මහපොළොව සේ දරා ඉවසූවාට ...!
ඉවසන්න
දරාගන්න
මේ මහපොළොව වගේ
කිව්වට
සියල්ල විඳ දරා
නොසැලී
විරාජමානව,
තවතවත්
නින්දා කොට හළන
කප්පරක්
වසුරු
මළ මුත්‍ර අසුචි
සෙම් සොටු
"චරාස්" "චිරීස් " ගානා හඩින්
අළුයම ලූ කෙළපිඩත් අහක බලාගෙන ම ලු,
ගොජ ගොජ ගගා පැසවලා උතුරා ගලන ඕජස් සැරව
පණුවන් දඟලන
මළ මිනී
මේ සියලු කැත කුණු කන්දල්
ඉවසිය නොහැකි දුර්ඝන්ධ, ඇණුම් බැණුම්
මහමෙරක් සේ
දරාගන
අකම්පිතව
මේ විසල් මහපොළොව ම
මිස
ඉන්නේ වෙන කවුද?
ගිහිල්ලත් ඔබ
යන්නම යන්න
ආයේ එන්න බැරිවෙන්න
එන්න එන්නම
තව තවත්
ලංවෙන්න
තදින් අල්ලා ගන්නා
සදහට වෙන් නොවන
පිළිකාවකි,
නොදිරණ
ස්පටික ප්ලාස්ටික් ඝන තන්තුවකි,
මහපොළොව ම අරා
බදාගෙන
පැතිරෙන
භුවල්ලෙක්
ඔබ
නිවිහැනහිල්ලක් නොදෙන
මට
ගැළවී නික්ම නොයන
ඔබගේ
මේ වද බන්ධන
සියල්ල
මෙතරම් ඉවසා වදාරා සිටින
පළියටම,
එන්න එන්න ම
කිසිවක් නොදන්නවා, නොදැනෙනවා වගේ
ලෝකයා
කාරා මුදාහරින මළ සෙම් කැසි කුණු
තව තවත්
රිදුම් ගැරහුම් නවනින්ගිරාවන්
දරා උසුලා කෙලෙස වාවා ගන්නද
මේ මහපොළොව ?
නොසිතන මොහොතක
එක් නිසොල්මන්
මහා ඝන අන්ධකාර
නිශා යාමයක
කළුම කළු භූත බකමුණන් හොල්මන් කරන
මේසා විසල්
දෙදරුමකින්
මිහිකත පැලී
දෙකඩව වෙන්ව,
මුලක් මැදක් අගක්
සොයා ගත නොහැකි තරමට
කුඩුපට්ටම් ව සුණුවිසුණු ව
අසරණව යන්නම ගියේ
ගසාගෙන
ජිවිතෙන් හරි අඩකටත් වැඩි කාලයක්
සතෙන් සතේ උපයා
අමාරුවෙන් මහන්සියෙන්
හදාගත්ත මේ ගෙපැළ
අපි එකට ඉන්න
මෙතුවක් කල්
මහා රුක්ෂයක් ව
ප්‍රාණ ජීවය ඔබේ
ලෝකයට හොරෙන්
රැකගෙන
තනිව ම
හඩ හඩා
නිහඩව
කිසිත් නොදොඩා
ලෝකයට නෑසෙන්න ම
වැළපෙමින් ඉකි ගසා
සියොළඟම දැවටිලා සැඟවිලා
දරාගෙන දරාගෙන
ලෝකයේ සාදු කොන්දේසි
බෝම්බ ගසා පුපුරලා කුඩුකරන්
කොන්දේසි විරහිතව
පෙනීසිටියේ
මේ මහපොළොව එදා
ඔබ සතපන්න
කාටත් හිරිහැරයක් නොකරපු
අහිංසකම අහිංසක මිනිසුන්ගේ ජිවිත
කිසිත් අනුකම්පාවක් නැතිව
නසා වනසා
ගහගෙන ම ගහගෙන
යන්නම යන්න ගියේ
"සේදිලාම"
අලුත් දුලිත් නැතිවන්නම
භුමි කම්පාවට නොවේ,
මහපොළොව නුහුලන
වේදනා
රිදුම්
දරන්න ම බැරි තැන
හද කම්පාවට
පැලීගිය ලය මඩල
රත් පැහැ රුහිරු රුධිරය නොනවත්වා රූරා ගලන
ඔබේ කැමැත්තට වාසියට
සතුටු වුනාම ඇති
අනෙකා මැරුණත් කමක් නෑ
ජීවත්වෙන්න ඕනේ
ඔබ විතරයි
හරඹ කරන්න ඕනේ
මේ මිහිතලය මත
දුක් විදපු කැපකරපු
එකා ඔහේ හිටියාවේ
ලෝකයා ඉදිරියේ මහරු විජ්ජුලතා නොදොඩා
නොතෙපලා ශෝභනව
පාඩුවේ අහිංසක ව
