Tuesday, June 9, 2026

"සලේ මලේ" ; රාජ්‍ය ස්නායු රසායන  තන්ත්‍ර යන්ත්‍ර මාලය 




පාස්කු ප්‍රහාරය මේ වත්මන් ආණ්ඩුවත් භාවිත කරන්නේ හුදෙක් දේශපාලන අලෙවිකරණ ප්‍රයෝගයක් ලෙස ද ? යන්න විමසීම අද අපගේ කයිවාරුවේ තරම යි.

නුතන ස්නායු රසායන හෝමෝ සේපියන් ගේ ඩිජිටල් සමාජ ජාල ඇල්ගොරිදම් සන්නිවේදන වපසරිය මෙහෙයවන්නේ කොතනටද? 

ශානි ඉවත්වන තුරු සලේ ආහාර වර්ජනයේ ... මේ  අද එක්තරා  රූපවාහිනි නාලිකාවක අවධාරණය කරේ  අරුණ පුවත් පතේ  ශිර්ෂපාඨයක් මතු කරමිනි.

ශානි අබේසේකර ඉවත් කර ස්වාධින මණ්ඩලයකට පරීක්ෂණය මෙහෙයවන්න දෙන්න කියන්නේ ඇයි ? සුරේෂ් සලේ වෙනුවෙන් එක දේශපාලන කදවුරක  ( මහින්ද රාජපක්ෂ) හිතවාදී පිරිස් නොහොත් දේශපාලන බෞද්ධ ජාතික ඌරුවක් වෙනුවෙන් හඬ නගන පිරිස දැන් මේ දගලන්නේ කුමටද යන්න ඉතාමත් පැහැදිලි ය.  එතනට දිලිත් ජයවීර දුවන්නේ ඇයි ? මිනිසුන් මේ කන්නේ කාගේ ලණුද ? නැතිනම් මේ අයගේ ඇත්තම ලණුව මේකද? 

කෙසේ වෙතත් දේශපාලනයේදී පවතින ආණ්ඩුවේ  කටයුතු සාධනීය ආකාරයෙන් යහපත් පරමාර්ථ ඇතිව විරුද්ධ පක්ෂ විසින් විවේචනයට ලක් කිරීම අත්‍යාවශ්‍ය ය. නමුත් මේ කාරණාවේදී වත්මන් විරුද්ධ පක්ෂය නොව අනෙකුත් මෙතෙක් ආගම ජාතිය රණවිරුවා ඉදිරියට දමා ව්‍යාජ බෞද්ධකමක් සිංහල ජාතිකත්වයක් පෙන්වන්වමින් ද බටහිර ක්‍රිස්තියානි ආගමික ව්‍යාප්තවාවදයක් ඉදිරියට දමා එයට එරෙහිව කියමින් නැවතත් ආගමික වාර්ගික ජාතික ගැටුමක් මතු කරමින් සුපුරුදු පරිදි බෞද්ධ ජාතිකත්වය වාර්ගිකත්වය ඉස්සරහට දමා එය දේශපාලන අලෙවිකරණයක් කරගෙන බලය ඇල්ලීමට වඩා මෙවර උත්සාහ කරන්නේ ආණ්ඩුව විසින් මේ පසුගිය කාලයේ ඉදිරියට ආ ඇතැම් චෝදනා රාජ්‍ය මංකොල්ල කෑම් වලට නීතිය ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට මෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශව කවුරුන්ද යන්න හදුනාගැනීමට දරණ උත්සාහය නිරර්ථක කිරීමද ???

සුපුරුදු පරිදි පසුගිය ආණ්ඩු චිරාත් කාලයක් තිස්සේ කරන ලද සිය දේශපාලන උප්පරවැට්ටිය වූ බෞද්ධකම සිංහල ජාතිය ,රණවිරුවා, අපේ කම යනාදී දේශීය සංස්කෘතික චින්තන වටිනාකම් ඉදිරියට දමා ලංකාවේ මිනිසුන් චුන් කර ගොනාට අන්දවා අතිශය භාව කම්පනයක් කර තමන්ගේ සොරකම් තක්කඩිකම් අපරාධ අහිංසක මිනිසුන්ගේ ගොබ්බකම් වලින් උපරිම ප්‍රයෝජනයට ගෙන මේ අහිංසක යයි කියන ජහමනයා ම අපත තත්ත්වයට පත් කිරීම ම සිය අනාදිමත් කාලයක සිට කරන ලද දේශපාලනය බව තහවුරු කිරීමටයි. 

