හරිණිගේ රෙද්ද ගලවන්න යනකොට, අධ්‍යාපනයේ සෙළුව දැකීම !
අනුන්ගේ රෙද්ද ගළවන්න ගොස් මගේ නිරුවත ලොවට පෙනීම පිළිබදවයි අද කයිවාරුවක් ගහන්නේ.
"ගහකට නගින්න, වත්තේ පොල් ගිඩියක් කඩාගන්න අහළ පහළ කොල්ලෙක් නැතිවෙයි, ගමේ රටේ ඉන්න හැම කොල්ලෙකුටම කෙල්ලෙකුටම යුනිවසිටි යන්න මෙහෙම ඉඩ දුන්නොත් ?"
මේ තමා එදා ආචාර්‍ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහත්තයා , ගමේ රටේ ඉන්න දුප්පත් හැම අම්ම කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම දරුවෙකුට, අපේ රටේ නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට මේ රටේ මිනිස්සු කියල තියෙන්නේ. ඒ, මෙරට රාජ්‍ය සරසවි වලට යන්න ඉඩ ප්‍රස්ථාව සලසන්න යනකොට මේ රටේ හිටිය සිය සංස්කෘතික ආධිපත්‍යයික අණසක බලය රදවා සිටි ඇතැම් මිනිසෙකු කී දේ.
එදා යුනිවසිටි යන්න දුන්නේ ඉහළ මධ්‍යම පන්තියේ ඉංග්‍රීසි කථාකරන සමාජයේ ඉහළින් වැන්ජබෙන දෙමාපියන්ගේ දරුවන්ට විතරයි - කොළඹ පේරාදෙණිය සරසවි වලට 1950 දශකයේ යන්න දුන්නේ ඒ අයට - එත් 1960 දශකයේදී විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන් ජාතික විශ්ව විද්‍යාල කරලා යන්න දුන්නේ ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට මේ රටේ නිදහස් අධ්‍යාපනයේ සියලු අවහිරතා නැති කරලා. අන්තිමට වසර 16කට වැඩි කාලයක් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ දරුවන් හැමකෙනෙකුටම නිදහස් අධ්‍යාපනය රාජ්‍ය මට්ටමෙන් පිළිගෙන එය නෛතික බලය ප්‍රකාර සමාජ සාදු සම්මත මිනිස් අයිතිවාසිකමක් කරපුවහම කන්නන්ගර ඇමති තුමා එදා පාර්ලිමේන්තු ජන්දයෙන් පරාද වෙලා ගෙදර යනවා.
ඒ ඇයි ? ඒකට හේතුව කුමක්ද ?
අද ආචාර්‍ය හරිණි අමරසුරිය අගමැති තුමිය අල්ලාගෙන ඇය බලයට ආ දවසේ ඉදල අයට අසාදු අසම්මත ආකාරයෙන් කැත කුණු කථා කියමින් මිනිසුන් මේ රටේ ඇයට අහවල් ලිංගික කතන්දර ගොතමින් අවලාද කථා කියන්නේ ඇත්තටම ඇයි ??? ඒ කියන මිනිසුන් රටට හරි රටේ මිනිසුන්ට හරි අධ්‍යාපනය ලබන දරුවන්ට හරි ඇත්ත අවංක ආදරයකින් ද කියන්නේ එහෙම ???
මේ රටේ බොහොමයක් ප්‍රශ්න හදන්නේ ඒ ප්‍රශ්න හැදෙන තැන හෙවත් සත්‍යය සැබෑ රෝග කාරකය, ඒ තැන හදුනාගෙන නොවේ.
මිනිසුන් ලෝකයට පේන්න සුදුපිරුවට ඇඳගෙන ශිෂ්ඨ සම්මත සාදු සුචරිත ප්‍රතිරූපයෙන් පෙනීසිටින්නේ කාව රවටන්නද? ලෝකයා ද තමන්වම ද?
