Monday, December 29, 2025





මොකුත් නැති තැන ඉන්න !





හැමෝම අහනවා 

ඇයි ඔච්චර දිගට ලියන්නේ 

කවුද ඕව කියවන්නේ 

ෆේස්බුක් එකේ ....

ඔබට මොකක් හරි ප්‍රශ්නයක්ද 

ඔහොම ලියන්නේ ?

අවුලකින්ද ඉන්නේ ?

මොනවා හරි මානසික පිඩනයකින් නේද ඉන්නේ ඔබ ???

අපිට නම් එහෙම තමා පේන්නේ.


ඔව්.

ඉතින් ඒක හරි. හරියටම හරි ඔබගේ තක්සේරුව.

ලොකුම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ 

මොකක්ද ඒ ? 

කොහොමද මේ සියලු වැඩ වලින් මිදිලා නිදහසේ සතුටෙන් ඉන්නේ ?

ඉතින් ඒක දන්නා කෙනෙක් නේ ඔබ 

ඔව් දන්නා නිසා තමා 

මේකෙන් මිදෙන්නේ කොහොමද කියල 

හිතන්නේ ... 

ආ ඒක තමා මම කිව්වේ ඔබ ඉන්නේ ප්‍රශ්නෙකින් කියල ?




ඔබ මට තේරෙන විදිහට මානසික අවපීඩන  තත්ත්වයකින් පසුවෙන්නේ 

අපි යමුද වෛද්‍යවරයෙක් හමුවෙන්න පොඩි බෙහෙතක් ගමු. ඕක හරියයි.

හරියටම හරි ඔබ අල්ල ගත්තා මගේ ලෙඩේ.

හරි යමු 

ඊට කළින් මේ බෙහෙත හොදයි ද බලන්න කෝ පොඩ්ඩක් ඉස්සරලම ?



ඔබට කථාකරන්න කෙනෙක් නෑ මේ ලෝකේ හිත සහනගන්න ?

හැමෝම කතාකරන්නේ එක්කෝ ප්‍රශ්නයක් කියන්න 

එක්කෝ ප්‍රශ්න විසදන්න 

එක්කෝ ප්‍රශ්න ඇතිකරන්න 

ප්‍රශ්න නිවන කෙනෙක් 

ප්‍රශ්න වලට පිළිතුරු හොයන කෙනෙක් 

කෝ මේ ලෝකේ ...???



ගොඩක් වෙලාවට හිතෙනවා 

හිතේ තියෙන දුක කියන්නේ කාටද කියල -  නිවා ගන්න, පාළුව කාන්සිය මගහරවා ගන්න 

ටික වෙලාවක් හිතල බලනවා කාටද මේක කියන්න පුළුවන් කියල 

කවුද වටේ පිටේ ඉන්නේ කියල

කොහෙද ගැළපෙන කෙනෙක් ඉන්නේ කියල.

නිවිහැනහිල්ලේ අම්මා අප්පච්චි වගේ උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් 

කොහෙද එහෙම කෙනෙක් ඉන්නේ ...

කෝ එහෙම කෙනෙක් නෑ නේ පේනමානෙකවත් 

හැමෝම වටේ ඉන්නේ, ප්‍රශ්න අරන් යන යන තැන, ගිනි තියන්න ඉන්න අය 

ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න ගැටළු ගැටළු ගැටළු 

ඒවටමයි වටේ ඉන්න ඔක්කොම එකතුවෙන්නේ 

ගිනි නිවන්න කෙනෙක් කෝ 

අපේ අතරේ 

එහෙම අය මේ උගත්, දියුණු, සල්ලි, තාක්ෂණය, විද්‍යාව තියෙන සමාජේ පිළිගත් යයි කියන අය  අතරේ කොහෙද ඉන්නේ ?

ඉතින් ඒකට පිළිතුරත් ඔබ දන්නකෙනෙක් නේ...?


ඔබ එහෙමද මම ගැන හිතන්නේ ..?

ඒ පිළිතුර තමා මම හොයන්නේ මේ ...



ඉන්නවා එහෙම ගිනි නිවන අය 

තියෙනවා හිත නිවා ගන්න දේ 


කොහෙද ඉන්නේ ඒ අය . මොනවද ඒ ගිනි නිවන දේ  ...???



කොහෙවත් නෑ ... මොනවත් නෑ ...


ඒ කියන්නේ .. මොකක්ද ඔබ කියන්නේ මේ  ?


මොකුත් නෑ කරන්න හරි, කියන්න හරි, ආශ්‍රේ කරන්න හරි, දෙයක් නෑ 


එතකොට.....?



එහෙම තමා ඉන්නවනම් ඉන්න ඕනේ  ...


ඒ කියන්නේ තනියම තමයි ඉන්නේ නේද ඔබ ?

