එයා සමලිංගිකයෙක් එයා කොහොමද මහාචාර්‍ය කෙනෙක් වෙන්නේ අපේ පිඨයේ ... !
එහෙම කිවේ අපේ පිඨයේ එක ආචාර්‍යවරයෙක්, ඒ මට - ඒ මගේ ආචාර්‍ය උපාධි පර්යේෂණයට, බ්‍රිතාන්‍යයේ නිව්කාසල් සරසවියේ අධ්‍යයන කටයුතු කරන සමයේ -- මම කරේ - ඩිජිටල් මහජන සම්බන්ධතාව පිළිබද, ඒ ලංකාවේ මිනිසුන් කොහොමද ෆේස්බුක් ඇසුරෙන් විෂම ලිංගික නොවන, සමරිසි සම්බන්ධතා ගොඩනගා ගන්නේ, ඒ ඇයි එහෙම කරන්නේ කියල තමයි ගවේෂණය කරේ.
මම අද "වැඩබිම, වද හිංසනය, අසමානව සැලකීම සහ ලිංගිකත්වය" යන පුළුල් පරිශ්‍රය ඇසුරෙන් කථිකාවක් කරන්නයි මේ ලැහැස්ති වෙන්නේ
මගේ නැගණියක් අලුත බැදුණු වෛද්‍යවරියක් රෝහලක, දරුවට මාස හතරයි, ගෙදරක් තියෙද්දී ඉස්පිරිතාලේ ඉස්සරහම කුලියට චුටි ප්ලැට් එකක් ගත්තේ අලුත සේවයට ගිය නිසා. විනාඩි පහෙන් දරුවට කිරි දෙන්න ඉක්මනට යන්න එන්න පුළුවන් නිසා. වෝඩ් එකේ පිරිමි විශේෂඥ වෛද්‍යවරයා ඉදිද්දී වගේ නෙවේ , ස්ත්‍රී ජේෂ්ඨ වෛද්‍යවරයා දරුවට කිරිදෙන්න ගෙදර යන්න දෙන්නේ නෑ නංගිට. දරුවා පැය ගණනක් අඩනවා. අන්තිමට මහත්තයා වැඩකරන තැන කොළඹ ඉදල රෑ 12ට දුවනවා කිලෝමීටර් 60ක් අම්මට තනිව කර කියාගන්න දෙයක් නෑ, චුටි එකා අඩනවා නොනවත්වා, පැය ගණනාවක් අඩපු දරුවා වත්තන් කරන රෑම වාට්ටුවට අරන් යනවා දරුවා .. එතනත් පැයක් එළියේ තියල, ඇතුලට ගන්න දෙන්නේ නෑ. දරුවා අන්තිමට ක්ලාන්ත වෙලා භ්‍රන්තියට පත්වෙනවා....
අලුත වැඩට ගිය තවත් මගේ සහෝදර වෛද්‍යවරයෙක් වාට්ටුවේ ස්ත්‍රී ජේෂ්ඨ වෛද්‍යවරියගෙන් අමානුෂික විදිහට රෝගීන් සහ අනෙක් සෞඛ්‍ය නිලධාරින් ඉදිරිපිට පුන පුනා වඳ හිංසනයට පත්වෙනාවා ... එයා අන්තිමට දරාගන්න බැරුව මානසික උපදෙස් ගන්නවා ...
තරුණ අවසන් වසර පුහුණු වෙන වෛද්‍ය විද්‍යාර්ථින් රෝහල් වල පැය ගණන් ඉදගන්න දෙන්නේ නැතිව ඇතැම් බොහෝ ජේෂ්ඨ වෛද්‍යවරුන් අතින් වද හිංසනයට ලක්වෙනවා.
පොලිසියේ පහල කණිටු නිලධාරීන්ගේ සිට ජේෂ්ඨ ඉහල ම නිලධාරීන් පුහුණු කරන කොට අපි, මහජනතාවට පොලිසියෙන් සිදුවෙන වද හිංසනය ගැන උගන්වන්න කලින් පොලිසියේ පහල ම නිලධාරීන් පවසන්නේ තමන් කොහොමද ඉහල නිලධාරීන් අතින් කාලයක් තිස්සේ වද හිංසන, ලිංගික හිරිහැර වලට මුහුණ දෙන්නේ කියල.
