උපාධි ප්‍රදානෝත්සවය !!!
ලොකු ඈනුමක් ඇරියේ ..කටට අත තබාගෙන දෑත විතරක් නෙවේ කකුල් දෙකත් දෙපැත්තට දික් කර
හප්පා .. ආහ් හාහ් හා ..
උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ උඩු මහලේ සිටි ලොකු උන්නැහ
බලා සිටියේ පහළ මහලේ මොකක්ද යකඩෝ මේ කරන විකාර වැඩේ...
ලොකු රතු පලස් මතින් ඇවිද රතු ලොකු ලෝගු දාගෙන සිටින මහාචාරිය ගොල්ල ඉස්සරහ
ඈත ගම් දනව් වල සිටන් පෙරදා සිට කොළඹට සේන්දු වුන
තමන්ගේ පොඩි කෙල්ලන් කළු උපාධි ලෝගු දාගෙන
රතු ලොකු උපාධි ලෝගු ලා සිටින මහාචාරිය ගොල්ල එක්ක
මොකක්ද බොලේ මේ කරන
මළ විකාර අප්පිරිය වැඩේ
"කුලපති වශයෙන් මට පැවරී ඇති බලතල පරිදි සනාථන සභාවේ .."
හප්පා .. කිසිම ජීවයක් නෑ රහක් නෑ ...
එකෙක් පසුපස එකෙක් බැගින් අර මහා ශාලාවේ ඉදිරි පෙළ අසුන් අරා වැඩසිටි ප්‍රතාපවත් එක රතු ලෝගු කාරයෙක්
අර අන්න ගොරව ගොරවා නිදි ...
හුස්මක් කටක් ගන්න බැරි තරමට අලුත පත් වූ නාබර තරුණ පීඨධිපති
දඩි බිඩි ගා සියලු නම් ගම් කියවා හමාර කලේ
සියලු කළු ලෝගු කාරයන්ට අර රතු ලෝගු කාරයන්
කුඩා උණ බට සදිසි උපාධි එක දිගට බෙදා අහවර කරන්න ඇයි මෙච්චර හදිසියක්
එක දවසින් ඔක්කොම උපාධි දීලා දාන්න ...
මේ මොන දැනුමක් ද මේ ...?
උපකුලපති සුදු නෝනා උදේ ඉදන් හවස් භාගය වන තෙක් සැසි තුනක මේ කළු ලෝගු අලුත උපාධි කාරයන් කාරියන් සැමට
අර ඉස්සර අතන බලන්න කියනවාත් සමග අමුතු සිරියාවන්ත කමක් මුහුණට ආරෝපණය කරන්
උදේ සිට හවස් යාමට තෙක් සිනා සී සිනා සී සිනා සී දැන් හකු පාඩා
ඇතුළටම කෙටී ඇලවී දෝ..
අනේ මන්දා පව් අප්පා ...
ඈත හද්දා පිටිසර ඉදන් පෙර දා හිදන්, නෑදෑ හතර වරිගයක් එක්ක
කැවුම් කිරිබත් උයන් දොළොස්භාගේ මාමාගෙන් හොඳ වෙලාවක් කාරිය බාලාගෙන එළියට බැස්සේ ..
මේ ඔක්කොම කොලොම් පුර වත්තන් කරන් ආවේ
යකෝ මේ මළ ඉලව්ව දකින්නද
අඩේ ගමේ අපේ ඈත නුවර කලාවියේ
ජහුටා - ගීත නාටකයක් මේ මඟුලට වඩා කොච්චර සිරියවන්තද
මොකක්ද මේ මුස්පේන්තු උපාධි ප්‍රදානෝත්සවය ?
ඇයි යකෝ අපේ ගමේ සිරියා ධනපාල එක්ක ජහුටා පොලේ දාන සෙල්ලම තරම් වත් පොඩි හිනාවක්
සින්දුවක්
ඒ නැතත්
මේ මහා ලොකු රතු ලොකු ලෝගු කාරයන්
ඇයි අප්පේ මේ මෙතරම් මැරිලා
වේලිලා ගිහින්
අර ලොකු මහාචාරිය බවලතුන් සරන් අන්දපු වංගෙඩි වගේ
අඩේ කිසිම සිරියාවක් තියා මුන් ගෑනුද පිරිමිද කියලවත් හොයන්න බෑ
යකෝ අපේ කොලු කෙල්ලනුත්
මේ මහලොකු රතු ලෝගු කාරයන්ගෙන් ගත්තේ
මේ මුස්පේන්තු අමනුෂ්‍ය උගත්කමද ???
දෙයියන්ගේම පිහිටයි අපේ උන්ට
මුන්ගෙන් යන කලදසාව ...
කෝ අපිට මොකවත් අදහසක් කතාවක් දැනුමක් මේ මහා ලොකු රතු ලෝගු කාරයන්ගෙන් ..
දුන්නේ නෑනේ ...
කෝ අඩේ එක දිගට නම් ගම කියනවා ඔහේ ඕසේට ...
"සනාථන සභාවේ අනුමැතිය ප්‍රකාර කුලපති වශයෙන් මට පැවරී ඇති බලතල ප්‍රකාර"
සාමන්‍යය උපාධි ප්‍රදානෝත්සවය නිමි ...