එහෙම නෑ 



නෑ හැමවෙලේම සිතුවිල්ලක් එක්ක ඉන්නේ අපි 

එයත් එක්ක ගනුදෙනු කරන්නේ 

එයා එනවා යනවා 

ඉන්න, යන,එන  තැන අනුව එයා වෙනස්වෙනවා - ඒක  නිසා තනියම නෙවේ ඉන්නේ අපි  

ගොඩක් අය එක්ක ඉන්නේ අපි 



ඔබ දුකෙන් නේද ඉන්නේ .... කවුරු හරි දාල ගියාද දරාගන්න බැරිද ?

ඔව්. 

කවුද ඒ ?

ඔබට කිව්වොත් ගෙනත් දෙන්න පුළුවන්ද ?

මොකක්ද කවුද ?

සිත - ඇවිල්ල ක්ෂණිකව යන හිත ගෙනත් දෙන්න පුළුවන්ද කලින් මගේ ළඟ තිබ්බ හිත?

ඔබ සතුටෙන් ඉන්නෙම නැද්ද 

සතුටෙන් තමා ඉන්නේ හැමමොහොතේම 

එතකොට දුකෙන් ඉන්නවා කිව්වේ ..?

සතුටෙන් ඉන්න නිසා 

එතකොට සතුටෙන් ඉන්නවා කිව්වේ ?

දුකෙන් ඉන්න නිසා .


මට තේරෙන්නේ නෑ.. මොකක්ද මේ ඔබ කියන්නේ ?


සිතුවිල්ලක් එක්ක ඉන්නේ. ඒකෙ  ඔක්කොම තියෙනවා 

දුකෙන් ඉන්නවා කිව්වොත් අනිවාර්යෙන්ම සතුටත් එතන තියෙනවා 

සතුටෙන් ඉන්නවා කිව්වොත් එතන අනිවාර්යෙන්ම දුකත් තියෙනවා 


ඒ කියන්නේ උපේක්ෂාවෙන් ද ඉන්නේ 

උපේක්ෂාව කියන්නෙත් සිතක්ම තමා 


එතකොට ඉන්නවා කිව්වේ සිතකින් ?

නැත්තන් කොහොමද ඉන්නේ අපි ?

මම දැන් මේ ඔයත් එක්ක ඉන්නවා කියන්නෙත් සිතකින් තමා මම ඔයා දැනගන්නේ - නැතිනම් වෙන කොහොමද ?



සිතෙන් වැඩ ගන්න දන්නවද ඔබ ?

ඔව් .

කොහොමද ?

හිතලනේ අපි වැඩකරන්නේ 

හරි. 

එහෙම තමා ඉන්නේ හැම වෙලේම අපි 

එතන මොකුත් නැති බව දන්නවද ?

නෑ .


ආන්න ඒ නැති දෙයක් එක්ක ඉදල බලන්න කෝ 

මොකක්ද දැන් එතන නැත්තේ ?

සිත 

ඔබ කියන දේ මට වැටහෙන්නේ නෑ 

ඔබ සිත තියනවා කියල නේද කිව්වේ ?

ඔව් 

දැන් නෑ  කියන්නේ එතකොට?

දැනෙන පේන සියළු සිත් අපට පේනවා වගේ විතරයි පෙන්නේ 

ඇත්තටම ඒ දැනෙන සිතෙන සිතට හරියටම සිත තියල බලන්නකෝ පොඩ්ඩක්  - ඒ කියන්නේ ඒ සිතට මේ මොහොතට දැනෙන සිතට හරියටම අවධානය දුන්නාම අපිට පේනවා එතන එහෙම දෙයක් නෑ, ඇවිල්ලා යනවා විතරයි, එහෙම දෙයක් වෙන්නේ.


මට තේරෙන දෙයක් තියෙනවා ඔයා ඉන්නේ මානසික අවුලක ...

ඔබ ඉන්නේ හොදටෝම මානසික පීඩන තත්ත්වයක 

අපි යමු බෙහෙත් ගන්න ?

එතකොට මේ දැනෙන ඔය ඔබ කියන දේ වැටහෙන සිතත්, ඔය ඔබ කියන විදිහට නැති දෙයක් නේ ...?

ඕක පිස්සුවක් ?

ආන්න හරි ඔබ අල්ලා ගත්තා ..




අන්න එතන තව බලන්න ඔබට පෙනෙයි එනවා යනවා විතරයි

එත් අපි මේ දකින පෙනෙන දේ අල්ලගන්න තියෙන කැමැත්ත, ඒක  වේගයක් සිතේම

ඒ නිසා මේ  එන යන දෙක අතර තියෙන පරතරය පෙන්නේ නෑ අපිට. 

මේ ප්‍රවේගය අපිට මේ භෞතිකයේ ඇති සනාථන ඇත්ත වසන් කරනවා. 

ඔබ ඔබට දැනෙන පෙනෙන සිතෙන කරන ඔය සිත දිහාම බලන්න 

ඒ කිසිවක් නැති තැන දැක්ක කෙනා 

ඉන්නේ ලෝකේ හරිම සතුටෙන්.