විශ්වවිද්‍යාල වල විද්‍යාර්ථින් වගේම ආචාර්‍යවරු විශේෂයෙන් ම තරුණ අය ජේෂ්ඨ අයගෙන් ලක්වෙන අතවර ලිංගික කටයුතු වලට වඩා වාචික, මානසික, කායික මෙන්ම වෙනත් සියුම් (කාලය දිගු කිරීම්, සේවා පහසුකම් නොදීම් , අසමානව සැලකීම ... ) හිංසන මගින් මිනිසුන්ට තමන්ගේ ආයතනය වදකාගාරයක් බවට පත්කරලා, එපා වෙලා තියෙන්නේ ඇයි ?
ආයතනයක සේවා දායකයින් සේවා දායකයින් අතර මෙන්ම සේවා ලාභින් අතින් සේවා දායකයින්ටත් මෙහෙම දේවල් සිදුවෙනවා.තෑගී බෝග වගේම අයතා ගනුදෙනු සුහදතා සම්බන්ධතා...
විශේෂයෙන් ම තමන්ගේ තනතුර (බලය), ජේෂ්ඨත්වය, ලොකුකම, කද, බඩ, මහත, නිලය, තලය, පමණක් නොවේ තමන් ඉන්නේ කොයි කදවුරේ ද කියන සාධක මත කණිටු සේවා දායකයින් අපහරණය කිරීම අතින් අපේ රටේ රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශය ඉතාමත් ම්ලේච්ඡ ලෙස මිනිසුන් වද හිංසනයට ලක් කරනවා. මේ බව මගේ සේවාකාලයේත් මගේ පෞද්ගලික අත්දැකීම් වගේම මගේ විද්‍යාර්ථින්, සහෝදර සහෝදරියන් සහ මිතුරන්ගේ අත්දැකීම් වලින් සනාථ වෙනවා.
පිරිමි අතින් ගැහැණියක් වද හිංසනයට ලක්වෙනවා වගේම ගැහැණියක් අතින් පිරිමියෙකු වද හිංසනයට ලක් වීම, ගැහැණියක් තවත් ගැහැණියක් අතින්, පිරිමියෙක් පිරිමියෙක් අතින් .. මේ වගේ මිනිසුන්ට ජීවත්වෙන්න බැරිතරමට හිංසා කිරීම්, අසමානව සැලකීම්, පහර ගැසීම් පෞද්ගලික අංශයේ වගේම ලංකාවේ රාජ්‍ය අංශයේත් කැපී පෙනෙන දෙයක්.
තරුණ අය වැඩි අධ්‍යාපන කුසලතා, සුදුසුකම් එකක් කම්පැණි වල වැඩට ගියාම වයසක ඇතැම් ජේෂ්ඨ මිනිසුන් ඉන්න දෙන්නේ නෑ ඒ තරුණ දක්ෂ මිනිසුන්ට. ලංකාවේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේත් මේ ප්‍රශ්නය හොදටම තියනවා. මගේ පර්යේෂණ වල ගොඩක් ගැහැණු අතින් පිරිමි ලිංගිකව වගේම අනෙකුත් නොයෙක් මාදිලියෙන් අපහරණය වීම බහුලයි අපේ රටෙත් ලෝකයේත්.
රාජ්‍ය විශ්වවිද්‍යාල වල තිබ්බ ලොකුම දේ තමා (දැන් තියෙන නීති ක්‍රියාත්මක වීම නැති කාලේ) ජේෂ්ඨ ආචාර්‍ය වරුන් විසින් ප්‍රියංකර විද්‍යාර්ථින් මෙන්ම විද්‍යාර්ථිනීන් ලිංගික අයතා වද හිංසනයට ලක්වීම. අතීතයට බලපාන ආකාරයට මේ දේවල් මත නිතිය ක්‍රියාත්මක වුනොත් භාගේ දා ලංකාවේ ජනප්‍රිය පාසල් ගුරුවරුන්ගේ සිට විශ්වවිද්‍යාල ආචාර්‍යවරු සෑහෙන පිරිසකට සිරමැදිරි ගත වෙන්න වෙයි.භාගේදා මටත් එක්ක ඒ මම කුණුහරුප කියනවා කියල මට ජේෂ්ඨයින් එකෙක් දෙකෙක් චෝදනා කරලා තියෙනවා.