කිසිත් මනුෂ්‍ය පාටක් හිනාවක් අංග පුලාවක් නැති
ලස්සනක් නැති මේ විකාර දැනුම
ගත්ත අපේ උනුත්
ඉතින් අද ඉදලා මුන් වගේම නෙවේදෝ
වැඩ කරන්නේ ගමේ රටේ
ඉතින් කොහොමද මේ උපාධි කාරයෝ රට හදන්නේ
මුන් දන්නේ පෙළපාලි යන්න, උද්ඝෝෂණ කරන්න, විප්ලව කරන්න ...
අනේ ගෑණියේ යමන් යන්න මුන්ගේ මේ මළ විකාර මුස්පේන්තු උපාධි ප්‍රදානය දමල ගහල
කියල අර ලොකු උන්නැහ අර මහා තඩි උපාධි ශාලාව මැදින් දඩබඩස් ගාල එකපාරටම තමන්ගේ ලොකු හාමිනේ අතින් ඇදගෙන ගියේ ...
මුන්ගේ මළ ඉලව්ව මේ මැරුණු වේලිච්ච උන්ගෙන් අපේ උන්ට ලැබුන උපාධිය
හන්දා තමා
කලින් එකිත් ගෙටම උනේ
මේ විකාර මැරිච්ච වේලිච්ච උපාධි නිසා ...
යමන් යන්න ආපහු ගමට
අර ලැසිය සිරිපාල උඩදාගෙන නටන ජහුටා සැපයි මීට වඩා
මුන් තවම ඉන්නේ ඖරුදු 150 කටත් එහා ...
එරෝප්පෝ කාරයන්ගේ අමන
ගරු ගම්භිර ප්‍රෝඩා ඒකාකාරී වැඩ වල
කාව සනහන්නද මේ මෙහෙම කරන්නේ ...
මොන ගෞරව ප්‍රතාපවත් කමක් ද මේ ප්‍රදානයෙන් මේ කරන්න යන්නේ
සුද්දෝ වෙනස්වෙලා .. උන්ගේ උපාධි දෙන්නේ හිනාවෙලා හූ කියල උඩ පැනලා
කතාපවත්වලා
නටල කෑකෝ ගහල
අපේ උන් මැරිලා වේලිලා
මේ මහා ලොකු ශාලාවක මේ ඔක්කොම දාගෙන
මුළු ශාලාව පුරාම එකපාරම ලොකු දුර්ගන්ධ ගන්ධ වාතයක් ගියේ
එක එකා ගෑනු මිනිස්සු ලේන්සු වලින් නාස් කුහර වසා ගත්තේ ...
හුස්ම හිරවෙන්න යන තරම් හුළගක් නැත්තේ ....
මේ හිර ගේ ඇතුලේ කොච්චර වෙලා ඉන්නද මැණිකේ ...
උන් ඔක්කොම හොදට හිල්ටන් එකෙන් ගෙනාපු කෑම
කාල ආන් අරකා බුදි අර උඩ වේදිකාවේ ගොරව ගොරවා
එකපාරම තවෙකෙක් නින්දකින් ඇහැරිලා අර රතු ලොකු ලෝගුව පුරා කටකෙල පෙරිච්ච කටවට උපාධි ලොගුවෙන්ම පිහාගත්තේ...
භාගයක් ම නිදි උඩ මහා ලොකු රතු ලෝගු කාරයෝ
අපේ එවුන්ට වතුර උගුරක් දෙන්න තරම් ඇයි බැරි ?
කිසිම තෙතමනයක් මනුෂ්‍ය කමක් නැති දැනුමෙන් මොකක්ද මැණිකේ ඇතිවැඩේ
මේ රතු ලොකු කාර
මහන්තත්ත්ව මහාචාරියන්ට ඇයි මේ දේ තේරෙන්නේ නැත්තේ ...
මුන් ගෙවල්වලත් මෙහෙමද ?
මැණිකේ මට බැරිම තැන
නැගිටලා ආවේ ඉන්න බැරිව
අපරාදේ ගිය සැරෙත් පුරන් උනා කුඹුර
අපරාදේ ලොකු කොල්ලත් ඔෆිස් යනවා ඔය කෙහෙම්මල් උපාධිය අරන්
වගේ වගතුවක් නෑ අපේ උන්ට මැණිකේ මුන්ගේ මේ මළ දැනුමෙන්
දැන් මේ පොඩි ඒකිටත් ඔච්ච්රවත් උනොත් ලොකු දෙයක්
කොහොමද ඉතින්
අර පරණ හත් පරණ ක්‍රමේම ජප කර කර
දෙන මේ උපාධි ප්‍රදානොත්සවයෙන් ම
පෙනෙන් නැතෑ මුන්ගේ මැරිච්ච පණ ගියපු වේලිච්ච අප්‍රාණික මළ දැනුම
මුන් ඔක්කොම කරන්නේ පඩියට රස්සාවක්
බලන්න එපෑ මෙලහකට මේ දේ ප්‍රයිවට් කොම්පැනියක කරානං
මැණිකේ කොහොමද උන් මේ දේ කරන්නේ
අපිටත් ඉගන ගන්න ආස හිතෙන අන්දමට
මෙතන මිනිස් පුළුටක් මිනිස් සුවදක් තෙතමනයක් නෑ
මුන්ගේ මහා ලොකු මහන්තත්ත දැනුමේ !!!

No comments:
Post a Comment