Thursday, May 28, 2026



  "ගුරුන් සහ භික්ෂුන් සියතින් ලිංගය කපාගැනීම"


රාජ්‍ය විශ්වවිද්‍යාල මහැදුරන් සහ බොදු භික්ෂුන් අතින් පමණි ද ලිංගික අපචාර සිදුවෙන්නේ ?


ලිංගික අපචාර චෝදනා මත වත්මන්  ස්ත්‍රී - පුරුෂ සමාජ භාවී නීතිය අනුව මානව සෞන්දර්යය නික්මෙන්නේද ? 


ගිලිහී  යන මානව සෞන්දර්යය, ලිංගිකත්වය, නීතිය, දඩුවම සහ මානව අයිතිවාසිකම් පිළිබද අද අපි  කයිවාරුවක් ගසමු.


මේ දිනවල රටේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනකම කතාවෙන දෙයක් නේ මහාචාර්‍යවරුන්, පුජකයින් රටේ නීතිය අනුව සහ සදාචාරය අනුව ඔවුනොවුන් විසින් අනෙකා කෙරෙහි කරන සහ දක්වන ලද නොරිස්සුම්  ලිංගික ක්‍රියා නිසා ඇතැමෙක් දඩුවමට පාත්‍රවන ආකාරයත් තවත් කෙනෙක් නීතියේ හෝ ආණ්ඩුවේ හෝ කෙසේවෙතත් රටේ මේතාක් බලපවත්වන ලද අධිපති මහේශාඛ්‍ය බෞද්ධ යයි දේශපාලනය කරන ලද සංස්කෘතික සදාචාරා  මිමි නිසා රැකවරණය ලබන ආකාරයත් ....

මගේ පර්යේෂණ රංග මඩලෙහි නොහොත් ෆේස්බුක් පතෙහි දැක්වෙන, සිදුවෙන දෑ දෙස වඩාත් මාධ්‍ය මානව විද්‍යාත්මක ඇසෙන් ගත්  විට මෙකි අතත්‍ය ඩිජිටල් මාධ්‍ය අවකාශයෙහි මෙතරම් බරපතල ආකාරයෙන් මෙතෙක් වසාගෙන සිටි අතිසංවේදී ලිංගික ප්‍රස්තුත පිළිබද මිනිසුන් දක්වන කියන පෙන්වන දේ අතිශය මානව වංශවිද්‍යාත්මක ගුණාත්මක දත්ත පැතිකඩක් සේ දකිමි.  ඒ අරුතෙන් මේ පිළිබද යම්බදු විචාරාත්මක සංස්කෘතික සන්නිවේදන අරුත් දීපනයක්  කිරීමට උත්සුක වෙමි.


1. පළමු කරුණ,  මගේ ඇස  සිත කෙතරම් ආසක්ත වුනත් තවත් බාහිර ප්‍රපංචයකට එක්කෝ මිනිසෙකුට හෝ වෙනත් ඓන්ද්‍රීය වස්තුවකට අන් සතු, ඒ පිළිබද ඔවුනොවුන්ගේ අකමැත්තෙන් හෝ තවමත් හොදින් කය මනස පුෂ්ටිමත්ව නොවැඩුණු වයස අවුරුදු 18 හෝ එයට වැඩි හෝ අඩු කුඩා දරුවන් මගේ නෙත සිත ගැටෙන ආසක්ත භාවය හෝ කෙරෙහි මා දක්වන අත්තනෝමතික  ආශාව නීතියේ සහ සදාචාරයේ නෛතික සාදු සම්මත ප්‍රකරණ පරිදි දක්වන්නේ අපචාරයක්, අපරාධයක්, නොමිනිස් කෘර වදබන්ධනයක් ලෙසයි. කොටින් කියතොත් අකමැත්තෙන් කා සමග හෝ රස ආශා මානසික සංතෘප්ත රමණය රාජ්‍යයෙන් නීතියෙන් සමාජයෙන් සභ්‍යත්ව සංස්කෘතිය විසින් අතිශය පිළිකෙව් කෙරේ. 