රටේ කුඩා දරුවා, තරුණයාගේ ඉදල පුරුදු පුහුණු කරලා තියෙන්නේ අනියත අහේතුක ලැජ්ජාව සහ භිය ඉස්සරහට දාල, මිනිස්සුන් දෛනික ව ජීවත්වෙන ඇත්ත යුක්ති සනාථන සදාචාර සම්මතය යට ගහන්න, ලෝකයට පේන්න ව්‍යාජයක් මතු කරන්න - අපි තවමත් ජීවත්වෙන්නේ එහෙම අවිද්‍යාත්මක මිත්‍යා මන මෝහනීය රාජ්‍යයක, ව්‍යාජ සුචරිත සම්මත ශිෂ්ඨ සංස්කෘතික සාමාජයක.
එදත් අදත් ගහන්නේ එකම තැනකට - අහවල් ලිංගිකත්වයක් සමලිංගික හෝ සමරිසි හෝ සමකාමී හෝ කුමක් හෝ අපර නාමයකින් අල්ලාගෙන කියන්නේ කරන්නේ කුමක්ද ? ඒ ගහන්නේ හරිණිට ද ලිංගිකත්වයටද මොකටද? ඒ ගහන්නේ එකම දෙයකට. ඒ නම් , මෙරට පාලනය කල යටත්විජිත වික්ටෝරියා යුරෝපිය ව්‍යාජ රාජ්‍යය සදාචාර සම්මුති වලින් මිදීමට නොවේ. මෙරට කාලයක් තිස්සේ අහිංසක මිනිස්සු පාගාගෙන යට කරගෙන ව්‍යාජ ශිෂ්ඨත්වයක් විනයක් පෙන්නන්නා උත්සාහ කරන්නේ ම ඇයි ? ඒ සැබෑව, සත්‍යය විද්‍යාත්මක මානව චර්යාව දකින්න අපේ රටේ වැඩවසම් බල ධුරාවලිය ඉඩ දෙන්නේ නෑ. අපේ පාලකයින් රටේ මිනිසුන් පාසල් අධ්‍යාපනයේ කුඩා කාලේ සිට විද්‍යාත්මක දත්ත නිරීක්ෂණ මත තීන්දු තීරණ ගන්න ඉඩ දෙන්නේ නෑ. ඒ, එවිට මිනිසුන් දරුවන් තරුණයින් අපහරණය කරන්න පාලකයාට බැරි නිසයි - දියුණු සමාජ වල පාසලේ කුඩා කාලේම දරුවන්ට සියළු සංස්කෘතික පෞද්ගලික වංශයෙන් තමන්ගේ අනන්‍යතාව අයිතීන් ආරක්ෂා වන පරිදි සමාජීය ආරක්ෂාව තර කර ලීමේ අධ්‍යාපනයක් ලබා දෙන්නේ. එවිට කාටවත් රටක දරුවන් තරුණයින් මිනිසුන් අපහරණය , දුෂණය වදහින්සනය කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. පුජකයින් හාමුදුරුවන් ලිංගික කාරණා පිළිබද රටේ වඩාත් විද්‍යාත්මක අවධානයක් දෙනවිට සිවුරු උස්සගෙන මාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ පෙනී සිටින වෙලේ පංසලේ පල්ලියේ සිටින කුඩා දරුවන් කී දෙනෙකු තමන් අතින් ලිංගික සහ මානසික කායික අපහරණයට ලක්වෙලා තිබෙනවාද කියා සොයන්නේ නෑ.
