්වා දෙන්නේ, සම්ප්‍රදායික භාෂාව පාලක පන්තියේ අවශ්‍යතා ඉටු කරන බැවින්, කුණුහරුප/අසභ්‍ය වචන භාවිතය යනු "පවතින ක්‍රමයට එරෙහිව කරන සංකේතාත්මක කැරැල්ලක්" (pp. 35-36) බවයි. එසේම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ Jokes and Their Relation to the Unconscious (1905) කෘතියට අනුව, කුණුහරුප/ අසභ්‍ය වචන සහ විහිළු යනු සමාජය විසින් මර්දනය කර ඇති ලිංගික හා ප්‍රචණ්ඩකාරී ආශාවන් මුදා හරින "ආරක්ෂක කපාටයකි".

මෙම සියලු විද්වත් මතවාදයන්හි සාරාංශය වන්නේ භාෂාව සහ සමාජ සම්මුතීන් යනු මිනිසාගේ සැබෑ පැවැත්ම වසං කරන තිරයක් බඳු බවයි. ලැකාන්, ෆූකෝ සහ හෛඩගර් පෙන්වා දෙන පරිදි සම්ප්‍රදායික සන්නිවේදනය පුද්ගලයාගේ ස්වයං-අවබෝධය අවහිර කරන අතර, පින්කර් සහ මාකියුස් පෙන්වා දෙන පරිදි 'අසභ්‍ය' ලෙස ලේබල් කරන ලද භාෂාව එම බාධක බිඳදමා වඩාත් සෘජු හා අව්‍යාජ සත්‍යයක් ප්‍රකාශ කිරීමට මඟ පාදයි. මේ අනුව, ජීවිතයේ සැබෑ අර්ථය සොයා යාම යනු හුදෙක් පවතින සමාජ රාමුවට අනුගත වීම නොව, එම ව්‍යුහයන්ගෙන් ඔබබට ගිය විචාරාත්මක සහ ස්වාධීන ගවේෂණයකි.


4. ශාස්ත්‍රීය පරිහානිය සහ බල ව්‍යුහය පිළිබඳ විවේචනාත්මක නිගමනය

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයන් අද වන විට බරපතල පරිහානියකට ලක්ව ඇත්තේ ඉහත කී "ප්‍රදර්ශනාත්මක විනය" සහ "ව්‍යාජ ශිෂ්ටාචාරය" මත පදනම් වූ බල අරගලය හේතුවෙනි. එමනිසා අප රටේ සමාජය සහ සංස්කෘතිය පිළිබද විද්‍යාත්මක සහ විෂයබද්ධ කියවීම් වෙනුවට මනමෝහනිය, භාවාතිශය සහ බල කේන්ද්‍රීය ප්‍රකාශන සහ ව්‍යාජ පුස් දැනුමක් බිහිවන්නේ  - එම දැනුම සහ අප ජීවත්වෙන සමාජය අතර ඇති හිඩැස (පරතරය) බොහෝ වැඩිවන අන්දමටය. එමනිසා මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාවන් අපරටවල හුදෙක් නිෂ්පල දැනුමක්, ව්‍යාජ සාත්තර කීමක් දෝ හෝ වී ඇති සෙයක් ද පෙනේ. එනම් අප කරන දේ සහ අප උගන ගන්නා දේ අතර පරතරය එන්න එන්න වැඩිවීමත්, අපගේ සැබෑ ජිවිතයේ ප්‍රශ්න වලට මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාවන්ගෙන් ගන්නා දැනුම අතර පලදායි ප්‍රතිපල විරහිත, නිෂ්පල බවක් ඇතිවන්නේ අප සත්‍යය ආමන්ත්‍රණය නොකර ව්‍යාජය, බොරුව,මිත්‍යාව අධි-ශෝභන මානයකින් අනුන් ඉදිරියේ ප්‍රදර්ශනාත්මක ව රංග දක්වන නළුවන් (ජෝකර්) පිරිසක් බවට පත්ව ඇති නිසාය. මෙහිදී බොහෝ විද්වතුන් සමාජය සහ සිය සේවාදායකයන් ඉදිරියේ පෙනී සිටින්නේ අතිශය විනයගරුක, ගුණගරුක සහ උසස් ශාස්ත්‍රීය පෞරුෂයන් ලෙසය. එහෙත්, මෙම "සංවරශීලී භාෂාව" සහ "ශිෂ්ට සම්පන්න හැසිරීම" යනු පශ්චාත් -යටත්විජිත පීඩනයේ කාලාන්තරයක් තිස්සේ නියුතු ශ්‍රී ලංකාව වැනි රටවල, හුදෙක් ආයතනික ධූරාවලියේ ඉහළටම යාම සඳහා භාවිත කරන වෙස්මුහුණක් පමණි; එනම් අපොහනාත්මක ව තර්ක කරන විට, මේ සංදර්භයෙන් ඇඟවුම් කරන්නේ, අප භාවිත කරන සභ්‍ය ශික්ෂිත සුදු සදාචාරාත්මක " හොඳ" නමැති ලේබල් කරන ලද සංවර භාෂාවේ, කයේ, ශරීරයේ එළියට  ලෝකයට පෙන්වන (ප්‍රදර්ශ්නාත්මකව පෙන්වන) සුපිළිපන් ශුද්ධ භාවය සහ  මොවුන්ගේ අභ්‍යන්තර චර්යාව අතර වන සහ-සම්බන්ධය ගත්විට, එය, මේ වන විට ලාංකේය සාමාජයේ බරපතල උභතෝකෝටිකයකට ( දෙකෙන් කෝකද නිවැරදි/ සත්‍යය ) පත්ව තිබේ.