මේ තක්කඩිකම් දැන් උචිත වන්නේ අපේ රටට නම් නොවේ. .. නමුත් මේ සියලු නාඩගම් වලින් වත්මන් ආණ්ඩුව පලදායිව ප්‍රයෝජන ගන්නේ ද ? නැතිනම් ආණ්ඩුවට එරෙහිව ප්‍රතිවිරුද්ධ පාර්ශව සහ මහජනයා නගන සයිබර් බැංකු කොල්ලය,නැගී එන ලෝක වෙළද පලේ තෙල් මිල අනුව දේශීය ආර්ථිකයේ අර්භුදය පමණක් නොව නැවතත් දේශීය ආර්ථිකය තුල ඉදිරියට මතුවෙන ප්‍රායෝගික ගැටළු වසන් කිරීමට ජනතාව ම නැවතත් ඇන්දවීමට ගන්නා හුදෙක් තවත් දේශපාලන නාඩගමක් ලෙසද ආණ්ඩුව සහ ආරක්ෂක අංශ මේ සලේ  මාධ්‍ය නාටකය පවත්වාගෙන යන්න ආරක්ෂක අංශ විසින් ඉඩ දී ඇත්තේ ?

මෙතෙක් ආණ්ඩු කලේ නම්  ජන්දයක් ළඟ එද්දී කොළඹ ගඳ ගසන කුණු කන්ද පෙන්වා ජනතාව මුලාවට පත් කර නැවත නැවතත් බලය ගැනීමයි.

ඇත්ත කාරණාව බලය ගැනීම සදහා ජනතාව ගේ දුක කදුල පාලකයා විසින් රිසි සේ දේශපාලන සන්නාමකරණයකට ලක් කිරීම බව බ්‍රයන් මක්නර්ය් ( 2017) නමැති ඇමරිකානු දේශපාලන සන්නිවේදන මහාචාර්‍ය වරයා දක්වයි. නුතනයේ මිනිසාගේ මානසික යහපැවැත්ම අන් කවරදාකටවත් වඩා විස්තාපනයකට ලක් කරන ශාස්ත්‍රය වන්නේ දේශපාලන සන්නිවේදනය බව අන්දරේ කොස්ට්යිරෙව් ( 2024) දක්වයි. මානව මිනිස් දුක කදුල  ආදී සුවාසු දහසක් මිනිස් අහිංසකකම් ඇදහීම් විශ්වාස රාජ්‍ය පවත්වාගෙන යාම සදහා කිනම් ආණ්ඩුවක ත් දේශපාලන ක්‍රමයක් ලෙස භාවිත කරන ආකාරය ඉතාලියානු මාක්ස්වාදී චින්තක අන්තෝනියෝ ග්රම්ස්කි (1891–1937) දක්වන්නේ සංස්කෘතික ආධිපත්‍යය නමැති නිබන්ධයේ ය. නිදහසින් පසු වසර 75ක්  තවමත් අප සංවර්ධනය වන රටක් ලෙස පවත්වාගෙන යන්නේ එකී හුදෙක් බඩගෝස්තරවාදී දේශපාලන ක්‍රමය මත දිවෙන රාජ්‍ය පාලනය  පමණක් නොව රාජ්‍යයේ සියලු අනෙකුත් ආයතනික පරිපාලනය ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමයි. 

ආයතන වල ප්‍රශ්න විසදනවා වෙනුවට පාලකයා විසින් මිනිසුන් නගන ප්‍රශ්න අවශ්‍යතා වලට බෝලය දමා යටගැසිම ම සිය ආයතනික කළමනාකරණය ලෙස සිතන අය මෙරට රාජ්‍ය අංශයේ ආයතන පාලකයින් වීම ම නිසා මිනිසුන් පඩි අරන් සුව සේ නිවෙස් වල වැඩක් පලක් කරගෙන සිටිති. රාජ්‍ය අංශයේ බොහොමයක් පාලකයින්, විසින් සිය ජනතාව ආයතනික අභ්‍යන්තර සහ බාහිර පාර්ශව කරුවන් මනමෝහනය කර සිනා සෙමින් යාප්පුවෙන් ශේප් න්‍යායෙන් කේක්  කකා තේ බිබී බර්ත්ඩේ පාටි දමමින් සතුටෙන් වෙසේ. සිය බලය පවත්වාගෙන යාම සදහා වාර්ෂික දින කැලැන්ඩරය අනුව, බොරු චාටු කතාබහ වටමණ්ඩල සකච්ඡා රැස්වීම් රැස්වීම් පමණක් චාරිත්‍රමය වශයෙන් පවත්වමින්  ආයතනයේ කිසිදු වැඩක් පිළිබද සෘජු දැක්මක් අවංකභාවයක්  සහ ඒ අනුව අවශ්‍ය ඉක්මන් ක්‍රියාත්මක වීමක් නැතිකොට සිදුවෙන්නේ ලංකාවේ රාජ්‍යය අංශයටම කුමක්ද ? ආපහු බෝලය ඉදිරියට දමා ඉදිරියට එන බලය  යට ගැසීම හෝ වෙන පැත්තකට හැරවීම ය. 