ලෝකයේ ගත්තත් ලංකාවේ ගත්තත් පුජනීය යයි සලකන ඇතැම් පංසල් පල්ලි දෙවොල් ඇතුලේ ඉන්න දරුවෝ තරම් තරම් කායික මානසික ලිංගික අපහරණය වෙන තවත් තැනක් නැතුවදෝ කියල හිතෙනවා - සමලිංගික කථාන්දර වටා ලංකාවේ පුජකයින් ඇතැම් පිරිසක් එච්චරම අසම්මත එදිරියක් විජ්ජුම්බරව දක්වමින්, සිවුරු උස්සන් එන එක සමාන වෙන්නේ, අපෝහක ගණිතමය තර්කනය අනුව නම් ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් කොල්ලෙක් හොයාගෙන අපහරණය කරත් රියල් ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් සමාජයේ සුජාතව සාදු සම්මතව පෙනී සිටින සිල්වතුන් ගුණවතුන් ශිෂ්ඨ මිනිසුන් ලෙස පෙනීසිටිමින් හැංගිලා දරුවන් තරුණයින් මිනිසුන් ගේ ජිවිත විනාශ කරන, එළියට ලෝකයට පේන්න ජීවත්වෙන්න නොහැකි, අහේතුකව අතිශය භිය සහ ලැජ්ජාවකින් පෙළෙන පිරිසක් බව තමා මහාචාර්‍ය ගණනාථ ඔබේසේකරයන්ගේ ලාංකේය සංස්කෘතික මානව විද්‍යා බල න්‍යාය අනුව පෙන්වා දිය හැක්කේ. අපි කරන්නේ කැමති කාලයක් තිස්සේ දෙතිස් මහා චෝරකතා, භාවාතිශය හැඟුම්බර අවිද්‍යාත්මක කතා කියමින් කාලය ගත කිරීමයි. උගුරට හොරා බෙහෙත් කෑම අපේ සංස්කෘතික අවිද්‍යාවයි.
එදත් අදත් තියෙන්නේ එකම දේ - ඒ තමා රටේ මිනිසුන්ගේ ඇත්ත සත්‍යය චර්යාව, යුක්ති ගරුක කාරණා ඉවත දාල හිතළු සහ මනෝරාජික සුපිරි සාදුත්වයක මානසිකව හිරවෙලා ඉන්න. ව්‍යාජ මිත්‍යා මතයක මිනිස්සු සිරකරලා රටක් සමාජයක් පාලනය කරන්න හරි කැමති දුෂිත බලයක් කරපින්නාගෙන ඉන්න අය - එහෙම තමා මේ රටවල මිනිස්සු ගේ ඇතුළේ ඉදල පාසලේ, පන්සලේ, පන්තියේ, වැඩපලේ .. මේ ආදී හැමතැනකම ඔක්කොම පාලනය කරේ. අධිපති සංස්කෘතික බලයක් හදාගෙන තියෙනවා මිනිස්සු මේච්චල් කරලා හිලෑ කරලා භය කරලා පාලනය කරන්න - එතන සත්‍ය ඇත්ත දත්ත, තොරතුරු විද්‍යාත්මක කරුණු යට ගහනවා - මිත්‍යා නොපෙනෙන ව්‍යාජ බල ප්‍රක්ෂේපණ මත රාජ්‍යයක් පාලනය කරන්න ලේසි. ඒ, වැඩවසම් දුෂිත පාලනයකට. එදත් අදත් රාෂ්ඨ පාලනයේ මිනිසුන් මෙල්ල කිරීමට පාලකය තියාගෙන සිටියේ මිත්‍යාව අවිද්‍යාව මෝහය - ඒ අහේතුක අවිද්‍යාත්මක ලැජ්ජාව සහ භිය ඉස්සරහට දාල ව්‍යාජ සංස්කෘතික වටිනාකමක් මවාගෙන එය මිනිස් පාලන බලයක් කරගෙන - අදත් එහෙමයි
මිනිසුන්ට පේන්නේ එළියට පෙනෙන මතුපිට බාහිර රූපය හැඩය විතරයි - මිනිස්සු සියලු නීති වටිනාකම් ශෝභන සාදු සදාචාර සියල්ල හදාගෙන තියෙන්නේ මේ රැහැනේ එළ්ලිලා.