උගතුන් විතරක් නෙවේ කෙල්ලන්ගේ පස්ස මිරිකන්න ගිහින් රස්සාව නැතිකරගත්තේ .. මගේ ගෙදර හදන්න ගමෙන් ආව තරුණ බාස් කොල්ලෙක් ඉඩම ඉස්සරහින් ගිය ගමේ කෙල්ලෙකුගේ පස්ස මිරිකලා, ලොකු බාස් මට කීව. වසර ගණනාවක් නඩු කියන්න ගියා ලොකු බාස්. කොල්ලට රස්සාව නැති කරේ නෑ.
ලංකාවේ විතරක් නෙවේ පිටරටවලත් හෝමෝ සේපියන් ඉන්න තැන්වල මෙහෙම දේවල් වෙනවා. එංගලන්තයේ මම කෙයා හෝම් සති අන්තයේ චු කක්ක නාල ඇදල තමා ඉගන ගන්න සල්ලි හොයා ගත්තේ . එංගන්තයේ ගම්වල ඉදන් එන වැඩි උගත්කමක් නැති මිනිස්සු තමා කෙයා හෝම් වල වැඩකරන්නේ . වයසක ගැහැණු තරුණ පිරිමි එක්ක නිදියගන්න හරි කැමති. එහෙම එන්නේ නැති කොල්ලන්ට (වෙන රටවල් වලින් එන), වැඩබිමේදී හරියට හිරිහැර කරනවා.
නාකි හැම රැලි වැටිච්ච අත්තම්මලා එක්ක මම ගමන් නොයන නිසා, මාව රිස්සුවේ නෑ එතන හිටිය ඇතැම් අයට. ඉවසලා ඉවසලා බැරිම තැන මම කම්ප්ලේන් කරා ආයතනයට, එහෙම කරේ අන්තිමට ගෑණි මට වැඩ කරන්න බැරිවෙන විදිහට වද හිංසනය කරා, ඒ මානසික රෝහලේ දරුණු රෝගීන් බලාගන්නවට අමතරව උදේ 8 ඉදල රෑ 8 වෙනකල් පැය12ක් ඩිමැන්ෂියා රෝගීන් එක්ක. මට මිනිස්සු ගණනාවකගේ චු කක්ක ම අදින්න දෙන එක ඉවසන්න බැරි වුන තැන මම කම්ල්පෙන් කරා. ඒකෙන් වසර 25ක ඉතාමත් දක්ෂව වැඩ කල ජේෂ්ඨ කෙයාරර් කෙනෙකුට ගෙදර යන්න වුනා.
ඒත් මනෝජ් කොහොමද මහාචාර්‍ය කෙනෙක් වෙන්නේ සමාජ විද්‍යා පිඨයේ එයා හෝමෝ සේක්ෂුවල් කෙනෙක් කිය කියා නොයෙකුත් අපවාද පරිභව කරමින් හිටිය විතරක් නෙවේ, මේ පුද්ගලයා ඒ අංශයේ ගොඩක් තරුණ ආචාර්‍යවරුන්ගේ සේවය අහිමි කරා නොයෙකුත් වඳ හිංසන කරලා, දැනටමත් කරගෙන යනවා එහෙම වැඩ - ඔහු අන්තිමට මහාචාර්‍ය වුනා කොහොමහරි.
ලිංගිකත්වය විතරක් නෙවේ තරුණ මිනිසුන්ගේ දක්ෂතා ඉදිරියේ ඒවා දරාගැනීමට නොහැකි අය ඒ තරුණ මිනිසුන් ආයතනවලින් එපා කරවන්නේ ඉන්න හිටින්න බැරි තරමට වද හිංසනය කරලා, අසමානව කෙණෙහිලිකම් කරලා නොසෑහෙන්න, වැඩබිම තුල ඉන්න බැරිවෙනතරමට නොයෙකුත් දේවල් කරලා
දරන්න බැරි වැඩ පැවරීම්, දරන්න බැරි සල්ලි එකතු කිරීම්, දරන්න බැරි අසමානව සැලකීම් විතරක් නෙවේ, ඔයා ගොඩේ වගේ, ලස්සනට අදින්න, තොල් රතු කරන්න, ඔක්කොම දෙනවනම් ඇයි පොඩි අය දෙන්නේ නැත්තේ කියල මහලොකු සල්ලි එකතු කිරීම් ආයතනයේ සමගිය පෙන්වන්න බොරුවට... මෙහෙම කරලා, ලංකාවේ ඉන්න බැරි වෙන්න තරමට මිනිසුන් වැඩ බිමෙන් විතරක් නෙවේ ගෙදර දොර ගම බිම අතහැරලා රටෙන්ම පන්නගත්ත අපේ ගොඩක් හොද මිනිසුන් මේ රටේ හිටිය - දක්ෂ වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, මහාචාර්‍යවරුන්, කළමනාකරුවන් රට අතහැරලා ගිහිල්ල ඉන්නේ. ඒ අපේ රටේ පල්ලෙහා ඉදල උඩටම එනකල් ඉන්න උගත් නුගත් කියන සියලු දෙනා අතින් වද හිංසනය, අසමානව සැලකීම, ලිංගිකත්වය ( සමරිසි හෝ අනෙකුත් පුළුල් ලිංගික සබදතා විතරක් නෙවේ ) කරන කොටගෙන කෘරත්වය ම්ලේච්ඡත්වය මත අපේ සමාජය සහ සංස්කෘතිය සකස්වෙලා තියෙන නිසා.