ෆෙස්බුකියේ වේගයෙන් රඟන මිනිස් සංවේදී භාවප්‍රකෝප බල සංදේශ මතින් පොදුවේ පෙනෙන්නේ, එසේ අකමැත්තෙන් හෝ නොමේරු කුඩා දරුවන් හෝ තරුණ තරුණියන් සමග හෝ වැඩිහිටි මිනිසුන් සමග එසේ අපචාර අපරාධයක් කල අයෙකු රාජ්‍යය විසින් කුමන සභ්‍යත්ව සදාචාර ආගමික හෝ දේශපාලන  වැඩවසම් ගෝත්‍රික සංස්කෘතික බලයකින් යටපත් කරන්නේ නම්, එය ඒ රාජ්‍යයේ මාධ්‍ය හෝ ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිවාසිකම් බරපතල උල්ලංඝනයකට ලක්වන බවයි.

නීතියට දඩුවමට මිනිසා දක්වන භිය නිසා වැරදි නොකිරීම අතිශය යටත්විජිත ගෝත්‍රික වැඩවසම් රාජ්‍ය පාලන ක්‍රමයකි. නමුත් නීතිය රටක සංගත වන්නේ එරටේ මිනිසුන් කෙතරම් තමන්ටත් අනුනටත් සතා සිව්පාවටත් ගහකොළ ඇල දොළ ආදී සප්‍රාණික වස්තුන් මෙන්ම සියලු දේ කෙරෙහි දක්වන උනුන් අතර පවතින ගරුත්වය, පිළිගැනීම, අගයකිරිම, විශ්වාසය, අවබෝධය, අන්‍යෝන්‍ය අවබෝධය යනාදී මානව ශිෂ්ඨ සන්නිවේදන අධ්‍යාපනික සාක්ෂරතාව මතය. 

මේ නම් අන් කවරක්වත් නොව, විවිධ රටවල අනන්‍ය සංස්කෘතික වටිනාකම් පිළිබද ජාත්‍යන්තර වශයෙන් සන්නිවේදනය වන්නේ කෙසේද පිළිබද පර්යේෂණය කල මහාචාර්‍ය ක්‍රිෂ්ණමුර්ති ශ්‍රීරමේෂ් දක්වන පරිදි ජාත්‍යන්තර (ජාතීන් අතර වන) සංස්කෘතික මහජන සම්බන්ධතාවයි. එනම් මිනිසා තවදුරටත් දඩුවමට ඇති භිය කරන කොටගෙන නීතිය එරටේ 2026 දීත් ක්‍රියාත්මක වන්නේ නම් එය අතිශය ගෝත්‍රික වැඩවසම් වහල් ම්ලේච්ඡ සමාජයක් ලෙසයි අද සලකන්නේ. අපේ රටේ නීතිය සංස්කෘතිය, සදාචාරය,සභ්‍යත්වය, සංවරකම,අවංකකම,රසික සෞන්දර්ය සාහිත්‍යය යනාදිය උගන්වන්නේ වෙන් වෙන් වශයෙනි. දියුණු රටවල දැනුම යනු තවමත් මුදල් උපයන පටු පරමාර්ථය ඉක්ම වූ, මානව ශික්ෂණය රකින, මානව ගරුත්වය රකින, සෞන්දර්ය ක්‍රියාවලියකි. මිනිසා පිළිබද ඇති දයාව කරුණාව ආදරය, ගරුත්වය මත නීතිය ඉදිරියට ප්‍රක්ෂේපණය වේ. දඩුවමට ඇති භිය කරන කොටගෙන අප රටවල නීතිය  ක්‍රියාත්මක වන්නේ මිනිසා පෙළීමට විනා මිනිසා ආරක්ෂා කරගැනීමටද? 


අප රටවල තවමත් බෙදී වෙන් වී විෂය පථ ක්ෂේත්‍ර ශික්ෂණ තම තමන්ගේ කරගන්නේ කුමක් සදහාද ? ඒ, රටේ සමාජයේ අපේ මගේ අවංක සතුට සංවරකම ආරක්ෂා කිරීමට නොව මුල්‍යය සෙවීමට වඩා, යටත්විජිත ගෝත්‍රික වැඩවසම් වහල් පරපිඩන අහංකාරකමක් උද්දච්චකමක් අනුන් ඉදිරියේ දැක්වීමට මෙන්ම, තමන් අනුනටව වඩා උසස් ශිෂ්ඨ බව දැක්වීමටය. එසේ අප දැනුම එකිනෙකින් වෙනකොට බෙදා වෙන් කර එකිනෙකාගේ භූදලයක්, ගෙදරින් ගෙනා දෙයක් ලෙස පරණ පඩංගු වංශවත් පරපිඩන ක්‍රමයකින් පවත්වාගෙන යන්නේ ම අප තවමත් ගෝත්‍රික වැඩවසම්  ම්ලේච්ඡ මානසික අවපිඩනයකින් පෙළෙන නිසා,  තමා විතරයි ලොක්කා අනුන් සොක්කා යන පරපිඩන තුච්ඡ කාමුකත්වයක් විසිනි. 