එදා කන්නගරටත් අද හරිණිටත් ගහන දේ ඇතුළේ ගැබ්වෙලා තියෙන්නේ එකම මෞලිය සමාජීය සන්නිවේදන සංස්කෘතික සංරචකයක් - ඒ, තමාවම වසාගෙන ව්‍යාජ ලෙස ලෝකයට පෙන්නගෙන ඉන්න සියලු සමාජීය සාදු ආයතන පවතින්නේ මිත්‍යා අවිද්‍යා සාදුත්වයක් මත. ඒ නිසාම අපි සැඟවිලා තමා අපේ ඇත්ත සත්‍යය සනාථන ජීවත්වෙන ආකාරය පවත්වාගෙන යන්නේ - අපේ ඇත්ත ඒක නිසා බලාගන්න පුළුවන් ෆේක් ෆ්රෝපයිල් හෙවත් ව්‍යාජ මිනිස් චරිත තුළ. රියල් ෆ්රෝපයිල් වල තියෙන්නේ ලෝක ලැජ්ජාව නිසා ඇත්ත වහගෙන ලෝකය ඉල්ලාසිටින වංශවත් වැඩවසම් සුචරිතවාදී සුදු සාදු ව්‍යාජ බොරු චරිතයක්. ඇත්ත තියෙන්නේ, වෙන්නේ, පේන්නේ ලෝකයට එලියට පෙන්නන ෆේක් ෆ්රෝපයිල් එකේ. රියල් ෆ්රෝපයිල් එකේ තියෙන්නේ ෆේක් ෆ්රෝපයිල් එකක්.අපි අපේ ඇත්ත සඟවාගෙන ජීවත්වෙන්නේ හැමතැනම.
එන්න එන්න සමාජීය ජාල ඔස්සේ එළිපත්තට කරළියට එන්නේ අප හුඹස් භයක් ව්‍යාජ සාදුත්වයක් සුචරිතයක් දාල හංගගෙන ලෝක පුරාජේරුව පෙන්නන්න උතසාහ කරන මිත්‍යා සම්මත සුන්දර සදාචාරය. ඇත්ත එයට වඩා ප්‍රායෝගිකයි, පැහැදිළියි, යථානුරුපීයි - ඒ කියන්නේ මිත්‍යා අවිද්‍යා ලෝකයට සත්‍යය තිත්තයි අමිහිරියි ලෝකයා ඉස්සරහා- ඒ වුනාට අප කව්රුත් දන්නවා ඒ සත්‍යය ඇත්ත යුක්තිය බව - දැන දැන අපි අපේ සත්‍යය වහනවා කාටවත් පේන්නේ නැතිවෙන්න.
මිනිස්සු කවුරුත් වැරදි කරන්නේ නෑ ඒ සමාජේ මිනිසුන්ට හංගගෙන රස විදින්න තරම් ඒ රටේ අධ්‍යාපන සංස්කෘතික සදාචාර නීති අණපනත් පට්ට පරණ ගොබ්බ අවිද්‍යා මිත්‍යා බයිලාවක් නොවුනානම්. මිනිස්සු වැරදි කරන්නේ මිනිසුන්ගේ ඇත්ත යුක්තියට ඉඩක් ඒ සමාජේ නැති වුනාම - ඒ කියන්නේ, සමාජයට පෙන්නන්න උත්සාහ කරන නීති අණපනත් සාදු සුචරිත සම්මත ශිෂ්ඨ වටිනාකම් මගින් පෙන්වන දේවල් ව්‍යාජ මිත්‍යා ෆැන්ටසි විතරයි. කාවද මේ අපි රවට්ටන්නේ ? තමාව ම නෙවේද අපි රවට්ටගන්නේ ලෝකයා, අනුන් ඉස්සරහා අපි සුචරිත සාදු සම්මත වෙන්න ගිහින්? ඒ තමා ගෝලීය දකුණේ අපේ රටවලට තියෙන දරිද්‍රතාව -සංස්කෘතික දුප්පත්කම, අවිද්‍යාව, දුෂිත දේශපාලනය.