මේ කිසිවක් නැති තැන 

හරිම නිසලයි ගැඹුරුයි පහසුයි ලස්සනයි 

ඒ දේ තවකෙනෙකුගෙන් ලැබෙන්නේ නෑ 



මොනතරම් ලෝකේ දේවල් අපි වටා තිබ්බත් 

ඒ ඔක්කොම අපිට ආරම්මණය වන්නේ අපේ මනසෙන්, සිතෙන් - එතන සිතක් නෑ 

සිතක්,දැනෙනවා පෙනෙනවා කියල කියන්නෙම අල්ල ගැනීමක් විතරයි. 

තියෙනවා නම් තියෙන්නේ අල්ලගැනීමක් ඉංග්‍රීසියෙන් කිව්වොත් කැප්චර් කරගැනීමක්

ඒකත් ඇවිල්ලා යන එකක් - ඒත් අපිට පේන්නේ තියෙනවා කියලා - ඒ  නැති දෙයකට තියෙනවා වගේ පේන්නේ. 

සාමන්‍යය ලෝකයාට අපිට මේ දැනුත් පේන්නේ එහෙම මටත් ඔබටත්.



ලෝකේ මොකුත් නැති තැන ඉන්න, ගොඩක් වෙලාවට, ඔබත් ...!

දැන් නම් මටත් ටිකක් මානසික ව අවුල් වගේ .. 

මටත් බෙහෙත් ගන්න යන්න වෙයි වගේ?

ඔව් අනිවාර්යෙන්ම මගෙත් එක්කම යමු ඔබත්.

ඒ බෙහෙත තියෙන්නේ ඔයා ළඟ 

මගේ ළඟ  - අපි ළඟ 

බෙහෙත් ගන්න වෙන කෙනෙකුගෙන් බෑ අපිට තියෙන මේ රෝගයට.

ඔයා කිව්ව මට තියෙන මානසික අවපීඩන ව්‍යාධියට.

ඇත්තටම අපිට පේන්නේ පිස්සෙක් වගේ තමා මේ ලෝකයේ කිසිවක් ම නැති තැන දැක්කහම. 




ඒ කියන්නේ ඔබ කියන්නේ මට පෙන්නේ ඔබ පිස්සෙක් වගේ කියලද ?

නෑ මට පෙන්නේ මම පිස්සෙක් කියල - ඒ, ඔයාට මට ලෝකයට 

මේ අපි ජීවත්වෙනවා කියල කරන මේ දේවල් ඔක්කොම දේවල් දැක්කහම

ඉතින් එකට විසදුම මොකක්ද?

ඒ දකින දැනෙන ඇහෙන සිතෙන විදින මේ ඕනෙම දෙයක් - සිතක්, සිත් මාත්‍රයක් - ඒ මට දැනෙන විදිහ - එක මගේ ප්‍රශ්නයක් මිසක් වෙන කෙනකු හදපු දෙයක් නෙවේ අපේ ජිවිත වල තියෙන ප්‍රශ්න.

ඒක එහෙම පේන්න තමා අපි ඉපදිලා ඉන්නේ - මැරෙනකම් ම පේන්නේ ඔහොම තමා 

ඒත් පේන දේ හරියට දැක්කොත් එතන එහෙම එකක් නෑ කියල ඔබ දකිනවා 

ආන්න එතන දකින්න 

අන්න ඒ කිසිවක් නැති තැන එක්ක ඉන්න, කෝටියක් මිනිසුන් එක්ක ඉදගෙන, එතකොට හරි. 

ඇයි  එහෙම ඉන්න ඕනේ ?

ඔයාට අපිට මේ දැන් හිතේ තියෙන බර හෝ ප්‍රශ්න හෝ ගැටළු වලින් මිදිලා සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න තමයි

එහෙම මේ මොකුත් නැති තැනක ඔක්කොම ප්‍රශ්න දාගෙන දගලන්නේ. 

ඔබත් මොකුත් නැති තැන දකින්න !


1 comment:

  1. නිසදෙසක් කියන්නෙ ම ලස්සන නිර්මාණයක්..ඒ නිර්මාණයක රසයක් විදින්න බැරි අය තමා මං නම් හිතන්නෙ මානසික ප්‍රශ්න තියෙන අය..සර් හොද කෙනෙක් නිසා තමා මේ හැමදේම සර්ට ලැබෙන්නෙ..ලස්සන හදවතක් තියෙන නිසා..සර් තවත් ලස්සන මේ වගේ නිර්මාණ ලියන්න…සර්ගෙ ඇතුළෙ ඉන්න ලස්සන මනුස්සයාව කවදාවත් කවුරුත් කියන ඒවගෙන් නැති කරගන්න එපා...සර්ට කවදාවත් වරදින් නැහැ..කවුරු නැතත් අපි සර් එක්කයි..❤️

    ReplyDelete

මෝඩයා උඹ මෝඩයා...!!! ආදරය කරන බව ඔබට මා පුරා විසිවසක් නොදත් ඔබ, මුළු ලොවක් දන්නා  ඔබ නොදන්නා  මෙතෙක් කල් කෙලෙස මා ළඟ ගැවසී, කුමට මා ළඟ ගැවසී...