මේ වත්මන් ආණ්ඩුවත් කරන්නේ මේ දේ නම් ...   ජනතාවගේ රටේ මිනිසුන්ගේ රාජ්‍ය ආයතන වල දියුණුවක් සැබෑ අභිවෘධියක් අප අත්කරගන්නේ ද?

මේ සියලු පුවත් මවන්නේ ජන සන්නිවේදනයෙනි - සත්‍යය අසත්‍යය වී අසත්‍යය සත්‍යය වන්නේ ජන සන්නිවේදනයෙනි.  එරෝන් ඩේවිස්  (2023) දක්වන පරිදි ජන මතය දියාරු කිරීම සමාජ මාධ්‍ය හේතුව ඇත්තේ නිමේෂයකින් පවතින මතය වෙනස් වෙන තරමට තොරතුරු එකිනෙක වෙනස් පරිදි අරුත්කථනය ( විවිධ තේරුම් වර නැගීම ) වීමෙනි. අන්තෝනියෝ මොමොක් ( 2024) දක්වන්නේ රෝමනියාවේ කොහොමද දේශපාලකයින් සිය මතය ඩිජිටල් සමාජ මාධ්‍ය ඔස්සේ මිනිසුන්ගේ මනස අස්ථාන ගත කරන්නේ කියා ය. අද කෘත්‍රිම බුද්ධි යාන්ත්‍රික ඉගැනුම් චට්බෝට් සන්නිවේදන පටිත සහ ඇල්ගොරිදම් අවකාශය අප යොමු කරන්නේ අපගේ ම මනසේ මායාවේ පෙරහන් වූ සීමාසහිත කොටුවක බබලයක ( Filter Bubbles) ම ඇතුලේ ගිලී කිමිදී,  රාව ප්‍රතිරාව (Echo Chambers) නංවමින් මනසේ මායාවේ ජිවත්කරවිමය ( හර්ට්මාන් යන අය., 2025;කිචන, ජොන්සන් සහ ග්‍රේ, 2020)

මහාචාර්‍ය  හෙන්ඩ්රි ජෙන්කින් දක්වන ආකාරයට ජනතාව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නගන දක්වන විචාර විවේචන ආශා අනාශා ලබ්ධි , ප්‍රණිධි , වටිනාකම්, ධරමතා සියල්ල ඔස්සේ සහභාගිත්ව සාකච්ඡාවක්, කථිත සංවාදයක් (විසංවාදයක්) (ජෙන්කින් සහා ලී, 2024), ඔස්සේ නැගෙන මහජන පරිමණ්ඩලය (කක්ෂය/ ක්ෂේත්‍රය)  (ජුර්ගන් හබර්මාස්, 2024) මගින් අප වඩාත් පියවි ලෝකයේ මහපොළොවේ සැබෑ අපගේ ප්‍රශ්න දකින විසදන යතාර්ථවාදී සන්නිවේදන වටමඩලකට පියවීම සිදුවෙන්න නම් අපට "කරුණාමය ඩිජිටල් සන්නිවේදන සංවාදයක්" (Compassionate Digital Communication Sphere) අවශ්‍ය කෙරේ ( බලන්න ජුලියා යන අය., 2024;විල්ජර් යන අය., 2019). යුෂොප් එඩි රිච්මාඩ් (Yoesoep Edhie Rachmad) නොයෙකුත් ඩිජිටල් යටිතල පහසුකම් ආශ්‍රිත ව කරුණාමය සන්නිවේදන සාකච්ඡාවකට අවශ්‍ය පරිවාර න්‍යායික ප්‍රස්තුත ඉදිරිපත් කර තිබේ. 