උගතුන්, ලොකු ලොක්කන් වෛද්‍යවරුන්, මහාචාර්‍යවරුන් වගේම උසස් විනිසුරුවන් අතින් දේශපාලකයින් අතින් මෙන්ම, නුගත් යයි කියන මිනිසුන් අතින් මිනිසුන්ට මෙහෙම හිරිහැර වෙන්නේ ඇයි ???
මහා ලොකුයි කියන තැන් වල ඉදල මේ දේ වෙනවා - ඒ ඔක්කොම මෙච්චරකල් වුනේ නීතියක් සදාචාරයක් තිබ්බට ඒ දේවල් ව්‍යාජ ව තබා ගනිමින් සියලු අපරාධ කිරීමට රාජ්‍ය බලය භාවිත කරපු නිසා. රාජ්‍ය යනු භුමිය,ජනතාව,ස්වාධිපත්‍යය සහ ආණ්ඩුව යන මේ සියලු මෞලිය සාධක සියල්ල. මේ සියල්ල එහෙම අනීතික බලයක් මත ක්‍රියත්මක වුනේ අධ්‍යාපන ක්‍රමය තුල මිනිසුන්ගේ සැබෑ ප්‍රයෝගික සත්‍යය විද්‍යාව නොකියා ව්‍යාජ සුදු සදාචාර අහංකාර ව්‍යාජ ජාතික මිත්‍යා සභ්‍යත්වයක් මත රාජ්‍ය අතිධාවනය කිරීම. ඒ වැඩවසම් ගෝත්‍රික බල සාධකය සමග මිනිසුන්ට ශිෂ්ඨ අවංක විද්‍යාත්මක තීන්දු තීරණ ගන්නවා වෙනුවට ආයතන තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය, මුල්‍ය වංචා, තමන්ගේ දුෂිත වැඩ ආරක්ෂා කරන මිනිසුන් රැකීම, දක්ෂ අවංක ශිෂ්ඨ ලෙස කැපවෙලා වැඩකරන මිනිසුන් අනාරක්ෂිත කිරීම, ආයතන වලින් පන්නගැනීම ... ආදිය සමග ජාතික විශ්වවිද්‍යාල වල සිට ගමේ පන්සල පල්ලිය විතරක් නෙවේ ගේ ඇතුලේ තිබ්බ අවම සංවර කමත් ව්‍යාජයෙන් ම පවත්වාගෙන ගිය නිසා.
රටක් දේශපාලනික වුනත් නීතියත් අධ්‍යාපනයත් සීමාව ඉක්මවා දේශපාලනික වීම නිරුවත් වීමක් තමා දැන් දැන් මේ අප ඉදිරියේ සෑම දෙසින්ම අනාවරණය වන්නේ, ඉහල ව්‍යාජ උගත්කමේ , පුජ්‍යත්වයේ සිට පහල සමාජය දක්වා ???
අපි ඇත්ත හැමදාම සඟවන රටක් ජාතියක් මෙච්චර කල් ?
නමුත්, තවදුරටත් නුතන ලෝකයේ විශේෂයෙන් ම ඩිජිටල් සමාජීය ජාල ගත ලිබරල් සමාජයක තවදුරටත් සනාථන සත්‍ය වසන් කිරීමේ සීමාව අවසන් ව තිබේ.

I know one senior professor from Peradeniya went abroad on a fellowship. He touched the buttocks of the department secretary. She complained. The day after he took a flight back to Sri Lanka to avoid punishment.
ReplyDelete