මෙම ක්‍රියාවලිය තුළ සිදුවන ප්‍රධානතම හානිය නම්, බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස බලය අත්පත් කරගැනීම සඳහා එකිනෙකා රවටමින්, උසස් චරිත රඟපාමින්, අනුන් පාලනය කිරීමේ පටු අරමුණක නිරත වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස:

1. විවේචනාත්මක චින්තනය අභාවයට යාම: සමාජය, භාෂාව, සංස්කෘතිය සහ බල පද්ධතීන් මෙලෙස අක්‍රිය වී ඇත්තේ මන්දැයි යන්න පිළිබඳ ගැඹුරු "ව්‍යාධිවේදික" (Pathological) විශ්ලේෂණයක නිරත වීමට මෙම විද්වතුන් අපොහොසත් වී ඇත.

2. ප්‍රදර්ශනාත්මක සංස්කෘතිය: සමාජයේ උසස් භූමිකා සහ තනතුරු හෙබවීම සඳහා වාචික සංයමය සහ සංස්කෘතික පෙනුම ප්‍රදර්ශනය කිරීම ප්‍රමාණවත් යැයි යන මතය තහවුරු වී ඇත.

3. නිර්මාණශීලීත්වයේ බිඳවැටීම: සැබෑ මානුෂීය ගුණාංග, අවංකභාවය සහ සදාචාරය මත පදනම් වූ ඵලදායී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය බුද්ධිමය මගපෙන්වීම මෙම පද්ධතිය තුළින් ගිලිහී ගොස් ඇත.


මගේ සමස්ත විශ්ලේෂණයේ මූලික තර්කය සහ නිගමනය වන්නේ මෙයයි: අපේ රටේ සමස්ත බල පද්ධතියම අමානුෂික සහ අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ, සැබෑ ශාස්ත්‍රීය ගවේෂණය වෙනුවට බලය සහ තනතුරු ලබාගැනීම උදෙසා කෙරෙන මෙම ප්‍රදර්ශනාත්මක, ශෝභමාන  "ව්‍යාජ විනයානුකූල රංගනය" (Performative Discipline) ආයතනික සංස්කෘතියේ පදනම බවට පත්ව ඇති බැවිනි. මේ පිළිබඳව දැඩි විවේචනාත්මක ස්වයං-නිරීක්ෂණයක නිරත නොවන තාක් කල්, වඩාත් සදාචාරාත්මක සහ අවංක සමාජයක් නිර්මාණය කිරීම සිහිනයක් පමණක් වනු ඇත.


ආශ්‍රේය කෘති 

Bourdieu, P. (1991). Language and symbolic power. Polity Press.

Butler, J. (1997). Excitable speech: A politics of the performative. Routledge.

Ellis, C. (2004). The ethnographic I: A methodological novel about autoethnography. AltaMira Press.

Ellis, C., Adams, T. E., & Bochner, A. P. (2011). Autoethnography: An overview. Forum: Qualitative Social Research, 12(1). https://doi.org/10.17169/fqs-12.1.1589

Foucault, M. (1966). The order of things: An archaeology of the human sciences. Pantheon Books.

Foucault, M. (1977). Discipline and punish: The birth of the prison (A. Sheridan, Trans.). Pantheon Books.

Freud, S. (1905). Jokes and their relation to the unconscious (The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Vol. VIII). Hogarth Press.

Heidegger, M. (1927). Being and time (J. Macquarrie & E. Robinson, Trans.). Harper & Row.

Lacan, J. (1966). Écrits: A selection (A. Sheridan, Trans.). W. W. Norton & Company.

Marcuse, H. (1969). An essay on liberation. Beacon Press.

Obeyesekere, G. (1984). The cult of the goddess Pattini. University of Chicago Press.

Pinker, S. (2007). The stuff of thought: Language as a window into human nature. Viking Penguin.

  “Perverted Sex”: Language, Normativity, and Sexual Authenticity “Is ‘Normal Sex’ Just a Social Myth? Rethinking Desire in Sri Lanka” Fake ...