2. දෙවන කරුණ වන්නේ එසේ මිනිස් ආශාව හෝ සෞන්දර්ය පිළිබද මිනිස් චර්යාවන් වඩාත් රේඛිය එකාකෘතික ආකාරයෙන් බෙදා වෙන්කර වර්ගීකරණය වීමේ පලය වන්නේ අපගේ සියලු දැනුමේ මහමොළකරුයයි  සිතන ගෝලීය උතුරේ නීතිය හුදෙක් අනුකරණාත්මක ලෙස අපගේ උගතුන් පාලකයින් ගුරුවරුන් විසින් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අධිකරණයටත්, පාසලටත්, රාජ්‍යයටත් කිසිදු විචාරයකින් වගවිභාගයකින් තොරව බද්ධ කරගැනීමෙනි.

එනම් මෑතක සිට ලෝකය ඇමරිකානු බටහිර කැනේඩියන් බ්‍රිතාන්‍යය ප්‍රංශ ජර්මන් ස්කැන්ඩියනු රටවල වඩාත් විවෘත පුළුල් ලිංගික මානව අයිතීන් ප්‍රකාරව අප රටවලට රාජ්‍ය නොවන සංවිධාන හෝ රාජ්‍යය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත හෝ එනවා යයි කියන පුළුල් ස්ත්‍රී -පුරුෂ භාවී නන් විධ පුළුල් ලිංගික අනන්‍යතා සම - විෂම ලිංගික පිළිගැනීම් සමග කාටත් මිනිසුන්ට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය අද වඩාත් කතාබහට ලක්වන්නේ ඇයිද යත්,  මෙතෙක් අප සමාජය ගෙදර පාසල පන්තිය පාලනය කර ඇත්තේ ලොක්කාට අවශ්‍ය පරිදි මිස සැමගේ සුවසෙත දැකීමට නොවන නිසාය. එමනිසා පාලකයා පාලිතයා පෙළනවා මෙන්ම ගෙදර අම්ම තාත්තා දරුවන් පෙළීමත්, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන් පෙළීමත්, සේව්‍යායා විසින් සේවකයා පෙළීමත් යහමෙන් සිදුවෙන රාජ්‍යයක වත්මන් පුළුල් මානව අයිතීන් එකවර මුදාහරින්නේ ඇතැම්විට හුදෙක් අනුකරණාත්මක රංගයකින්, හරියට යකා පොල්මල අතින් ගෙන හතර වටින් එකදිගට පොල්මල ගසන්නාක් මෙනි. 

3. නමුත් තෙවැන්න, මගේ මේ සාකච්ඡාවේ මුදුන් භාගය වන්නේ - මේ සියලු හැඩිදැඩි අනුකරණාත්මක අංග රංග මගින් අප අතර මිනිසුන් අතර පවතින සුඛදායි සුනිසිත සුහද සාදු සංස්කෘතික මානව සම්බන්ධතා තුළ පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය, කැමැත්ත ගිලිහි ගියහොත්, අපට මිනිසා ජිවත්කරන සෞන්දර්යය සුන්දරත්වය ඉතමත් ඉක්මනින් ඛාදනය වන බවයි, ඉන් ඇඟවෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ සැබෑ මිනිසාගේ ආශාව කැමැත්ත තිබෙන්නේ අපේ රටේ පොදුවේ සමාජය එළිපිට, ව්‍යාජ ව, රංග ගතකරන ශෝභන සභ්‍යත්වය සදාචාරයට යටින් බවත්, මේ පිළිබදව වත්මන් විද්‍යත්මක සමාජීය විද්‍යා සහ සෞඛ්‍යය අධ්‍යාපන ක්‍රමය මගින් හෙළිපෙහෙළි නොකිරීමයි.

