ආණ්ඩුවේ ලියාපදිංචි නොකළ, වල් බල්ලා !!!
රැලේ රැහේ ඔහේ පාරේ දඩාවතේ යන බල්ලන්
නිසා ජලභීතිකා රෝගය
හා එච්චරක් පමණක්ද ?
මහ පාරේ සිද්දවෙන අනතුරුත් වැඩි නොවෑ දැන්
පාරේ අයිතිකරුවන් නැති පර වල් බල්ලන් හින්දා ...
ආණ්ඩුවෙන්
ඔන්න ලියාපදිංචි කරනවා බල්ලන් දැන්,
පොදු මහජන ආරක්ෂාව, සෞඛ්‍යය රකින්න කියල
එතකොට දැන් පාරේ ඉන්න, ඔය දඩාවතේ යන වල් බල්ලන්ගෙන් ගොඩක් දෙනා
රැහේ යන දඩවාතේ යන වල් බල්ලෝ වෙන්නේ නෑ.
අයිතිකාරයෙක් හිමිකරුවෙක් ඉන්න බල්ලන්
අල්ලන් යන්නේ නෑ ආණ්ඩුවෙන් එතකොට...
එතකොට අයිතිකාරයෙක්
ඉන්න බල්ලන්
තවත් කවුරු හරි අරන් කුදලාගෙන යන්නේත් නෑ.
මහපාරේ ඉන්න රැහේ යන වල් බල්ලන්
මිසක්
හිමිකරුවෙක් සිටින
ආණ්ඩුවේ කොලේ ලියාපදිංචි කළ
බල්ලෙකුට
කව්රුත් නොසලකා ඉන්නෙත් නෑ නේ එතකොට.
හරි ජැන්ඩි පහට
ෂාහ් හරි කඩවසම් පෙනුමට
නීට් එකට,පොෂ් එකේ, පුම් එකේ ඉන්න
උජාරු පර වල් බල්ලෙක්
නිකන් පාරේ ඉන්න තමන්ගේ ම රැහේ නමුත්
පස්ස කහ කහ කාගේවත් අවධානයට ලක් නොවෙන තවත් වල් බල්ලෙක් ළඟ හිඳන්
කල්පනා කරන්නේ
අඩේ අප්පා, අනේ ඉතින් මාත් කාගේ හරි නමින් ලියා පදිංචි වෙලා හිටිය නම්,
මෙලහකට මටත් ගෙදරක් තියෙනවා, ඉන්න තැනක් තියෙනවා නේ යස අගේට ඉන්න හිටින්න ...
මටත් කියල මගේම අයිතිකරුවෙක් හිමිකරුවෙක් හිටිය නම්,
මෙලහකට, මෙහෙම පාරේ ඔහේ රැහේ යන, හොරි කහ කහ ඉන්න, දඩාවතේ යන බල්ලොත්
එක්ක මෙහෙම ලගින්නේ නෑ මාත්.
නොයෙක් අවලම් කථා අනුන්ගෙන්, එක එකාගෙන් අහමින්,
උන්ගේ අතට අහුවෙන දඩු මුගුරු වලින් නිරපරාදේ ගුටි කමින්
හරියට ඉන්න හිටින්න තැනක් නැතිව,
මහ පාරේ ලගිමින්, නොවිදනා දුක් විදිමින්,
ඉන්නේ නෑ
මාත්.
මහ පාරේ යන එක එක මිනිහ පස්සේ ගියත් මම්
උන් කාලා බීලා අන්තිමට ඉතිරි වෙන ඔය සොච්චම් පොඩි මොනවා හරි දෙන දෙයක්, උන් දෙන හින්දම කාල මාත්,
උන් පස්සෙම ලැග ලැග, කැරකි කැරකි, උන්ගේ වටේ ඉන්න,
ගඳ ගහන නිල මැස්සොත් ඉක්ක මාත් හිදිමින්
ඔහේ මෙතුවක් කල්
උන්ටම නගුට වන වන
උන්ම සතුටු කරමින්
කොච්චර මෙහෙම දහඩිය හති හුස්ම අල්ලන් හිටියත්
හ්ම් ! හ්ම් ! හ්ම් ! ගගා
අන්තිමට මටත් වෙන්නේ
හිමිකරුවෙක් නැති
අයිතිකරුවෙක් නැති
දඩාවතේ යන පර වල් බල්ලෙක් වෙන්න
කොච්චර පොෂ් උනත් මාත්.
ආණ්ඩුවේ ලියාපදිංචි නැති
නිසා ම
පාරේ දහපදුරාවේ යන බල්ලන් අල්ලන් යන්න එන එවුන්ටම අහුවෙලා
නිරපරාදේ නිස්කාරණේ
අකාලේ
අපරාදේ ඔහේ දිවි අහිමි කරගන්නවා
මාත්.
මේ දැන්ම, අදම
කාගේ හරි නමින් හරි
ආණ්ඩුවේ කොලේ ලියල ලියාපදිංචි වෙන්න ඕනේ
කාගේ හරි හිමිකරුවෙකුගේ, අයිතිකරුවෙකුගේ
පිළිගත් වංශවත් පොෂ් බල්ලෙක් වෙන්න මටත්.

මං අහලා තියෙනවා නිර්මාණකරුවෙක් තමා ලැබූ සත්‍ය අත්දැකීමක් නිර්මාණයක් බවට පත් කරනවා කියලා බොහෝ දුරට..මේ නිසදෙස කියවද්දි මෙතන බල්ලො දෙන්නෙක් ගැන කියවෙනවා..ඇත්තට ම සමාජයේ ඉන්න මේ බල්ලො දෙන්නා කවුද කියලා මට කුතුහලයක් ඇතිවෙනවා..ව්‍යංගාර්ථ බොහොමයක් තියෙන නිසදෙසක්..එක එක විදිහට හිතන්න පුළුවන් සර්…
ReplyDelete