මුල් බුදු සමයේ එන බුද්ධ වචනය, විනය පිටකය, උපසම්පදා සීලය එහෙම දැක්කනම් අපේ සමාජීය ජාල වල සුදුරෙද්ද සුදුපිරිවට උඩට එළාගෙන දාගෙන ඉන්න ශිෂ්ඨ සාදු සිංහල බෞද්ධ අබුද්ධ මිත්‍යා අහංකාර මාන්නක්කාර ශෝභන බොරුකාර නළුවෝ නිළියෝ මිනිස්සු මෙලහකට වෙන ආගමකට ගිහිල්ල. ඒ මන්ද යත්, ඒ මුල්බුදු සමාජයේ පිරිසිදු බුද්ධ වචනය විනය දැක්කොත් ඒ අය හිතනවා බුද්ධ වචනය විතරක් නෙවේ බුදු දර්ශනයත් එච්චර ම අසික්කිත අසම්මත අශිෂ්ඨ දෙයක් කියලා. කටුකුරුන්දේ ඤාණානන්ද හිමියන් කියනවා බුදු හාමුදුරුවන්ගේ දහම දැක්ක කෙනෙක් ලෝකයා දකින්නේ පිස්සෙක්, මෝඩයෙක්, බෙලහිනයෙක් විදිහට කියල. - ඒ එතරමට ලෝකයා යන පෙන්වන මේ මගට වෙනස් ප්‍රතිවිරුද්ධ මාර්ගයක බුද්ධ දර්ශනය, චරණය සහ ප්‍රතිපදාව තියෙන්නේ.
යටත්විජිත උටෝපිය ෆැන්ටසි වලින් මිදිලා තමන්ගේ ම ඇත්ත දැක්ක නම් කවුරුත් තවත් කෙනෙකුගේ දෙයක් නරකයි වැරදියි අසම්මතයි අශිෂ්ටයි කියල දකින්නේ නෑ - මෙතන ප්‍රශ්නේ තමා, තමන් හරියට නොදැක අනුන් හරියටම දකින්න යනවා.
මම මේ භයේ ඉන්නේ මේ, මේ අල්ලපනල්ලේ මම මේ රෑට රෑට රෙදිගලවාගෙන කොල්ලෝ කෙල්ලෝ එක්ක කරන, මගේ ඔන්ලයින් සයිබර් සෙක්ස් සින් ඒවත් අනෙක් පැත්තේ ඉන්න එකා රෙකෝඩ් කරගෙන ෆේස්බුක්, ඉන්සග්රම්, ටික් ටෝක් යු ටියුබ් දායි කියලා. අනිවාර්යෙන්ම ඒ ඔක්කොම හෙටානිද්දා එනවා සත්තයි. ලිංගික සහ සම්බන්ධතා විශ්‍රාන්ති සයිබර් සහ ඔන්ලයින් සෙක්ෂ් ලෙස ලෝකයේ වඩාත් මිනිසුන් සම්බන්ධ වෙන අතත්‍ය යතාර්ථය අද වෙසෙන මිනිසුන්ගේ නුතන මානව සම්බන්ධතා පවත්වන ප්‍රාකාරයයි. සියල්ල සමාජීය ජාල මාධ්‍යය ඔස්සේ රූපාන්තරණය වන සමාජයක ලිංගිකත්වය පමණක් ගේ ඇතුළේ කාමරයේ සිර කර වසා දමා විලංගු කර තැබිය නොහැක.
හැබැයි එහෙම දැම්මොත් නාලන්දා ගෙඩි ගේ දකිනවට වඩා විද්‍යාලංකාර 150 වසරක ශාස්ත්‍රීය සම්ප්‍රදානය රට්ටු දකී. අද කැලණිය විශ්ව විද්‍යාලය හෙට අනිද්දා අලුත් අවුරුදු වෙනකොට අධ්‍යයන අංශ වල කිරි මුට්ටි ඉතිරීම්, කැවුම් කොකිස් අලුත් අවුරුදු කෑම මේස, බර්ත්ඩේ පාටි වල කේක් කවා ගැනීම් විතරක් නෙවේ අධ්‍යයන අංශවල සිද්ද වෙන්නේ.. වෙසක් පොසොන් වෙනකොට මේ සරසවි භූමියට ගෙන්නාගෙන කෝටියක් සංවර භික්ෂුන්ට පිණ්ඩපාත දානේ වැඩසටහන්, දන්සල් වැහිවහිනවා - දුකේ බෑ සිල් සුවද උතුරනවා සයිබ එක ඇත්තේ එහෙම.