සමාජයේ එළිපිට පිළිගන්නා සදාචාරයට වඩා එළිපිට කතානොකරන දේ මිනිසාගේ සැබෑ විද්‍යාව බව පුරාණෝක්තිවේදය පිළිබද හාවඩ් මහාචාර්‍ය ජේම්ස් විලියම්ස් දක්වයි. සත්‍යය සැබෑ යථාවාදී මහපොළොවේ ඇත්තටම රඟදෙන මානව විද්‍යාව හෙවත් මිනිසා ලෝකයේ සැබවින් දකින රසය, ආශාව, ලබ්ධිය, ප්‍රණිධිය රටේ ජන මාධ්‍ය ඇතුළු අධ්‍යාපනික අංශ මගින් එරටේ පහල පාසල් පන්තියේ සිට රාජ්‍යය සරසවිය දක්වා පුරවැසියාට උගන්වන්නේ නැතිවිට මිනිසුන් භික්ෂුව පුජකයා ගුරුවරයා යනාදී චරිත දකින්නේ සමාජයේ ශෝභාමානව පෙන්වන රේඛිය එකාකෘතික සදාචාර මිනුම් ප්‍රකාරවය. භික්ෂුව ඔස්සේ බුදුහාමුදුරුවන් ද ගුරුන් ඉදිරියේ දෙවියන්ද දකින්නේ හුදෙක් ෆෙස්බුකියේ දකින පීනන මනෝරන්ගයේ ෆැන්ටසියේ ම දිගුවීමක් වශයෙනි. මහපොළොවේ වෙසෙන සැබෑ ප්‍රායෝගික මිනිසා අපගේ අන්තර් ඥානයේ හොදින් වෙසෙතත් අප තවමත් ඔහු ඇය යටගසා සඟවා සමාජය බොරුවට ඉල්ලා සිටින සුදු සාදු මුණිවරයෙකු අනුන් ඉදිරියේ ප්‍රක්ෂේපණය  කරයි. 


කුඩා දරුවන් සමග ලිංගිකව එකතු වීමේ මෙන්ම තරුණ වයසේ සිටින අය සමග වැඩිහිටි වයසේ පසුවන්නන් මෙන්ම දැඩි දඩුවම් දෙමින් සිය කායික මානසික රස ආශා ලබන මිනිසුන් පමණක් නොව, මළ මිණි අසුචි සමග රමණයේ යෙදෙන මිනිසුන් ( BDSM ;Bondage and Discipline, Dominance and Submission, and Sadism and Masochism ) ආදී නොවක් පුළුල් මානව චර්යා අසම්මත වන්නේ සම්මතය මගින් මිනිසුන් කවදාවත් සුවපත් නොවන  නිසයි.  

"බැඳීම සහ ශික්ෂණය, ප්‍රමුඛත්වය සහ යටත් වීම, මෙන්ම පීඩා කිරීම සහ පීඩා විඳීම" නමින් හදුන්වන (BDSM)  B & D (Bondage and Discipline): බැඳීම සහ ශික්ෂණය (ලණු, මාංචු වැනි දේවලින් සහකරු හෝ සහකාරිය එක තැනක රඳවා තැබීම සහ යම් යම් නීති රීතිවලට අනුගත කරවීම); D & S (Dominance and Submission): ප්‍රමුඛත්වය සහ යටත් වීම (මෙහිදී එක් අයෙක් පාලනය අතට ගන්නා අතර [Dominant], අනෙක් අය එම පාලනයට කැමැත්තෙන්ම යටත් වෙයි [Submissive]); S & M (Sadism and Masochism): පීඩා කිරීම සහ පීඩා විඳීම (කායික හෝ මානසික වේදනාවක් ලබා දීමෙන් සහ එය විඳීමෙන් ලිංගික හෝ මානසික තෘප්තියක් ලැබීම) ... යනාදිය පිළිබද, මේ අවංක මිනිස් චර්යාවේ සැබෑ විද්‍යාත්මක විෂය බද්ධ දැනුම අප රටවල එළිපිට ලබා දෙන්නේ කවුද,කුමන ආයතනද ??? මේ සත්‍යය සනාථන මානව චර්යා මිනිසා තවමත් සඟවන්නේ කුමන සාදුත්වයක් ආරක්ෂා කර ගැනීමටද ? 