එනම් මේ දැන් අප නියුක්ත ව සිටින්නේ ඇමරිකානු සිලිකන් වැලි හෝ වෙනත් ධනවාදී ව්‍යාපරික දේශපාලන ආර්ථිකයක් මගින් ගොඩනගන හුදෙක් මුල්‍යය ලාභය තකා ගොඩනගන ලද ද්‍රව්‍යමය වටිනාකම මත රදන කෘත්‍රිම අමානුෂික සන්නිවේදන විමානයකට. අප පා තැබිය යුත්තේ සන්සුන් මනසකින් ලෝකය ආලෝචනය කරන සුනිසිත පහන් මෙත් සිත පෙරදැරි කරගත්, අනුන්ගේ දුක තමන්ගේ දුකක් ලෙස ගෙන දකින, අනුන්ගේ සතුට ම තමන්ගේ සතුට ලෙස සැබවින් වින්දනය කරන, ලෝකයේ ඇත සහ නැත යන අන්ත දෙක මෙන්ම ඒ දෙකටම අයිති නොවන මොකුත් නැති උපේක්ෂ සිතුවිලිත් (ඇල්මැරුණු) කෝකත් අපගේ මනසේ ආරම්මණයක් නිර්මාණයක් උපාදානයක් ලෙස දැකිය හැකි විදසුන් මනසකින් ලෝකය අභිරමණය කරන, ලෝකය ද්‍රව්‍යමය වශයෙන් තවදුරටත් නොමැනිය හැකි (එසේ මෙතෙක් කල දෙයින් මිනිසා අත්කරගත් සැපතක් නැත)  උතුම් සත්පුරුෂ සන්නිවේදන සේවනයකටය. 

ඒ මන්ද යත්? කුමකින් කුමක් කර බලය හෝ දැනුම හෝ ආයතන හෝ පුද්ගල ප්‍රපංච වශයෙන් ගෙන මොනතරම් ලෝකය ඉහලට ඔසවා තැබුවත් ඒ සියල්ල හෝමෝ සේපියන් මිනිසාගේ ස්නායු රසායනය තෘප්ත කිරීමට පොහොනා නොවීමයි මෙහි ඇත්ත මානව සන්නිවේදන සන්තෘප්තතාව වන්නේ. එනම් හෝමෝ සේපියන් සතාගේ මොළයේ බුද්ධි සහ මානුෂ ස්නායු බලයෙහි උපරිමයෙන් අප ප්‍රයෝජන ගැනීමට අප තවමත් රාජ්‍ය පාලනය සැළසුම් කරන්නේ ද ? 

මිනිසාගේ සතුට පරම අවිය කරගෙන නුතන ශාස්ත්‍ර විද්‍යා ගණිත මිණිත මෙහෙයවීම පටන් ගැනීම වත්මන් විද්‍යා ශාස්ත්‍ර විෂය මුලක දැනුමේ නුතන මෙහෙයුමයි. 

සත්‍යය අසත්‍යය වී අසත්‍යය සත්‍යය වන්නේ අප ද්‍රව්‍යයය මත පොරබදින නිසාය. අප ද්‍රව්‍යයය ඉදිරියට සමා පොරබදින්නේ තමන්ගේ ම මනසින් නොවේද? ඒ බව දුටු කලිහි, අසත්‍යයෙන් සත්‍යය දියෙන් කිරි වෙන්කරගන්නක් මෙන් දකිනු ඇත.


ආශ්‍රේය කෘති විමසුම් 


Davis, A. (2023). Political communication: An introduction for crisis times. John Wiley & Sons.

Gramsci, A. (2011). Prison notebooks volume 2 (Vol. 2). Columbia University Press.

Habermas, J. (2024). The public sphere: an encyclopedia article (1964). In New Critical Writings in Political Sociology (pp. 481-487). Routledge.

Hartmann, D., Wang, S. M., Pohlmann, L., & Berendt, B. (2025). A systematic review of echo chamber research: comparative analysis of conceptualizations, operationalizations, and varying outcomes. Journal of Computational Social Science, 8(2), 52.

Jenkins, H., & Jie, Y. (2024). The path from participatory culture to participatory politics: A critical investigation—An interview with Henry Jenkins. Communication and the Public, 9(1), 11-30.

Julia, G. J., Romate, J., Allen, J. G., & Rajkumar, E. (2024). Compassionate communication: a scoping review. Frontiers in Communication, 8, 1294586.

Kostyrev, A. (2024). Political communication: theoretical background.

Kitchens, B., Johnson, S. L., & Gray, P. (2020). Understanding echo chambers and filter bubbles: The impact of social media on diversification and partisan shifts in news consumption. MIS quarterly, 44(4), 1619-1649.

McNair, B. (2017). An introduction to political communication. Routledge.

Momoc, A. (2024). Digital communication and social media strategies of political actors in Romania. In Elections and Social Networks around the World (pp. 55-76). Routledge.

Wiljer, D., Charow, R., Costin, H., Sequeira, L., Anderson, M., Strudwick, G., ... & Crawford, A. (2019). Defining compassion in the digital health age: protocol for a scoping review. BMJ open, 9(2), e026338.


No comments:

Post a Comment

  “Perverted Sex”: Language, Normativity, and Sexual Authenticity “Is ‘Normal Sex’ Just a Social Myth? Rethinking Desire in Sri Lanka” Fake ...