1950 1960 දශකයේ විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් කරනකොට පෙරදිග භාෂා ශාස්ත්‍ර හදාළ ඉසිවරු වගේ හිටිය මුණිවරු භාෂා හය හතක් දැනගෙන හිටිය වචනේ පරිසමාප්ත අර්ථයෙන් ම මහැදුරු පඩිවරු; කොටහේනේ පඤ්ඤාකිත්ති, යක්කඩුවේ පඤ්ඤාරාම, කිරිවත්තුඩුවේ පඤ්ඤාරාම හිමිවරුන්ට එදා කොල්ලෝ කෙල්ලෝ පිළිවෙලින් කියල කොරලා දොහොත් මුදුන් නොදී ,ඇත්ත ඇතිසැටියෙන් කියල සංග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මෙහෙම;
එකෙක් කොට පඤ්ඤා, අනෙකා යක්කඤ්ඤා, තවෙකෙක් කිරි පඤ්ඤා, මේ ඔක්කොම දෙකෙන් පඤ්ඤා. !!!
මේ විද්‍යාලංකාර මග යන්න දැන් ඉසඩ් ජෙනරේෂන් ඉන්න සමාජීය ජාල දිහා උදේ ඉදල රෑ වෙනකල් ඇහැ අරගෙන අමු කාල අබිං ගහල වගේ මෙලෝ රහක් නැතිව බලා ඉන්න මානව මානවිකාවන්ට හැකි වුනොත් අන්න ජර්මනියේ ෆ්රන්ක්ඵර්ඩ් ගුරුකුලය, ඇමරිකාවේ චිකාගෝ ගුරුකුලය, මහා බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ගුරුකුලය , ප්‍රංශයේ සෝබෝන් ගුරුකුලය වගේ විද්‍යාලංකාර ඉහළ ශාස්ත්‍රීය සම්ප්‍රදානය රකින ලෝක ප්‍රකට ගුරුකුලයක් ඉදිරියට අරන් යන්න අපට පුළුවන් වෙයි. ඒ, කොල්ලෝ කෙල්ලෝ හොදට හිතේ හැටියට ඔන්ලයින් ගිහින් හරි සයිබ ගිහින් හරි හොදට හිතේ හැටියට හංගගෙන ඉන්නේ නැතිව දෙකෙන් පඤ්ඤා සම්ප්‍රදාය අරන් ගියොත් පමණයි.
ලංකාවේ පේරාදෙණිය සරසවියෙන් ලෝකයේ අංක එකේ මානව විද්‍යාඥායා වූ මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර ඇමරිකාවේ ඉහළම පෙලේ සාමාජීය විද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය වන ඇමරිකන් අන්ත්රෝපොලොජි සඟරාවේ දැක්වුයේ ලංකාවේ බෞද්ධ ගම්වල බඩදරු අම්මලා සිරකරගෙන සිටින ලිංගික පීඩනයේ ඇති මනෝ විශ්ලේෂණ විද්‍යා අරුත් සුචනයයි. ඒ ලිපිය පටන් ගන්නේ මාතලේ ලග්ගල කැලෙන් සොයා ගත්ත ජන ශ්‍රුතික කවියක ගැබ්වෙන ලංකේය ජන සමාජය පිළිබද කියවෙන එහි ලිංගික පීඩනය කොහොමද ලැජ්ජාව සහ භිය නිසා මිනිසුන් සිරකරගෙන හොරෙන් ඔක්කොම කරගන්නේ කියලා. ඒ කවිය කියල අදට නවතින්නම්;
හුකන්න ගිය කල පාළු කනත්තේ
කටුවැල් බටුවක් ඇනුනයි හුත්තේ
ඒකට වෙදකම කියපන් මුත්තේ
කොටනැති පයියක් ඇනගන් හුත්තේ.
Obeyesekere, Gananath. Pregnancy Cravings (Dola-Duka) in Relation to Social Structure and Personality in a Sinhalese Village. American Anthropologist 65, no. 2 (April 1963): 323–342. DOI: 10.1525/AA.1963.65.2.02a00080
*** දුක සහ ආශාව අතර ඇත්තේ එකක් අනෙකෙහි රඳන අංශුමාත්‍ර සමීප සබදතාවකි. ***
ඡායා රූපය ; https://www.anothermag.com/design-living/16246/a-manifesto-for-the-modern-cinematic-sex-scene-babygirl-passages
Best article sir🙏thanks 🙏❤️
ReplyDelete