ජාතික රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෛද්‍ය හෝ සමාජීය විද්‍යා පීඨ මගින්, අප රටවල එළිපිට කතානොකරන, මෙම දැනුම අප රටට නොදෙන තාක් කල් අප මේ අපගේම චර්යා පිළිබද ඇති අනවබෝධය නිසා, අප විසින්ම දැන දැන සිය අතින් ගෙලසිදගන්නා ආකාරයකින් විනාශ කරගන්නේ ද, තවමත් අප යටත්විජිත පඩංගු වැඩවසම් අධ්‍යාපන රාමු තුළ එල්බ ගෙන සිටින විකෘති නුතනත්වයකින් පසුවෙන නිසා මිස අන් කවරකින්ද???

මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර ලග්ගල ගම්මානය පිළිබද කරන ලද අධ්‍යයනකින් මෙයට වසර පනහකටත් පෙර පෙන්වා දුන්නේ, මෙරට තවමත් රාජ්‍යය බලය මිනිසුන් මත ක්‍රියාත්මක කරන්නේ සම්ප්‍රදායික යටත්විජිත වැඩවසම් ගෝත්‍රික ආකාරයෙන් ව්‍යාජ බෞද්ධ  හෝ වෙනත් ආගමික වටිනාකම් යයි පෙන්වමින් ව්‍යාජ සභ්‍යත්ව සදාචාරයක් එළියට දමා ඒ ඔස්සේ රටේ පාලිතය හිලෑ කිරීමට "භිය සහ ලැජ්ජාව" නමැති සභ්‍යත්ව ව්‍යාජ සදාචාර සංස්කෘතික බලයක් දේශපාලන බලය කරගනිමිනි වශයෙනි. මෙයට ඉතාලි දාර්ශනික අන්තෝනියෝ ග්‍රම්ස්කි කියන්නේ, ව්‍යාජ සදාචාර සභ්‍යත්වය දේශපාලකයින් විසින් හුදු සංස්කෘතික බලයක් ලෙස ජනතාව මුලා කිරීමටත් එමගින් පීඩනය ඔස්සේ මර්ධනය කිරීමෙන් ම පාලනය පවත්වාගෙන යාමටත් භාවිත කරන සභ්‍යත්ව සංස්කෘතික බල දේශපාලන ක්‍රමෝපායක් වන බවයි. එය අදටත් මෙතරම් වේගයෙන් මානව සමාජ ප්‍රසාරණය වන ඩිජිටල් අතත්‍ය ජන සමාජයකත් සිදුවන්නේ නම් ඒ රටේ රාජ්‍යය ආණ්ඩුව, අධ්‍යාපනය, නීතිය, සදාචාරය මතු නොව මුලික මිනිස් බැදීම් දෙමාපිය - දරු , ගුරු -ගෝල , යහළු -මිත්‍ර ආදී අන්‍යෝන්‍ය අවබෝධයන් විශ්වාසයන් ඉක්මනින් ම හායනයට පත්වන්නේය.  එවිට පාලකයා සහ පාලිතයා අතර මෙතෙක් තිබු රැහැන ගිලිහී  නිදහසේ පාවෙන්නේය. එනම මානව සෞන්දර්යය ඉක්මවමින් නීතිය ව්‍යාහිචාරයේ  යෙදෙන විට එරටේ ඉතිරිවන්නේ හැගීම් දැනීම් නැති අමුතු විකාර කෘත්‍රිම මෘග තිරශ්චින මිනිස් ප්‍රතිරූපකයින් පිරිසක් පමණි. ඔවුහු නිමක් නැති කෙස්පැලෙන තර්කයේ සහ ම්ලේච්ඡ නීතියේ සරණ මගින් සිය මිනිස් අයිතීන් තහවුරු කරගැනීම මිස අන්‍යෝන්‍ය සහසම්බන්ධ්තාවේ මිනිස් සබදතාවේ රස භංග කර ගනු ඇත. එවිට හෝමෝ සේපියන් සතා රස ආශා භංග විකෘති වාමන අසංවේදී අමානුෂික ජීවියෙකු වනු ඇත. 

1 comment:

  1. හද ගින්දර,
    සෝ ලතැවුම්,
    කෙතෙක් උනත්,
    මින් මතුද,
    මතු කොට විමසා,
    වේදිකාවට,
    ආ යුතුය.

    ReplyDelete

  “Perverted Sex”: Language, Normativity, and Sexual Authenticity “Is ‘Normal Sex’ Just a Social Myth? Rethinking Desire in Sri Lanka” Fake ...