එදා වෙලා පිරිමසාගෙන සිටිනා
අනෙකා ගැන කිසිත්
නැත තෙතමනයක්
මිනිසුන්ට විතරක් නොවේ
රැක දුන්නේ,
හව්හරණක් නැති අහිංසකම අහිංසක
සතා සිව්පාවා ගහ කොළ
පණ ඇති සියල්ලගේම එකම නිවහන
මේ මහපොළොව,
අබ මල් රේණුවක තරම් වත් නොසිතා අනුන් ගැන
ඔබේම අණසක
රාජධානියක් කරගත්තේ
ඔබගේ වියරුවෙන් බැටකෑවේ
තනිකරම
මේ මහපොළොව
පළා පුපුරා
පෙලා
නසමින්
සුන්නද්දුලී ව
යටකරමින්
සියළු වත්කම් බැරකම්,
කවුරුත් නොදන්නා
අමු ම අමු මුසල තිත්ත රැයක
උලලේනන් කෑ ගසන
මේ අනවරාඝ්‍ර සංසාර ඕඝයට
හසුව
එයටම යටව,
ගිගුරුම් ගුරම් ගුම් ගුම්
නොනවතින මොරසුරන මහවැසි පිට
එකපිට එක එන මේ මහා රාක්ෂ ජල කඳ
තරංග බද සමග සටනින් පැරදිව
කියන්නත් කලියෙන්
උඩ සිට හෝස් ගා
පහළට රූටා ඇද එන
මහා කදු පංති එකපෙළට එකයායට
කිසිත් හිත් පිත් නැතිවම,
දැන් ඉතින් කොහේ සැඟවෙන්න ද
කොහේ කොතන උඩුගම් බලා දුවන්නද
දසත රැව්දෙන
පණ නල
"රැකගන්නකෝ අයියෝ අනේ අපිව බේරාගන්නකෝ"
විලාප මළ බෙර නද භියංකර
හද ඔත්පල වෙන
පණ ගිළිහෙන අනුවේදනීය කම්පන නින්නාද පොඩිත් මහත් පැටවුන්ගේ
ටිකෙන් ටික හිමිහිට අඩුවේගෙන අඩුවේගෙන නික්මෙන
කවුරුත් කිසිත් දැන් නොදොඩන සීතලම සීතල
බිහිසුණුම බිහිසුණු රැයේ
හිස් ලු ලු අත
මොකවත්ම කරගන්න බැරි අහිංසකයින්ගේ
නිද්‍රාවෙන් මුර්ජා ඇසිපිය වැසුන
පුංචි දරු දැරියන් උඩුබැලි අතට පාවෙන
නිරුද කය තැන තැන පාවෙන,
කිරිබොන දරුවාද තුරුළු කර තැනෙක තුරුණු අම්මා කෙනෙක් වැසීගිය නෙතින්
තව තැනෙක ගෙදර දරුවන් මව්න් පියවරුන් ඔක්කොම එකට ගුලිව
මේ මළ මාදැලෙන් ඔක්කොම එකට හසුව
එකට කැටිකර
එළිවෙන ජාමයට
සියල්ල ම යටකර
ගිලා බසිමින්
ගලා ගියේ
"සේදිලාම"
යන්නම යන්න
ඔක්කොම
බැරිම තැන
මේ මහපොළොවට
ආයේ දරන්නට
මෙතුවක් කල්
ඔබ වෙනුවෙන්
ඇප කැප ව
උසුලන්න බැරි බර
දරමින්
දරන්නම බැරිම තැන
කවුරුත්
නොසිතු වෙලෙක
ගිළිහුණේ මෛත්‍රිය
අතහැරුණේ මෙතෙක් කල් තද කරන් යටකරන්
ඇතුලේ සඟවා සිටන් හිටිය රුදු රාක්ෂ මකර විෂ,
මහ හයියෙන්
නොසිතු තැනක
ලෝකයා උඩුයටිකුරු කර
නැගිට්ටේ
මෙතෙක් කල් සැතපි
කුම්භ කර්ණ
නිද්‍රාවෙන් අවධිව
මේ මහපොළොව
මම,
එදා ඔබ
එකට එක අත් බැදන්
මුහුණට මුහුණ ඔබා
ලයෙහි අත් ගසා
අත්ල මහපොළොවට ගසා
එපා එපා කියද්දීත් එදා ඔහොම දිව්රන්න
මහපොළොවට ගසා
"මේ මහපොළොව පල්ලා - බුදුන් පල්ලා" කියා
මහපොළොව - බුදුන් දෙවෙනි කොට
එදා දිව්රා සපත කල
කඩ කල මිනිස් ප්‍රේමයේ
ශාපයට
මහපොළොව නුසුලනා ..!!!

✍️ istharam
ReplyDelete